අද දින බටලන්ද වධකාගාර උද්ඝෝෂනයෙන් වල දමන ප්‍රශ්නය
නන්දන නන්නෙත්ති විසිනි

1988-1990 කාල පරිඡේදය තුල, හමුදාව පොලිසිය හා පැරා මිලිටරි බලකායන් මෙහෙයවා 60,000ක් තරුනයන් ඝාතනය කල එවක පැවති එක්සත් ජාතික පක්ෂ රජය, එම මර්දන ව්‍යාපාරය සදහා දිවයින පුරා වධකාගාර සිය ගනනක් පිහිටුවා ගෙන තිබිනි. රාජ්‍ය පොහොර නිෂ්පාදන සංස්ථාවට අයත් ව පැවති බටලන්ද නිවාස සංකීර්නය ඉන් එකක් පමනි. එය,1988 ජනවාරි 1දා සිට 1990 දෙසැමිබර් 31 දක්වා වසර දෙකක කාලයක් ක්‍රියාත්මකව පැවතිනි. 1994 බලයට පත් ජනාධිපති චන්ද්‍රිකා බන්ඩාරනායක, සමස්ත රාජ්‍ය මර්දනය පිලිබඳ ප්‍රශ්නය මඟ හැර, මෙම බටලන්ද වධකාගාර ගැන පමනක් අවධානය යොමු කරමින්, එහි පුද්ගලයන් රඳවා තබා ගෙන අමානුෂික වධ බන්ධන පැමිනවීම හා ඝාතනය කිරීම ගැන සහ ඊට වගකිව යුත්තෝ කවරහු දැයි යන්න පිලිබඳව විමර්ශනය කිරීමට කොමිසමක් පත් කලා ය. 1998 මැයි 5දා කොමිසම සිය විමර්ශන වාර්තාව ජනාධිපතිනියට භාර දුන්නේ ය.
ඉන් වසර 27ට පසු, එනම්, පසු ගිය මාර්තු 6දා, අල් ජසීරාවේ මුහුනට මුහුන (Head-to-Head) වැඩ සටහනේ 2022 -2024 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වූ සාකච්ඡාවක් තුල, බ්‍රිතාන්‍ය-ඇමරිකානු සම්මානනීය මාධ්‍යවේදියෙකු සහ කතුවරයෙකු ලෙස ප්‍රකට මෙහ්දි හසන් බටලන්ද ප්‍රශ්නය යලි කරලියට ගෙන ආවේ ය. බටලන්ද වධකාගාරය සඳහා එම නිවාස සංකීර්නය ආරක්ෂක අංශයට පවරා දී, එහි කටයුතු සොයා බැලීමේ වගකීම, එවක ආන්ඩුව විසින් එහි කර්මාන්ත ඇමතිව සිටි රනිල් වික්‍රමසිංහට පවරනු ලැබ පැවතිනි.
කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කර නැති බැවින් එය වලංගු නැති බවට වික්‍රමසිංහ සාකච්ඡාවේ දී තර්ක කලේ ය. ඊට ප්‍රතිචාර දැක් වූ ජාතික ජන බලවේගයේ ආන්ඩුව, මාර්තු 14 දින වාර්තාව සභාගත කලේ ය. ජාතික ජන බලවේගයට සහාය දුන් දේශපාලනික සුලු ධනේශ්වරය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වන් ව්‍යාජ වාම සංවිධාන වාර්තාව සභාගත කර වික්‍රමසිංහට දඩුවම් නියම කිරීම ඉල්ලා උද්ඝෝෂනයක් දියත් කලහ.
පසු ගිය මාර්තු 10දා, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුනරත්නම් පුවත්පත් සාකච්ඡාවට සහභාගී වෙමින්, බටලන්ද කොමිෂන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කර රට පුරා මර්දනයෙන් බැට කෑ ජනතාවට යුක්තිය ඉටු කිරීමේ අවස්ථාවක් ජාතික ජනබලවේගය ආන්ඩුවට ලැබී ඇති බව ප්‍රකාශ කලේ ය. එහිදී ඔහු වික්‍රමසිංහට දඬුවම් දීමේ අවශ්‍යතාව තහවුරු කිරීම උදෙසා ඉදිරිපත් කර ඇති තර්ක මෙබඳු ය. “2022 ගෝඨාභය රාජපක්ෂගේ පලා යාමෙන් පසු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ සිය අතීත භාවිතය තුලම සිටීම. 2022 බලයට පැමිනීමෙන් පසුවත්, ඔහු සමස්ත පොදු ජනතාව මත බදු බර පටවමින් තමන් නියෝජනය කරන සුපිරි පැලැන්තියේ අරමුනු ආරක්ෂා කරමින්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩපිලිවෙල ඉදිරියට ගෙන යාමට කටයුතු කර ඇත. “
මේ සම්බන්ධයෙන් වග කීම පැවරෙන වික්‍රමසිංහ ඇතුලු දේශපාලනඥයෝ, උක්ත රාජ්‍ය මර්දන ව්‍යාපාරය වනාහී, ජවිපෙ විසින් 7000ක් පමන පුද්ගලයන් ඝාතනය කරනු ලැබීමේ තත්ත්වයට රාජ්‍යය විසින් දක්වන ලද ප්‍රතික්‍රියාවයැයි ද, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා එය කල යුතුව තිබුනේයැයි ද තර්ක කරමින්, එහි වගකීම ප්‍රතික්ෂේප කරති. මේ නිසා බටලන්ද ප්‍රශ්නය මතු කරන්නේ නම්, අදාල කාල වකවානුව තුල ජනතා විමුක්ති පෙරමුනේ අපරාධ ගැන ද විමර්ශන කර පියවර ගැනීම අවශ්‍ය බව ඔවුහු කියති.

1986 දී ජවිපෙ, දෙමල ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම නිසා, කොලඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා වූ දයා පතිරන ඝාතනය කල අතර, 1987 අවසන් භාගයේ දී “මවුබිම නැත්නම් මරනය“ යන ෆැසිස්ට් සටන් පාඨය පෙරට දමා ගෙන ප්‍රහාර මාලාවක් දියත් කලේ ය. 1988 ජනාධිපතිවරනයේ දී හා 1989 පාර්ලිමේන්තු මැතිවරනයේ දී ඡන්දය පාවිච්චි කරන ඡන්දදායකයන්ට මරන දඩුවම නියම කල අතර, රජයේ රූපවාහිනියේ සහ ගුවන් විදුලියේ ප්‍රවෘත්ති කියවීම හා පුවත්පත් කියවීම ද තහනම් කර, එය නො පිලිගත්තවුන් මරාදැමී ය. “පලමුව මවු බිම දෙවනුව වැඩ බිම“ යනු එය කම්කරු පන්තියට එරෙහිව ගෙන ආ සටන් පාඨයයි. මෙසේ කම්කරුවන් හා සෙසු පීඩිතයන් බලහත්කාරයෙන් තම සටනට නතු කර ගැනීමට යත්න දරමින් ජවිපෙ සටන් කලේ සුලු ධනේශ්වරයේ අවශ්‍යතාවන් සඳහා ධනේශ්වර ජාතික රාජ්‍යය මෙහෙයවා ගැනීමට ය. මෙසේ යූඇන්පී ආන්ඩුව සිය භීෂනය ජවිපෙ භීෂනයෙන් සාධාරනීකරනය කිරීමට දරන ප්‍රයත්නයේ සත්‍යය නම්, ජවිපෙ ත්‍රස්තවාදී දේශපාලනයට සමාව දිය නො හැකි වූවත්, ආන්ඩුව අසරන තරුනයන් 60,000 ඝාතනය කලේ ප්‍රතිගාමී ධනේශ්වර රාජ්‍යයේ පැවැත්ම වෙනුවෙන් මිස මහජන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට නො වන බව යි.
ජවිපෙ දේශපාලන නායකත්වය දෙන ජාතික ජන බලවේගයේ ධනපති ආන්ඩුවට ද, එම රාජ්‍ය මර්දනයට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ වැඩ පිලිවෙලක් හෝ අවශ්‍යතාවක් නැත. ජවිපෙ රාජ්‍ය මර්දනය හා ඝාතන ව්‍යාපාරය පිලිබඳ ප්‍රශ්නය අමතක කර බොහෝ කල් ය. සුලු ධනේශ්වර මංමුලාවේ තර්කානුකූල අන්තයට ම ගමන් කරමින් සිදු කල අපරාධවලින් පසු ජවිපෙ 1994 දී විවෘත ධනපති පක්ෂයක් බවට පත් විය. අනතුරුව එය ධනපති හවුල් ආන්ඩුවල ඇමති පදවි දරමින් සිටියේ ය. එතැනින් නො නැවතුනු ජවිපෙ රනිල් වික්‍රමසිංහ සමඟ ඉහත භීෂන සමයේ හමුදා ප්‍රධානියෙකු ව සිටි ජෙනරාල් සරත් පොන්සේකාගේ මැතිවරන ව්‍යාපාරයට සහයෝගය දුන්නේ ය. තව ද, 2015 බලයට පත් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දැරූ ආන්ඩුවට සහයෝගය දුන් ජවිපෙ, එදා ඊනියා ව්‍යවස්ථාදායක සභාවේ වික්‍රමසිංහ රජයේ නියෝජිතයන් සමඟ අසුන් ගත් අතර, 1987 – 89 සමයේ ඝාතනය කෙරුනු 60,000 ක් තරුනයන් සම්බන්ධයෙන් හෝ, අද ඔවුන් කතා කරන බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් හෝ කිසිදු හඬක් එහි දී නො නැඟීමට ඔවුහු ප්‍රවේශම් වූහ. මේ වන විට ජාජබ ආන්ඩුව, ඉහත සඳහන් රාජ්‍ය භීෂනයේ වගකීම් දැරූ නිලධාරීන්ට නොමසුරුව සිය රජයේ වගකීම් පවරා ඇත.

2024 දී මැතිවරනයෙන් ආන්ඩුව දිනා ගත් ජාජබය, ආර්ථික හා දේශපාලන අර්බුදයේ ගිලීි සිටින ධනපති රාජ්‍යය ආරක්ෂා කර පවත්වා ගැනීමේ වගකීමට උර දී සිටී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මග පෙන්වීම යටතේ බදු ඉහල දමමින්, වියදම් පියවා ගැනීම සදහා රාජ්‍ය ව්‍යවසායන් විකුනා දමමින්, රැකියා කප්පාදු කරමින්, රාජ්‍ය සුභසාධන අංශය දුර්වල කර පෞද්ගලික අංශය ශක්තිමත් කිරීම එහි කාර්යභාරය යි. රට ගොඩ නැගීමේ නාමයෙන් ඉදිරිපත් වන මෙම වැඩ පිලිවෙල ක්‍රියාවට දැමෙන්නේ මුලුමනින් ම කම්කරුවන් සිසුන් හා සෙසු පීඩිතයන්ගේ වියදමිනි. ආන්ඩුව, පාර්ලීමේන්තු මන්ත්‍රී හා ඇමති වරප්‍රසාද යම් තරමකට කපා හරිමින්, වියදම් අඩු කර ගැනීමේ තම ආදර්ශය අනුගමනය කරන ලෙස පීඩිත ජනයාට බල කරමින් සිටී. ප්‍රජාතන්ත්‍රීය ඉල්ලීම් වෙනුවෙන් පැන නගින කම්කරු අරගල ඇතුලු මහජන අරගල කුමන්ත්‍රන ලෙස නම් කරමින් කම්කරුවන් ගන්නා වැටුපට සේවය නො කර මහජන බදු මුදල් ගිල දමන පිරිසක් ලෙස නම් කරමින්, ආත්මාර්ථකාමී සුලු ධනේශ්වරය ඔවුන්ට විරුද්ධව උසි ගැන්වීම සිදු කෙරෙන්නේ එම පිලිවෙතෙහි අවශ්‍යතාවක් ලෙසිනි. ආන්ඩුව රට ගොඩ නැගීම ලෙස අදහස් කරන්නේ මෙම සැලසුම ක්‍රියාත්මක කිරීම ය. රටේ ආර්ථිකය ගොඩ ගැනීම ගැන ඔවුන් කරන කථාවල අර්ථය රටේ ධනපතියන්ගේ ලාභ කඳු ගැසීමේ අවස්ථා සලසමින් දුගියාගේ ආර්ථිකය එහි ඇට මිදුලු කරා සූරා ගැනීමට ඔවුන්ට නිදහස් අවකාශයක් සලසා දීමයි. මේ වැඩ පිලිවෙල සමඟ සමාන්තර ව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ කිසියම් ම හෝ ව්‍යාපෘතියක් පැවැත්වීමේ ශක්‍යතාවයක් නො පවතී.
ජවිපෙ කිසි දා ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිලිබඳව තැකීමක් කල පක්ෂයක් වූයේ නැත. 1987-1990 කාලයේ ජවිපෙ ‘පලමුව මවු බිම දෙවනුව වැඩ බිම’ යන සිය සටන් පාඨයට යටත් නොවූ මිනිසුන් ඝාතනය කලේ ය. ජවිපෙ නායකත්වය දෙන වත්මන් ආන්ඩුවේ රට ගොඩ නැගීම යන ආදර්ශ පාඨය ඊට වඩා අඩු නපුරක් වීමට හේතුවක් නැත. එදා මෙන් නො ව අද එය රාජ්‍ය බලය සහිත ව්‍යාපාරයකි.
මෙම තතු යටතේ, 1988-1990 රාජ්‍ය භීෂනයට විකල්ප වැඩ පිලිවෙලක් තිබුනේ ද යන ප්‍රශ්නය අතිශය අදාල වන්නේ ය. ආන්ඩුවට සිය සාපරාධී ප්‍රහාරය නිර්බාධිතව එල්ල කල හැකි වූයේ හුදෙක් හමුදාවේ හා පොලිසියේ අවි බලය නිසා නො වේ. ඒ වන විටත් කම්කරු පන්තිය තුල බලපෑම් සහගතව සිටි ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, නව සමසමාජ පක්ෂය හා වෘත්තීය සමිති නිලධරය, ජවිපෙ ප්‍රහාරවලට විසඳුම් ලෙස, ආන්ඩුවේ ක්‍රියා කලාපය අනුමත කර කම්කරු පන්තිය ඊට යටත් කර තැබීමට ක්‍රියා කලෝය. ජවිපෙ ෆැසිස්ට් ප්‍රහාරවලින් ආරක්ෂා වී ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීමට කම්කරු පන්තියට පැවති එකම මාවත තමන් අනුගමනය කිරීම බව කියා සිටි ඔවුහු, අවි ආයුධ ඇතුලු රාජ්‍යයේ ආරක්ෂාව ඉල්ලා සිටිමින් රාජ්‍ය මර්දනය සමඟ පෙල ගැසුනෝ ය. 60,000ක් තරුන ඝාතනවලට ඉඩ සලසා දුන්නේ මෙම ප්‍රතිගාමී ධනේශ්වර ගැති පිලිවෙත යි.
ඊට ප්‍රතිකූලව, 1988 නොවැම්බර් මාසයේ දී, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (වත්මන් සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමී සංවිධානය) ජවිපෙ හා ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහි ව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීම සඳහා ඉහත සඳහන් කම්කරු සංවිධානවල එක්සත් පෙරමුනක් සඳහා කැඳවීමක් කලේ ය. ඒ සඳහා පාලක එජාපය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය යන ධනේශ්වර පක්ෂවලින් බිඳී වෙන්වන ලෙස එම පක්ෂවලට යෝජනා කලේ ය. එවන් පෙරමුනක් මගින්, කම්කරු ගොවි ක්‍රියාකාරී කමිටු හා ඒවා යටතේ ක්‍රියාත්මක වන ආරක්ෂක හා සුපරික්ෂාකාරී කමිටු ගොඩ නගමින් මහා වැඩ වර්ජන, පිකට් වැට, ෆැක්ටරි වාඩිලා ගැනීම් වැනි පන්ති ක්‍රියා සංවිධානය කල යුතුව තිබිනි.

එහෙත් එම පක්ෂ නියෝජනය කරමින් ප්‍රතිචාර දැක් වූ නසසපය එවන් පෙරමුනක් සඳහා ශ්‍රී ලංකා මහජන පක්ෂය ද ඒකාබද්ධ කර ගැනීමට යෝජනා කලේ ය. කම්කරු පන්තිය ධනපති පක්ෂ සමග සංධානගත කල මහජන පෙරමුන කම්කරු පන්තිය ලේ විලක ගිල් වූ අවස්ථා ඉතිහාසයට එක් වී ඇත්තේ වරක් දෙවරක් නො වේ. එය 1936- 1937 ස්පාඤ්ඤයේ ෆ්‍රැන්කෝගේ ෆැසිස්ට් තන්ත්‍රයට මග පෑදූ අතර, 1933 දී ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය එක්සත් පෙරමුන ප්‍රතික්ෂේප කර ජර්මනියේ හිට්ලර්ගේ ෆැසිස්ට් තන්ත්‍රයට ඉඩ කඩ විවර කලේ ය. මෙම අත් දැකීම් මත පදනම් වූ විකොස, නසසප යෝජනාව එක හෙලා ප්‍රතික්ෂේප කලේ ය.
මහජන පෙරමුනුවාදයේ දේශපාලනය ධනපති තන්ත්‍රයට බැගෑපත් වීම හා බලපෑම් මගින් රැකවරන පැතීම ය. විකොස නසසප යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කල පරිදි, “ප්‍රථම කොට ම එය, (එක්සත් පෙරමුන ප්‍රතික්ෂේප කිරීම) තම පන්ති සතුරාට එරෙහිව කම්කරු පන්තිය විසින් ගනු ලබන ප්‍රායෝගික පියවරයන්ගේ ක්‍රියාකාරී සංවිධානයට පරම හතුරු ක්‍රියාවකි. දෙවනුව එය ධනපති ක්‍රියාමාර්ග මත තනන ලද පෙරමුනුවලට කම්කරු පන්තිය බැඳ තබයි. කම්කරු පන්තිය දුර්වල කොට දේශපාලනිකව නිරායුධ කරයි. කම්කරු පන්තිය සහ දූගී ගොවීන් ලේ විලක ගිල්වීම සදහා පන්ති සතුරාට අවස්ථාව නිර්මානය කර දෙයි.“ (ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයෙහි ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්- පිට 155) මෙම අනතුරු ඇඟවීම සියයට සියයක නිරවද්‍යතාවකින් සනාථ කෙරී ඇත. එය එසේ සිදු වූයේ කම්කරු පන්තිය ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සදහා සටන් කිරීමට තමන් සූදානම් බව ප්‍රකාශයට පත් කර තිබිය දී ය.
ඌව පලාතේ ඒස්ලැබේ වත්තේ කම්කරුවෝ එහි ෆැක්ටරි ගිනි තැබීමට පැමිනි ජවිපෙ පලවා හැරීමට පෙරට ආහ. ජාතික ආර්ථිකයේ මර්මස්ථානය වන මහ බැකු සේවක සංගමය විකොස විසින් දිනාගෙන ලැබ පැවතුනි, ලංකා ගුරු සංගමය විකොස යෝජනාව ඒකඡන්දයෙන් සම්මත කලා ය. ඉපැරනි ම සමාගමක් වන වෝකර්ස් සමාගමේ (Walker Sons and Company) සමසමාජයට අයත් වෘත්තීය සමිති ශාඛාව විකොස යෝජනාව ඒකමතිකව සම්මත කලේ ය. රෝලන්ඩ් සමාගමේ (Rowlands and company) ලංකා වෘත්තීය සමිති සම්මේලනයට අනුබද්ධ ලංකා ඉංජිනේරු කම්කරු සමිති ශාඛාව ද විකොස යෝජනාවට සහාය දිය යුතු යයි ඒකමතිකව තීන්දු කලේ ය. රවී බුරුසු, හේකාබ් සංගම්වල කම්කරු කන්ඩායම් එම අරගලය සඳහා කම්කරුවන් දිනා ගැනීමට විකොස සමග පෙල ගැසුනහ. විකොස කැඳවුමට අනුග්‍රහය දැක් වූ හලාවත ධීවර කන්ඩායමක් 1999 අප්‍රේල් මාසයේ රැස්වී එක්සත් පෙරමුනු යෝජනාවට සහාය පල කලහ. ආන්ඩුවට දහස් ගනනක් ජීවිත බිලි ගැනීමට හැකි වූයේ මෙම සූදානමට එරෙහි වූ අවස්ථාවාදී පක්ෂ සහ වෘත්තීය සමිති නායකත්වයන්ගේ අනුග්‍රහයෙන් ය.
වර්තමාන කම්කරු පන්තිය හා තරුනයන් මෙම පාඩම්වලින් සන්නද්ධ වීම තීරනාත්මක ය. ආර්ථික හා දේශපාලනික ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන ප්‍රහාරයේ පදනමේ පවතින්නේ ගැඹුරු අර්බුදයේ කිඳී සිටින ධනපති පන්තිය, කම්කරු පීඩිතයන්ගේ ජීවිත ඇට පොත්තට ම සූරා ගැනීමට දරන ප්‍රයත්නයයි. රාජ්‍ය භීෂනයේ උල්පත එයයි. ඒ අනුව, ධනපති පන්තියට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් හා යුක්තිය දිනා ගැනීම වූ කලී, සූරාකෑම සඳහා ධනපති පන්තියට ඇති අයිතියට අභියෝග කිරීමෙන් තොරව සාක්ෂාත් කල හැක්කක් නොවේ. කවර ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් උල්ලංඝනය කිරීමට එරෙහිව වේවා එල්ල කෙරෙන සැබෑ විරුද්ධත්වයක් මේ යුගයේ නොවැලැක්විය හැකි පරිද්දෙන් ධනපති පන්ති ආධිපත්‍යයේ සුජාතභාවය පිලිබඳ ප්‍රශ්නය නිසැකව මතු කරනු ඇත. ඒ අනුව, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගෙන යනු ලබන ඕනෑම අරගලයක් සඳහා, ධනපති පන්ති සංවිධානවලින් ස්වාධීනව වැඩපොල, කම්කරු නිවහන් ප්‍රදේශ හා ගම්බද පීඩිතයන් අතර කම්කරු ගොවි ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම ආකාරයෙන් විනා එය සිදු කල හැකි වෙනත් විකල්ප ක්‍රමයක් නැත. එවන් අරගලයක් හුදෙක් ප්‍රජාතන්ත්‍රවාදය නො ව සමාජ නිෂ්පාදනය මත පුද්ගලික ආධිපත්‍ය අහෝසි කොට සමාජ අවශ්‍යතාව උදෙසා සැලසුම් කරන සමාජයක් දක්වා වර්ධනය වීමට නියමිත ය. සසප (වම) ඒ සඳහා පූර්න සහයෝගය ලබා දීමට සැදී පැහැදී සිටී.