නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 6-1
බර්න්හැම්ට කිසි දිනෙක පක්ෂයේ නිර්ධන පාන්තික පාර්ශ්වයේ කවර හෝ පෞද්ගලික එදිරිවාදුකමකට මුහුණ දීමට සිදු වී නැත. සත්‍යය එහි ප්රතිවිරුද්ධයයි. වාර්තාවලින් ප්‍රමාණවත් ව පෙන්වා දෙනු ලැබෙන පරිදි සෑමවිටෙක ම ඔහු සමඟ ගනුදෙනු කෙරුනේ ඉතා මෘදු ආකාරයකිනි. …. ඔහුගේ ගුණාංග හා හැකියාවන් සඳහා ඉහළ ම මට්ටමේ අගය කිරීමක් ලැබුණු අතර, … ඔහු වඩාත් පරිපූර්ණ ආකාරයෙන් පක්ෂ ජීවිතය තුලට ඇද ගැනීමට සුවිශේෂී ප්රයත්නයන් දැරිණ. ඒ අතරතුර ම, වඩාත් අත්දැකීම් සහිත හා දැනුම් තේරුම් සහිත සහෝදරවරු ඔහු අස්ථිර ස්ථානයක සිටින බවත්, ඉක්මණින් හෝ කල් පසු වී හෝ ඔහුට මුළු දුර ගෙවා අප සමඟ එක්වීමට හෝ ධනේශ්වර ලෝකය කරා පෙරලා යාමට හිත හදා ගැනීමට සිදුවනු ඇති බවත් දැන සිටියෝය. අවසානයේ පැමිණි නො වැලැක්විය හැකි තීරණය ඔහුගේ ම නිර්මාණයකි. …. Read more