Politics & Economy

ඉරානය මිහි මතින් අතු ගා දැමීමට ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ සමුලුව හමුවේ තර්ජනය කිරීම ධනපති ක්‍රමයේ මරලතෝනියේ ප්‍රකාශනයකි

ඉරාන “ඉස්ලාමීය ජනරජය සම්පූර්නයෙන් නැති භංග කර දමා, ගැලවීමට මොනම අවස්ථාවක්වත් නැති අපායට ඔවුන් තල්ලු කරන්නේ ද” යන්න ගැන තමන් තීරනයක් ගනිමින් සිටින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සැප්තැම්බර් 22 වන අගහරුවාදා එක්සත් ජාතීන්ගේ 81 වන මහා මන්ඩලය අමතා පැවසීය.

ට්‍රම්ප්ගේ කථාවේ අඩංගු අලුත් දේ වනුයේ, මිලියන 93 ක ජාතියක් මිහිමතින් ”අතු ගා දැමීමට”  ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ තර්ජනය කිරීමේ දී ඔහු විදහා දක්වන මෘග විවෘතභාවයයි. ප්‍රවේශමෙන් තෝරා බේරා ගත් මිනීමරු වචන වලින් සිය ඝාතන අභිප්‍රාය එලිපිට ප්‍රකාශයට පත් කිරීමේ මෙම ව්‍යායාමයට කිසියම් හෝ පූර්වාදර්ශයක් වී නම්, ඒ, මීට වර්ෂ 85 කට වැඩි කලෙකට ඉහත දී ඇඩොල්ෆ් හිට්ලර් සෝවියට් සංගමයට එරෙහිව ”වර්නිච්ටුන්ස්ක්‍රීග්” (Vernichtungskrieg – සමූලඝාතන) යුද්ධය සම්බන්ධයෙන් කල සාකච්ඡාව පමනි.

එහෙත් මෙම තර්ජනය හමුවේ විරෝධය පා සභා ගැබෙන් නැඟිට ගියේ ඉරානයේ සහ කියුබාවේ නියෝජිතයන් පමනෙකි. යුරෝපීය නියෝජිතයන් නිහඬව වාඩි වී සිටීමෙන් හා සමුලුවේ මුලසුන දැරූ බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා ඇමරිකානු ජනාධිපතිට ස්තුතිය පල කිරීමෙන් සනාථ වන්නේ, සමස්ත ජනගහනයන් එහැම පිටින් මිහිතලයෙන් අතු ගා දැමීම යන මාතෘකාව දැන් ලෝක ධනපතියන්ට සාමාන්‍ය කාරනයක් බවට පත්ව ඇති බවයි. 2026 දී එක්සත් ජාතීන්ගේ සංගමයේ මහ සමුලුව එපරිද්දෙන්, යුද්ධය ක්‍රියාකාරීව සැලසුම් කරන මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත. ….  Read more