Class struggles

Class struggles

මීගමුව බන්ධනාගාර ඛේදවාචකය: ඉරි තලා ගිය පද්ධතිය හා කම්කරු පන්තිය

සම්පූර්න රැඳවියන් සංඛ්‍යාවෙන් නීත්‍යානුකූල නඩු විභාගයකින් වැරදිකරුවන් වූ අය සිටින්නේ 30% ක් (10, 509) පමනෙකි. ඉතිරි සියයට 70 ම – 24,256 – රිමාන්ඩ් භාරයේ සිටින්නන් ය. මේ අතර වැඩි දෙනා ඇප තැබීමට, නීතිඥයන්ට විය පැහැදම් කිරීමට හා තමන්ට නියම වුනු දඩය ගෙවීමට මුදල් නොතිබූ හෙයින් සිරගත වූවන් ය. ..

බන්ධනාගාර සැමන් ටින් මෙන් පුරවන ලද්දේ “පාතාලය සහ මත්ද්‍රව්‍ය උවදුර අවසන් කිරීමට“ ය. නමුත් වඩවඩාත් ප්‍රචන්ඩ ස්වභාවයෙන්; දේශපාලනඥයාගේ හා ආරක්ෂක නිලධාරීන්ගේ සිට සදාචාරවාදයේ හා විමුක්තියේ මාර්ගෝපදේශකයා ලෙස පෙනී සිටින ආගමික සංස්ථාව දක්වා ම, ඒ සියල්ල අලලා ගෙන මෙම තත්වය පැතිරී ඇත. ගුවන් නියමුවන් මත් වී ගුවන් යානා පදවා මිනිස් ජීවිත අනතුරේ හෙලීමේ සිද්ධි ගැන ද දැන් වාර්තා වේ. බන්ධනාගාරය තුලට මත් කුඩු, දුරකථන ගෙන යන්නේ නිලධාරීන්ගේ කලු කඩය බව නො දන්නා දෙයක් නො වේ. …

ලංකාවේ ඉහලම ධනවතුන් සියයට 1 අත ජාතික වත්කම්වලින් 31% ක් ඒකරාශී වී පවතී. ජනගහනයේ අඩු වත්කම් සහිත දෙකෙන් පංගුව අත ඇති වත්කම් සමුච්චය සියයට 4 කට වඩා අඩුය. තරුනයන් ඉදිරියේ ඇත්තේ රැකියා නැති, ගෙයක් දොරක් නැති, බලාපොරොත්තුවක් නැති අනාගතයකි. … Read more

Class struggles

අව්‍යාජ කම්කරු පාන්තික සටන්කාමියා

අඩ සියවසක් පුරා සප්‍රතිපත්තික අරගලයක වාර්තාවක් දරන ආර්. අමරතුංග සහෝදරයා අද සිය 83 වන ජන්ම දිනය සමරයි.

ප්‍රතිපත්ති හා මූලධර්ම ආරක්ෂා කිරීමේ දී ඉන්ද්‍රඛීලයක් වන් කම්කරුවෙක්, මනස්කාන්ත මිනිසෙක්, අව්‍යාජ විප්ලවවාදියෙක්, ආදරවන්තයෙක්, ලෙන්ගතු මිත්‍රයෙක් යන සෑම භූමිකාවකම තමන් දන්නා කියන හැමගේ හද දිනූ අමරතුංග සහෝදරයා නව පරම්පරාවන්ට ජිවිතය කියා දීම සඳහා වටනා මොඩලයකැයි අපට සිතේ. … Read more

Class struggles, Science & Arts

දීපචෙල්වන්ගේ පොත් සියල්ල වහා මුදා හරිනු!

ලේඛක දීපචෙල්වන් ප්‍රදීපන් ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා ඇති ඔහුගේ පොත් හතරක පිටපත් 360 ක් නිදහස් නොකොට රේගුවේ තබා ගැනීමත්, ධනපති ජාජබ ආණ්ඩුවේ සංස්කෘතික ඇමතිවරයාගේ නියෝග මත ඒවා නිදහස් කිරීම ආරක්ෂක අමාත්‍යංශයේ අභිමතයට යටත් කිරීමත්, කලාවට එරෙහි රුදුරු රාජ්‍ය මැදිහත්වීමේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. …

දීපචෙල්වන් ප්‍රදීපන් යුද සමයේ උතුරේ ජීවත් වූවෙකි. ඔහුගේ කලා කෘතීන්ට විෂය වී ඇත්තේ තමා අත්දුටු යුද්ධයේ කෲරත්වය හා ඒ හා බැඳුනු මානව ඛේදවාචකයයි. මේ ඊනියා විචාරකයන්ගේ අදහසට අනුව ඔහුට ඒවා තමා දුටු ආකාරයෙන් කලාත්මකව ප්‍රතිනිර්මාණය කල නොහැකිය. එනම්, ඔහු ලිවිය යුත්තේ ආන්ඩුවට අවශ්‍ය ආකාරයට ය. … Read more

Class struggles, Politics & Economy

මැද පෙරදිග යුද ගින්නෙන් ඇවිලෙන ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය, මර්දනය සහ පන්ති අරගලය

තවමත් 22.4% සීමාවේ පවතින දරිද්‍රතාව යුද්ධය ඇදී ගියහොත් තවත් උග්‍ර වනු ඇත. මෙලෙසින් සිදු වන්නේ පවතින අර්බුදය උග්‍ර වීම ය. කිසිදු ධනපති ආන්ඩුවකට මෙම ව්‍යසනයෙන් මහජනයාට ආරක්ෂාව සම්පාදනය කල නො හැකි ය. ඒ වෙනුවට, ආන්ඩුව ධනපති ව්‍යවසායකයන් හා රාජ්‍යයයේ  පැවැත්ම උදෙසා දිවි පරදුවට තබනු ඇත. …

යුද්ධය යනු යල් පැන ගිය ධනවාදය පෙරලා දැමීමට ලැබුනු අවස්ථා අප විසින් මග හරිනු ලැබීමට ඉතිහාසය ලබා දුන් දඬුවමයි. එකකට පසු එකක් ලෙස පැන නගින යුද්ධදාමය ඕනෑම මොහොතක ලෝක මහා යුද්ධයක් බවට පරිවර්තනය වීමේ හැකියාව දරයි. …Read more

Class struggles, Science & Arts

නතාෂා එදිරිසූරියගෙන් ස්තුතිය පළ කිරීමේ සටහනක්

“ගමන තවමත් නිමා වී නැති බව මම දනිමි. තවමත් කළ යුතු දේ බොහෝ ය. ඔබේ දිරි ගැන්වීම, ඔබේ සහයෝගය, සහ හරි දේ වෙනුවෙන් නැඟී සිටීමට ඔබේ ඇති කැමැත්ත තවමත් සියලු අරුතින් වැදගත් ය. මා නැඟී සිටින්නේ තනිව ම නො වන බව දැන සිටීම, සියල්ල වෙනස් කිරීමට ඉවහල් වනු ඇත.”… Read more

Class struggles

නතාෂා අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බව පොලිසිය පිළිගනියි

සිවිල් ක්‍රියාකාරිනියක සහ ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය මෙනෙවිය බුද්ධාගමට අපහාස කළේයැයි ද, ආගමික සමගියට බාධා පැමිනවීම හා වෛරය පැතිරවීම සිදු කලේයැයි ද බොරු චෝදනා නඟමින් ICCPR පනත යටතේ අත්අඩංගුවට ගෙන, සති 6ක් රඳවා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ස්ථානාධිපති එම් එම් යූ සුබසිංහ මහතා ලිඛිතව කණගාටුව පළ කර ඇත.

මෙම කලාකාරිනියට එරෙහි ව්‍යාජ චෝදනා ගොනු කිරීම සඳහා ආන්ඩුවේ බෞද්ධ කටයුතු කොමසාරිස් හා ආගමික අන්තවාදී නඩ ක්‍රියා කළ අතර, ධනපති ජනතා විමුක්ති පෙරමුන(ජවිපෙ) හා ඉන් බිදී ගිය ව්‍යාජ-වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ද නතාෂාට හා ඇගේ කලාවට එරෙහිව ඒ පසුපස පෙළ ගැසී ගත්හ.

නතාෂාට එරෙහි මර්දනය හමුවේ ජනතා විමුක්ති පෙරමුණේ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අන්ත ප්‍රතිගාමී ක්‍රියාකලාපය හෙළිදරව් කරමින් 2023 ජූලි 6 වන දින thesocialist.lk වෙබ් අඩවියේ පළ කරන ලද නන්දන නන්නෙත්තිගේ ලිපිය මෙහි උපුටා දක්වන්නේ වත්මන් වර්ධනයන් හමුවේ ඔවුන්ගේ ක්‍රියා කලාපයේ ජුගුප්සාජනක ස්වභාවය වඩාත් ඉස්මතු වී පෙනෙන හෙයිනි. … Read more

Class struggles, Politics & Economy

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ භූ කම්පනය යුරෝපය දෙදරුම් කවයි: ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමේ ඇමරිකානු උත්සුකය සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ “ගිනි කඳු පිපිරීම” නව සහ විශේෂයෙන් පුපුරණ සුළු අවධියකට පිවිස ඇත.ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ලෙස නැවත පත් කිරීමෙන් වසරකට පසු, එක්සත් ජනපදයේ ආක්‍රමණශීලී විදේශ සහ මිලිටරි ප්‍රතිපත්තිය ඔවුන්ගෙන් යැපෙන රටවලට සහ ප්‍රකාශිත විරුද්ධවාදීන්ට එරෙහිව පමණක් නොව, යුරෝපයේ තමන්ගේම සහචරයින්ට එරෙහිව ද වඩවඩාත් උත්සන්න කෙරෙමින් පවතී. ….Read more

Class struggles, Politics & Economy

අධිරාජ්‍යවාදයට එරෙහිව හා ඉරානයේ කම්කරු බලය සඳහා අරගලය – 3

1991 පටන් මැද පෙරදිග තුල වොෂින්ටනය විසින් දියත් කරන ලද යුද්ධ හා ප‍්‍රචන්ඩත්වයන්, ලෝකය තුල ඇමරිකානු අධිරාජ්‍යවාදය දරා සිටින ස්ථානයේ පරිහානිය ආපසු හැරවීමට සමත් වී නැත. … ඇමරිකානු අධිරාජ්‍යවාදීන් විසින් මුල පුරන ලද පැරනි පර්යාය වෙනුවට, කලාපය යලි බෙදා වෙන්කිරීමේ ලේ වැකි ප‍්‍රයත්නය දැන් දිග හැරෙමින් පවතී.

මැද පෙරදිග ඛනිජ තෙල් සම්පත් ද, යුරේසියාව, අප‍්‍රිකාව හා ඉන්දියානු සාගර කලාපය මත මූලෝපායාත්මක ආධිපත්‍යය සඳහා එහි භූගෝලීය පිහිටීමේ ඇති වැදගත්කම ද සැලකිල්ලට ගත් කල, මෙකී යලි බෙදීමේ ප‍්‍රතිඵලය සිය මූලෝපායික තත්වය හා අනාගත සෞභාග්‍යයන් කෙරේ ඉමහත් වැදගත්කමකින් යුතු වන්නේ, හුදෙක් ඊස්රායලය හා සවුදි අරාබියේ සිට තුර්කිය හා කටාර් දක්වා වූ කලාපයේ සියලු රාජ්‍යවලට පමනක් නොවේ. වඩාත් භාරදූර හා පුපුරන සුලු ආකාරයකින් එය ඇමරිකාව, ජපානය හා ජර්මනියේ සිට චීනය හා රුසියාව දක්වා ලෝකයේ සියලු ප‍්‍රමුඛ බලවතුන්ට ද තීරනාත්මක වැදගත්කමකින් යුතුය.

ඉස්ලාමිය ජනරජය හසු වී ඇත්තේ, ලෝක ගෝලීය ආර්ථික හා භූ දේශපාලනික අර්බුදයේ මෙම දිය සුලියටය. ප‍්‍රධාන බලවතුන් සමග උපාමාරු දැමීමටත්, අධිරාජ්‍යවාදය හා කම්කරු පන්තිය අතර තුලනයක් පවත්වා ගැනීමටත් ඉරාන ධනේශ්වරයට ඇති ඉඩ කඩ වේගයෙන් වියැකී යමින් පවතී.

ඉරාන ධනේශ්වරයට මෙම සුලියෙන් එලියට පැන ගත හැකි මගක් නොවේ. වඩාත් නිවැරදි ලෙස කියන්නේ නම්, එලියට පැමිනීමට ඇති, එහි මූලික පන්ති උත්සුකයන්ට අනුරූප වන මාවත්, ඉරානයේ හා සමස්ත කලාපයේම කම්කරු පන්තියේ හා වැඩකරන ජනයාගේ උත්සුකයන්ට සතුරු වන අතර, ඒවායින් අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය දුබල කෙරේ. …Read more

Class struggles

මිනිඇපලස්හි හෙද නිලධාරියා ඝාතනය

ප්‍රිටි ඝාතනය වූ කලී, ICE බලකාය විසින් සිය ප්‍රාන්තය ග්‍රහණයට ගෙන සිටීමට හා එහි ක්‍රියාත්මක පොලිස් රාජ්‍ය තතුවලට එරෙහිව ඊට ඉහත දිනයේ මිනසෝටාහි ලක්ෂයකට අධික ජනයා පෙළපාලි දැක්වීමට එරෙහිව දැක්වුණු ට්‍රම්ප්ගේ අපරාධකාරී තන්ත්‍රයේ ප්‍රතික්‍රියාව විය.

ඇමරිකානු ඩොලරයේ අගය කිසිදා කිසිවෙකු විසින් පෙර නො දක්නා ලද මට්ටමකට ඇද වැටී ඇත. කෙටි කලෙකට ඉහත දී ලෝක මූල්‍ය කතිපයාධිකාරීන් තිගස්සවමින් රන් අවුන්සයක අගය ඇ. ඩොලර් 4,000 ඉක්මවා ගිය අතර අද එය ඇ.ඩො. 5,000 ද ඉක්මවා ඇත. මෙය ලොව පුරා ම ඇමරිකානු ඩොලරය පිළිබඳ විශ්වාසනීයත්වය මුළුමනින් දෙදරවන තත්ත්වයකි. එහි ජාතික ණය ඩොලර් ට්‍රිලියන 40 ඉක්මවා යයි. එක්සත් ජනපදය පසුවන්නේ රාජ්‍ය බංකොලොත් භාවයේ එළිපත්තේ ය. ආර්ථිකය අගාධයක මුවවිට වෙළෙවි වෙමින් පවතිද්දී පාලක ප්‍රභූහු සිය ධනය හා බලය රැක ගැනීම සඳහා වියරුහුණු ප්‍රයත්නයක යෙදෙමින් රුදුරු ලෙස මහජනයා මත කඩා පනිති.

ඇලෙක්ස් ප්‍රිටි ඝාතනය, මිනිඇපලස්හි මුදා හැරෙමින් පවතින පැරාමිලිටරි ත්‍රස්තවාදය දැවැන්ත ලෙස උත්සන්න කිරීමක් සනිටුහන් කරයි. එකී උත්සන්නිය වූ කලී, කැරළි පනත බලාත්මක කර, ඇමරිකාවේ සියලු නගර මිලිටරි ග්‍රහණයට නතු කර, එක්සත් ජනපදය තුළ ජනාධිපති ඒකාධිපතිත්වයක් පිහිටුවා ලීමේ කුමන්ත්‍රණයක කසකරුවා ය. … Read more

Class struggles, Politics & Economy

අධිරාජ්‍යවාදයට එරෙහිව හා ඉරානයේ කම්කරු බලය සඳහා අරගලය – 2

අද දින, ඉරානය තුල සමාජ අසමානතාවය ෂා යටතේ පැවැති මට්ටමට පත්ව ඇත; දස ලක්ෂ ගනනක් විරැකියාවෙන් පෙලෙති …. අනාරක්ෂිත තාවකාලික ගිවිසුම් යටතේ සේවය කරති. … ජනගහනයෙන් අඩක් දරිද්‍රතාවයේ ගිලී සිටිති. මේ අතර ලෝක ධන හා ආදායම් දත්ත ගබඩාවේ ගනන්බැලීම් වලට අනුව, ඉරාන ජාතිකයන් අතර ධනවත්ම සියයට එක රටේ ආදායමෙන් සියයට 16.3 ක් ඒකාධිකාරී ලෙස භුක්ති විඳිති. එය ආදායමේ පහල සිටින සියයට 50ක් භුක්ති විඳින ධනයට වඩා අඩුවන්නේ යන්තමිනි. ඉහලම සියයට 10 සියයට 48.5 ක පංගුවක් සිය පෙට්ටගම්වලට පුරවා ගනිති. එය ඉරාන ජාතික ජනගහනයේ දුගී අර්ධයට ලැබෙන පංගුව මෙන් තුන් ගුනයකට ඉතා ආසන්න වූවකි. … Read more

Scroll to Top