Uncategorized

දැරියක අපයෝජනය කිරීම පිළිබඳ අටමස්ථානාධිපති සම්බන්ධ සිද්ධිය ධනේශ්වර ක්‍රමයේ නිරුවත සහ කුණුවීම පෙන්වන කැඩපතකි

ආන්ඩුව, දේශපාලනඥයන්, පොලිසිය හා රාජ්‍ය නිලධරය, වෛද්‍යවරු, නීතිඥයන් සහ මධ්‍යම පන්තික වර්ගවාදී, ආගම්වාදී රොත්තක් දැරියට එරෙහිව නැගී සිට ඇත.

ශ්‍රී ලංකාවේ අටමස්ථානය වැනි ප්‍රමුඛ ආගමික ආයතනවල නායකයින් හුදු ආගමික නායකයින් පමනක් නොවේ. ඔවුහු මෙරට ධනේශ්වර රාජ්‍යයේ දේශපාලන තීන්දු තීරන කෙරෙහි ඍජුව ම බලපාන, ධනපති පාලක පන්තියේ (රාජ්‍ය නිලධාරීන්, දේශපාලනඥයින් සහ මහා පරිමාන ව්‍යාපාරිකයින්ගේ) ව්‍යුහයේ අවියෝජනීය කොටස්කරුවෝ වෙති.

නීතියේ සහ රාජ්‍ය උපකරනයේ පන්තිමය ස්වභාවය තීරනාත්මක ය. පොලිසිය සහ අධිකරන පද්ධතිය සැමවිටම ක්‍රියාත්මක වන්නේ පාලක පන්තියේ සහ බලවතුන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමටය. …Read more