Science & Arts

Science & Arts

1970 දශකයේ ලෝක විරෝධතාකල්ප ගී ධාරාවේ නන්දා මාලනියගේ භූමිකාව – 2 (අවසාන)කොටස

පන්ති අරගලයේ ම කොටසක් වන විරෝධාකල්ප ගීය යනු  කලා කරුවා සිය දිවි දෙවැනි කොට සිදු කරන ධෛර්ය සම්පන්න මැදිහත් වීමකි. පාලක පන්තියට එය ඉවසිය හැකි නො වේ. … පාලක පන්තිය තුවක්කුවට වඩා මහජන ඉල්ලීමවලට හා අදහස්වලට බිය වේ..

කෙසේ වුවද, මෙම කලාත්මක ප්‍රවනතාවයන් සතු වූ දේශපාලනික සීමාවන් නිර්මානවල ව්‍යුහාත්මක සීමා නිර්නය වීමට ද බලපෑවේය. අව්‍යාජ විප්ලවවාදී දේශපාලන රාමුවක් නොමැතිකම හේතුවෙන්, විරෝධතා ගීත ව්‍යාපාරයට සමාජ කෝපය සහ සහයෝගීතාවය ප්‍රකාශ කිරීමට හැකි වුව ද, විප්ලවීය ඉදිරි මාවත පෙන්වා දීමට නො හැකි විය.

කෙසේ වුවද, ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන අධිරාජ්‍යවාදී යුද්ධ, ආර්ථික කප්පාදු සහ ප්‍රජාතන්ත්‍ර  විරෝධී ආඥාදායකත්වයන්ට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තිය තුලින් පැන නගින විරෝධතාවන් සැබෑ විවේචනාත්මක කලාවක පුනරුදයක් සදහා අවශ්‍ය වෛෂයික කොන්දේසි නිර්මානය කරමින් පවතී. …Read more

Science & Arts

1970 දශකයේ ලෝක විරෝධතාකල්ප ගී ධාරාවේ නන්දා මාලනියගේ භූමිකාව – 1 කොටස

ප්‍රේමය, විරහව, මාතෘත්වය ප්‍රමුඛ කුටුම්භ ජීවිතයේ සුඛ දුක්ඛ වේදනාවන් යන මේ විෂයයන් අලලා ගත් සෞන්දර්යාත්මක සත්‍යය ගැබ් කර ගත් ගී සරනියක් නන්දා මාලනිය ගායනා කර තිබේ. හැත්තෑව දශකයේ ඈ සිය ගීතාවලියේ ගැයූ පද රචනාවලින් ඉමහත් ප්‍රමානය ලියා දුන් ප්‍රවීන සාහිත්‍යවේදී, මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ප්‍රමුඛ දායකත්වයෙන්, තමන්මත් අත් විදි සමාජ ජීවිතය ප්‍රති නිර්මානය කරමින්, සිය තියුනු ස්වරය සමාජ සාධාරනය ඉල්ලා හැඬවීමට යත්න දැරුවා ය. 1970 හා 1980 දශක තුල බලයේ සිටි යූඇන්පී ආන්ඩු යටතේ කිහිප වරක් ම ඇගේ ගී රාජ්‍ය මාධ්‍යවලට තහනම් වූ අතර, 1980 අග භාගයේ ඇයට එල්ල වූ ඍජු ජීවිත තර්ජන හමුවේ රටින් පලා යාමට පවා සිදු විය. …

… එසේ වුව ද “යුක්තිය හා සමාජ සාධාරනය උදෙසා“ ඇගේ අව්‍යාජ කැප වීම තිබිය දී ම සැබෑ ලෝකය සහතික ලෙස අපට සනාථ කර තිබෙන්නේ නන්දා මාලනිය තම දේශපාලනික කලාමය ප්‍රකාශනයේ දෘෂ්ඨිවාදාත්මක දුගී බව වටහා න‍ො ගැනීමේ වරද නිවැරදි කර ගෑනීමට සමත් නො වූ බවය. …

එබැවින් නන්දා මාලනියගේ සමාජ අරමුන හා දේශපාලන කලා භාවිතය තව දුරටත් සමහන් කල නො හැකි තරම් පරස්පර විරෝධයන්ගෙන් සමන්විත විය. පවන කැසට් පටයේ එන මෙම ගීයේ ප්‍රර්ථනා එහිම අනෙක් ගීත විසින් බොඳ කරනු ලැබ ඇති බව එම ගී සමුච්ඡය පරිශීලනයෙන් දත හැකි ය. …Read more

Politics & Economy, Science & Arts

දෙමල රැප් ගායකයාට එරෙහිව ත්‍රස්ත විරෝධී පනත ක්‍රියාවට දමයි: කලාවේ, කලාකරුවාගේ සහ භාෂනයේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කරනු!

මලවුන් වෙනුවෙන් ශෝක වීමට ඇති අයිතිය මානව හිමිකම්වල වඩාත්ම මූලික අංගයකි. ජාතික ජන බලවේගයේ ආන්ඩුව දෙමල අනුස්මරන උත්සව තහනම් කිරීම හා පීඩාවට පත් ජනයාගේ ශෝකය සහ විරෝධය ප්‍රකාශ කරන මෙවන් නිර්මාන මත ගායකයෙකු අත්අඩංගුවට ගැනීම මගින් සිදු කර ඇත්තේ, වඩාත් මූලික මානව ගරුත්වයේ ක්ෂේත්‍රයට එරෙහි ම්ලේච්ඡ ක්‍රියාවකි. උතුරු නැගෙනහිර දහස් ගනනක් ජනයා අනුස්මරන තහනම මෙන් ම රජයේ තර්ජන ද නො තකා අනුස්මරන උත්සවවලට සහභාගී වූහ. මන්ද යත්, මියගිය අය වෙනුවෙන් ශෝක වීමේ අවශ්‍යතාවය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට ඇති බියට වඩා ශක්තිමත් බැවිනි. …

සුනුවිසුනු වූ ජීවිත, ෂෙල් වෙඩි ප්‍රහාර යටතේ හැදී වැඩුනු දරුවන්, දවා පිලිස්සූ නිවාස, සමූහ මිනී වලවල් යන මේ සංසිද්ධීන්ගෙන් මතුවන කලාවට, කිසිදු රජයේ නියෝගයකට අවලංගු කල නො හැකි සාමාජයීය බරක් සහ මානව නීත්‍යානුකූලභාවයක් ඇත. එවැනි කලාවක් යටපත් කිරීම යනු එය සංකේතවත් කරන දුක් වේදනා මහජන මතකයේ පැවතීමට සුදුසු නොවන බව ප්‍රකාශ කිරීමයි. එය අතීතයේ අපරාධ අමතක කරවීමේ අවශ්‍යතාවයෙන් පෙලෙන ප්‍රජාතන්ත්‍ර විරෝධීන්ගේ ස්ථාවරයයි. …Read more

Class struggles, Science & Arts

දීපචෙල්වන්ගේ පොත් සියල්ල වහා මුදා හරිනු!

ලේඛක දීපචෙල්වන් ප්‍රදීපන් ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා ඇති ඔහුගේ පොත් හතරක පිටපත් 360 ක් නිදහස් නොකොට රේගුවේ තබා ගැනීමත්, ධනපති ජාජබ ආණ්ඩුවේ සංස්කෘතික ඇමතිවරයාගේ නියෝග මත ඒවා නිදහස් කිරීම ආරක්ෂක අමාත්‍යංශයේ අභිමතයට යටත් කිරීමත්, කලාවට එරෙහි රුදුරු රාජ්‍ය මැදිහත්වීමේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. …

දීපචෙල්වන් ප්‍රදීපන් යුද සමයේ උතුරේ ජීවත් වූවෙකි. ඔහුගේ කලා කෘතීන්ට විෂය වී ඇත්තේ තමා අත්දුටු යුද්ධයේ කෲරත්වය හා ඒ හා බැඳුනු මානව ඛේදවාචකයයි. මේ ඊනියා විචාරකයන්ගේ අදහසට අනුව ඔහුට ඒවා තමා දුටු ආකාරයෙන් කලාත්මකව ප්‍රතිනිර්මාණය කල නොහැකිය. එනම්, ඔහු ලිවිය යුත්තේ ආන්ඩුවට අවශ්‍ය ආකාරයට ය. … Read more

Class struggles, Science & Arts

නතාෂා එදිරිසූරියගෙන් ස්තුතිය පළ කිරීමේ සටහනක්

“ගමන තවමත් නිමා වී නැති බව මම දනිමි. තවමත් කළ යුතු දේ බොහෝ ය. ඔබේ දිරි ගැන්වීම, ඔබේ සහයෝගය, සහ හරි දේ වෙනුවෙන් නැඟී සිටීමට ඔබේ ඇති කැමැත්ත තවමත් සියලු අරුතින් වැදගත් ය. මා නැඟී සිටින්නේ තනිව ම නො වන බව දැන සිටීම, සියල්ල වෙනස් කිරීමට ඉවහල් වනු ඇත.”… Read more

Class struggles, Science & Arts

ග්ලාස්ටන්බරි උළෙලේ ප්‍රකට වූ පලස්තීනය සම්බන්ධ විරෝධතා ආස්ථානය සහ කම්කරු පන්තියේ හා තරුණයන්ගේ රැඩිකලීකරණය

ග්ලාස්ටන්බරිහි දී ප්‍රදර්ශනය කෙරුණු උග්‍ර සම්මුති විරහිත අධිරාජ්‍ය විරෝධී හා ලේබර් පක්ෂ විරෝධී මනෝභාවයන්, ප්‍රතිසංස්කරණවාදී සූරූපතාවලින් ද, ආචාරශීලී ආයාචනයන්ගෙන් සහ කෝබින්ගේ අනෙක්-කම්මුලත්-හරවනු වර්ගයේ සාමවාදයෙන් ද සංසිඳුවීමට නො හැකි වනු ඇත. ….  

ගාසාවේ ජනඝාතනයට හා ඊශ්‍රායලයේ අධිරාජ්‍යවාදී ආධාරකරුවන්ට විරුද්ධත්වය දක්වන්නන් මුහුණ පාන ලොකු ම අවහිරය වන්නේ, යුද විරෝධී හා පලස්තීන ව්‍යාපාරවල වර්තමාන දේශපාලන නායකත්වය සහ, කම්කරු පන්තිය තුළ විකල්පයක් පිළිබඳව පැහැදිළි අවබෝධයක් නො පැවතීමේ කරුණයි. බහුජන දේශපාලන මනෝභාවය කෝබින්, බර්නි සැන්ඩර්ස් හා ලෝකය පුරා එවැනි දේශපාලන චරිතවලට වඩා අතිශයින් වමට ගිය එකකි. එහෙත් ඔවුන් ඉක්මවා යාමට නම් එය උචිත වැඩ පිළිවෙලක් – එනම්, ඩවුනිං වීදියේ හා ධවල මන්දිරයේ හා යුරෝපයේ සියලු අගනගරවල අධිරාජ්‍යවාදී අපරාධකරුවන් පරාජය කිරීමට ප්‍රමාණවත් ලෙස ශක්තිමත් එකම සමාජ බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුළු ගැන්වීමට සමත්; ජනඝාතනයට, යුද්ධයට එරෙහි විප්ලවවාදී සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී ව්‍යාපාරයක වැඩ පිළිවෙලක් – වර්ධනය කළ යුතුය. ….. Read more

Science & Arts

කලා කෘතිය කලාකරුවාගේ නිර්මාණයක් බව නොදන්නා විචාරයක්……

.. ලේඛකයා, සිය ආත්මීය විඥානවාදී ප්‍රවිෂ්ටයෙන් කෙතරම් අන්ධ වී ද යත්, බහුචිතවාදියා චිත්‍රපටයේ, එහි, ප්‍රධාන චරිතය වන සසිත හැර අන් කිසිවෙකු හෝ කිසිවක් ඔහු නො දක්නේ ය. නමුත් සසිතට “මේ රට හැර ඕනෑම රටක“ ජීවත් වීමට සිතන, ඒ අතර සුලු ව්‍යාපාරයක් ගොඩ නගාගෙන යහපත් විවාහ දිවියක් පතන සුලු රැකියාවක නියැලි හා පසුව වියපත් ව්‍යාපාරිකුට පෙම් බදින පෙම්වතියක් සිටී; විවාහය කල් ගිය, සන්නාලියක වන, එම රැකියාව දියුනු ව්‍යාපාරයක් බවට පත් කර ගැනීමේ අරමුනෙන් පසු වන ආදරනීය සහෝදරියක් සිටී; අරමුනක් නැති ජීවිතයක් ඇති විවාහය කඩාකප්පල් වූ මිතුරෙක් සිටී; සමාජ ආර්ථික ප්‍රශ්නවලින් දැවෙන කම්කරු පන්තියේ පීඩිත කාන්තාවෝ තිදෙනෙක් සිටිති; යුරෝපීය සිහිනය සැබෑ කර දෙන බව හඟවා අවස්ථාවාදී ලෙස ඔහුගෙන් සිය ආශාවන් හා වුවමනාවන් ඉටු කර ගන්නා කාන්තාවන් දෙදෙනෙක් සිටිති; ඉන් එකියකගේ සැමියා යුරෝපයේ සේවය කරයි; තම සේවකයාගේ වෘත්තීය අයිතීන් පාගාගෙන සිටින කයිරාටික හිටපු වාමාංශික, මැරවර ව්‍යාපාරිකයෙක් සිටී. මොවුන් අතර සංවාද හා ගැටුම් පවතී. චිත්‍රපටය නරඹන අපි කොලඹ නගරයේ අදුරු දර්ශන ද ඝෝෂාකාරී බව ද අත්දකිමු. බහුචිතවාදියාගේ චරිතය ගොඩ නැගෙන්නේ මේ සමස්ථය තුල ය.

සිනමා තිරය මත දිග හැරෙන චරිතවලට අර්ථයක් ලැබෙන්නේ එම චරිතය ම තුල ඇති වන අභ්‍යන්තර ගැටුම්වලින් පමනක් නොවේ. එම චරිතය වෙනත් චරිත සමඟ හා සිය පරිසරය ද සමඟ ඇති වන ගැටුම්වලින් වෙන් වූ චරිතයකට අර්ථයක් නොමැත. ලෝකයේ පුද්ගලයෙක්, සමාජයක් හෝ දෙයක් එසේ නො පවතින්නේ ය. නිර්මානයේ දී හෝ විචාරයේ දී මේ අපෝහක නියාමය එක සේ ම බල පවත්වයි. …

කලා කෘතියක සහෘදයාට විඳීමට පුලුවන් වන්නේ එහි අඩංගු දේ පමනක් වන සේ ම විචාරයට භාජනය කල හැකි වන්නේ ද එය ම පමනි. කලාවට බාහිරින් පැමිනෙන කිසිදු අනාඥාවක් පිලි ගනු හැකි නො වේ. කලාකරුවා තමාට බාහිර ලෝකයෙන් උත්තේජය වන්නේ නමුත්, කලා කෘතිය කලාකරුවාගේ ම ප්‍රකාශනයයි. එය ඔහුට හැර අන් කවරෙකුට හෝ නිර්මානය කල නො හැකි ය. … Read more 

Science & Arts

“බහුචිතවාදියා“ වත්මන් සමාජ යථාර්ථය විනිවිදින අව්‍යාජ නිර්මානයක්

ධනවාදී සමාජය නමැති ඇවිලෙන ගිනි දලුව වටා සරන පලගැටියන් හුදෙක් මධ්‍යම පන්තික තරුන තරුනියන්ට සීමා වී නැත. පිරිමින් රැකියා විරහිතයන්, අඩු වැටුප් ලබන්නන්, නොසන්ඩාලයන් හෝ ඌන රැකියා නියුක්තිකයන් වන විට පවුලේ මුලු බර අත් නො හැර දරා සිටින්නෝ පීඩිත කාන්තාවෝ ය. නගරයේ සේම ගම්බද බොහෝ තරුන කාන්තාවෝ සිය අපේක්ෂා සාක්ෂාත් කර ගනු වස් අඩු වැටුප් සහිත රැකියාවල ඉල ඇට කැඩෙන වැඩ කරති. මැද පෙරදිග රටවල වැඩ කර සිය පවුල් පමනක් නො ව පෙම්වතුන් ද නඩත්තු කරන කාන්තාවෝ දුලබ නොවෙති. …

“බහුචිතවාදියා“ චිත්‍රපටය පවතින සමාජ යථාර්ථය අව්‍යාජව ප්‍රති නිර්මානය කල අපූර්ව කලා කෘතියකි. එය, සමාජ ව්‍යසනයට එරෙහිව සහෘදයා පිහිටුවයි; පවතින සමාජ ගැටලුවලට පෞද්ගලික විසඳුම් සොයා යාමේ අනර්ථය මතු කරන එය, පැන නැගී ඇත්තේ පන්ති ප්‍රශ්නයක් බව ග්‍රහනය කර ගනී. එබැවින් බහුචිතවාදියා නැරඹූ හිතනමතන මිනිසුන්ට පෙර පරිදි ජීවත් වීමට නො හැකි බව හැඟේ. එය ම කලා කෘතියක සාර්ථක බවට සාක්ෂ්‍ය දරන්නේ ය. … Read more 

Science & Arts

මානව සංස්කෘතිය සෙසු සත්ත්වයන්ගේ සංස්කෘතියෙන් වෙනස් වන්නේ කෙසේද?

මානවයා යනු සංස්කෘතියක් ඇති – එනම්, පරපුරෙන් පරපුරට ලබා දුන් ජානමය අයුරින් නිර්නිත චර්යාවන් නොව, අලුතින් උගන්නා – එකම සත්ත්වයායැයි සිතූ කාලයක් විය. කෙසේවෙතත් දශක ගනනාවක පර්යේෂන හෙලිදරව් කර ඇත්තේ, අග්‍රේෂයන්, කාක පවුලේ පක්ෂීන් ආදී වශයෙන් වන තවත් සත්ත්ව විශේෂ ගනනාවකට ද සංස්කෘතියක් ඇති බවය. ඒ කොයිහැටි වෙතත්, මානව සංස්කෘතිය පැහැදිලිව ම අන් සියලු සත්ත්වයන්ට වඩා ගුනානාත්මක ලෙස සුවිශේෂී ය. අපේ පැවැත්ම ම උදෙසා අපි ඉතා සංකීර්න සංස්කෘතික උරුමයන් මත රඳා සිටිමු. මෙම වෙනසට හේතුභූත වූයේ කුමක් ද? එය හුදෙක් මට්ටම් සම්බන්ධ ප්‍රශ්නයක් ද? නැතහොත් මානව සංස්කෘතිය සම්බන්ධ කිසියම් අද්විතීය දෙයක් වේ ද? … Read more

Science & Arts

හඳගමගේ “රාණි“: චරිත ඝාතනයක් හා සමාජ විරෝධී ව්‍යාජ චිත්‍රපටයකි

මිනිසුන්ගේ පෞද්ගලිකත්වය තුළට එබී බැලීමට මිනිස්සු කලා කෘති ඇසුරු නො කරති. 2021 දෙසැම්බර් 21 ඉලංගෙයි තමිල් සංගම් මෙසේ ලියා ඇත. “1991 වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ ස්ටීවන් කෝල්ගේ වාර්තාවට අනුව  “ද සොයිසා සමලිංගිකයෙකු සහ ජවිපෙ හිතවතෙකු ලෙස හෙලාදැකීමට ප්‍රේමදාසගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෝ ‍නැඟී සිටියහ.“ ප්‍රෙමදාසගේ කැබිනට් මන්ඩලය සේ ම හඳගමගේ චිත්‍රපටයත් අපගේ අවධානය යොමු කරන්නේ එවන් දේ වෙත ය. රිචඩ්ගේ මරණය සම්බන්ධ යථාර්ථය අපෙන් ඈත් කරන මෙම දර්ශන සමස්ත රාජ්‍ය භීෂනය සරල අත් දැකීමක් බවට පත් කරමින් එය සාමාන්‍යයීකරණය නො කරන්නේ ද? සැබෑ අපරාධකාරයන් නිදහස් නො කරන්නේ ද?…Read more

Scroll to Top