නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පාපොච්චාරණය: ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අපරාධ ‘ඇමරිකානුවන්’ට බැර කිරීම
පසුගිය සැප්තැම්බර් 11 වෙනිදා ඇමරිකාවේ 9/11 ත්‍රස්ත ප්‍රහාරයට වසර 25 ක් පිරීම නිමිත්තෙන්, ”වැරදි සිදු වී ඇතැ”යි යන හෙඩිම යටතේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සිය කතුවැකිය පළ කර තිබිණි. මෙය ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අපරාධ පිළිබඳ හෙළිදරව්වකැයි ඔබ සිතන්නේ නම් සැබෑ වැරදීම එයයි. එය දැනට යටපත් කළ නොහැකි පරිද්දෙන් තහවුරු වී ඇති සත්‍ය කරුණු පිළිගනිමින් ඒවා සාමාන්‍යයීකරණය කිරීමේත්, අපරාධ සහාය පිළිබඳ තම දායකත්වය ද ඇතුළුව සැබෑ වරදකරුවන්ගේ කාර්යභාරය සඟවා රාජ්‍යයේ සාපරාධී ක්‍රියාවන්හි වගකීම ඇමරිකානු ජනයා මත පැවරීමේත් දුෂ්ඨ උත්සාහයකි. ..
ටයිම්ස් පුවත්පත, ඇමරිකාව තමන් කල “වැරදි වලට” මුහුණ දිය යුතු බව කියයි. මේ තීරණ ගත්තේ, ඇමරිකානු සාමාන්‍ය ජනතාවද ? නැත. ..
ඉරාකය ආක්‍රමණය කිරීම, CIA රහසිගත සිරගෙවල් පවත්වාගෙන යාම, ඇමරිකානුවන්ගේ සන්නිවේදනය නිරීක්ෂණය කිරීම වැනි තීරණ ගත්තේ, පාලක පන්තිය, එහි දේශපාලන පක්ෂ දෙක සහ ඒවාට සහය දුන් මාධ්‍ය ආයතනයි. නිව්යෝක් ටයිම්ස් එම පද්ධතියේ කොටසකි. …Read more
