September 2026

Politics & Economy

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පාපොච්චාරණය: ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අපරාධ ‘ඇමරිකානුවන්’ට බැර කිරීම

පසුගිය සැප්තැම්බර් 11 වෙනිදා ඇමරිකාවේ 9/11 ත්‍රස්ත ප්‍රහාරයට වසර 25 ක් පිරීම නිමිත්තෙන්, ”වැරදි සිදු වී ඇතැ”යි යන හෙඩිම යටතේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සිය කතුවැකිය පළ කර තිබිණි. මෙය ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අපරාධ පිළිබඳ හෙළිදරව්වකැයි ඔබ සිතන්නේ නම් සැබෑ වැරදීම එයයි. එය දැනට යටපත් කළ නොහැකි පරිද්දෙන් තහවුරු වී ඇති සත්‍ය කරුණු පිළිගනිමින් ඒවා සාමාන්‍යයීකරණය කිරීමේත්, අපරාධ සහාය පිළිබඳ තම දායකත්වය ද ඇතුළුව සැබෑ වරදකරුවන්ගේ කාර්යභාරය සඟවා රාජ්‍යයේ සාපරාධී ක්‍රියාවන්හි වගකීම ඇමරිකානු ජනයා මත පැවරීමේත් දුෂ්ඨ උත්සාහයකි. ..

ටයිම්ස් පුවත්පත, ඇමරිකාව තමන් කල “වැරදි වලට” මුහුණ දිය යුතු බව කියයි. මේ තීරණ ගත්තේ, ඇමරිකානු සාමාන්‍ය ජනතාවද ? නැත. ..

ඉරාකය ආක්‍රමණය කිරීම, CIA රහසිගත සිරගෙවල් පවත්වාගෙන යාම, ඇමරිකානුවන්ගේ සන්නිවේදනය නිරීක්ෂණය කිරීම වැනි තීරණ ගත්තේ, පාලක පන්තිය, එහි දේශපාලන පක්ෂ දෙක සහ ඒවාට සහය දුන් මාධ්‍ය ආයතනයි. නිව්යෝක් ටයිම්ස් එම පද්ධතියේ කොටසකි. …Read more

Science & Arts

1970 දශකයේ ලෝක විරෝධතාකල්ප ගී ධාරාවේ නන්දා මාලනියගේ භූමිකාව – 2 (අවසාන)කොටස

පන්ති අරගලයේ ම කොටසක් වන විරෝධාකල්ප ගීය යනු  කලා කරුවා සිය දිවි දෙවැනි කොට සිදු කරන ධෛර්ය සම්පන්න මැදිහත් වීමකි. පාලක පන්තියට එය ඉවසිය හැකි නො වේ. … පාලක පන්තිය තුවක්කුවට වඩා මහජන ඉල්ලීමවලට හා අදහස්වලට බිය වේ..

කෙසේ වුවද, මෙම කලාත්මක ප්‍රවනතාවයන් සතු වූ දේශපාලනික සීමාවන් නිර්මානවල ව්‍යුහාත්මක සීමා නිර්නය වීමට ද බලපෑවේය. අව්‍යාජ විප්ලවවාදී දේශපාලන රාමුවක් නොමැතිකම හේතුවෙන්, විරෝධතා ගීත ව්‍යාපාරයට සමාජ කෝපය සහ සහයෝගීතාවය ප්‍රකාශ කිරීමට හැකි වුව ද, විප්ලවීය ඉදිරි මාවත පෙන්වා දීමට නො හැකි විය.

කෙසේ වුවද, ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන අධිරාජ්‍යවාදී යුද්ධ, ආර්ථික කප්පාදු සහ ප්‍රජාතන්ත්‍ර  විරෝධී ආඥාදායකත්වයන්ට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තිය තුලින් පැන නගින විරෝධතාවන් සැබෑ විවේචනාත්මක කලාවක පුනරුදයක් සදහා අවශ්‍ය වෛෂයික කොන්දේසි නිර්මානය කරමින් පවතී. …Read more

Class struggles

යුක්‍රේන අභියාචනාධිකරණයෙන් පිළිතුරක්

මයිකොලේව් අභියාචනා අධිකරණය 2026 අගෝස්තු 26 දාතමින් අප වෙත යුක්‍රේන භාෂාවෙන් ලියැවුණු ලිපියක් යොමු කර ඇත. ඊ මේල් පනිවුඩයක අමුණා එවන ලද එම ලිපියේ සංක්‍ෂිප්ත අර්ථය වන්නේ, යුක්‍රේන් භාෂාව හැර අන් බසකින් එවන ලිපි තමන් නොතකා හරින බවයි! …

.. යුද්ධයට එරෙහිව වැඩෙන මේ විරුද්ධත්වය හමුවේ, යුද්ධයට එරෙහිව තම තම ආණ්ඩුවලට එරෙහිව නැඟී සිටිමින් ඒකාබද්ධ වන්නැයි බොග්ඩාන් සයුරොටියුක්ගේ ලිපි වලින් කෙරෙන කැඳවීම කියෙව් තන්ත්‍රයට ඉවසා දරා සිටිය හැක්කක් නොවේ. යුක්‍රේන අධිකරණය අපේ ලිපි කියවීම ප්‍රතික්ෂේප කරන්නේ එබැවිනි.

.. යුක්‍රේන දේශසීමාවට ඔබ්බෙන් පවතින ලෝකයෙන් අවි ආයුධ පමණක් භාර ගනිමින්, අධිරාජ්‍යවාදීන්ගේ අවි සම්පාදනයේ පිරිවැයෙන් මිරිකී යන කම්කරුවන්ගේ අදහස් නොතකා හැරීමට හා නිහඬ කිරීමට ඔවුන් දරන තැත පරාජය කළ යුතුය. …Read more

Scroll to Top