යුක්‍රේන අභියාචනාධිකරණයෙන් පිළිතුරක්
මයිකොලේව් අභියාචනා අධිකරණය 2026 අගෝස්තු 26 දාතමින් අප වෙත යුක්‍රේන භාෂාවෙන් ලියැවුණු ලිපියක් යොමු කර ඇත. ඊ මේල් පනිවුඩයක අමුණා එවන ලද එම ලිපියේ සංක්‍ෂිප්ත අර්ථය වන්නේ, යුක්‍රේන් භාෂාව හැර අන් බසකින් එවන ලිපි තමන් නොතකා හරින බවයි! …
.. යුද්ධයට එරෙහිව වැඩෙන මේ විරුද්ධත්වය හමුවේ, යුද්ධයට එරෙහිව තම තම ආණ්ඩුවලට එරෙහිව නැඟී සිටිමින් ඒකාබද්ධ වන්නැයි බොග්ඩාන් සයුරොටියුක්ගේ ලිපි වලින් කෙරෙන කැඳවීම කියෙව් තන්ත්‍රයට ඉවසා දරා සිටිය හැක්කක් නොවේ. යුක්‍රේන අධිකරණය අපේ ලිපි කියවීම ප්‍රතික්ෂේප කරන්නේ එබැවිනි.
.. යුක්‍රේන දේශසීමාවට ඔබ්බෙන් පවතින ලෝකයෙන් අවි ආයුධ පමණක් භාර ගනිමින්, අධිරාජ්‍යවාදීන්ගේ අවි සම්පාදනයේ පිරිවැයෙන් මිරිකී යන කම්කරුවන්ගේ අදහස් නොතකා හැරීමට හා නිහඬ කිරීමට ඔවුන් දරන තැත පරාජය කළ යුතුය. …Read more
