August 2026

Science & Arts

1970 දශකයේ ලෝක විරෝධතාකල්ප ගී ධාරාවේ නන්දා මාලනියගේ භූමිකාව – 1 කොටස

ප්‍රේමය, විරහව, මාතෘත්වය ප්‍රමුඛ කුටුම්භ ජීවිතයේ සුඛ දුක්ඛ වේදනාවන් යන මේ විෂයයන් අලලා ගත් සෞන්දර්යාත්මක සත්‍යය ගැබ් කර ගත් ගී සරනියක් නන්දා මාලනිය ගායනා කර තිබේ. හැත්තෑව දශකයේ ඈ සිය ගීතාවලියේ ගැයූ පද රචනාවලින් ඉමහත් ප්‍රමානය ලියා දුන් ප්‍රවීන සාහිත්‍යවේදී, මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ප්‍රමුඛ දායකත්වයෙන්, තමන්මත් අත් විදි සමාජ ජීවිතය ප්‍රති නිර්මානය කරමින්, සිය තියුනු ස්වරය සමාජ සාධාරනය ඉල්ලා හැඬවීමට යත්න දැරුවා ය. 1970 හා 1980 දශක තුල බලයේ සිටි යූඇන්පී ආන්ඩු යටතේ කිහිප වරක් ම ඇගේ ගී රාජ්‍ය මාධ්‍යවලට තහනම් වූ අතර, 1980 අග භාගයේ ඇයට එල්ල වූ ඍජු ජීවිත තර්ජන හමුවේ රටින් පලා යාමට පවා සිදු විය. …

… එසේ වුව ද “යුක්තිය හා සමාජ සාධාරනය උදෙසා“ ඇගේ අව්‍යාජ කැප වීම තිබිය දී ම සැබෑ ලෝකය සහතික ලෙස අපට සනාථ කර තිබෙන්නේ නන්දා මාලනිය තම දේශපාලනික කලාමය ප්‍රකාශනයේ දෘෂ්ඨිවාදාත්මක දුගී බව වටහා න‍ො ගැනීමේ වරද නිවැරදි කර ගෑනීමට සමත් නො වූ බවය. …

එබැවින් නන්දා මාලනියගේ සමාජ අරමුන හා දේශපාලන කලා භාවිතය තව දුරටත් සමහන් කල නො හැකි තරම් පරස්පර විරෝධයන්ගෙන් සමන්විත විය. පවන කැසට් පටයේ එන මෙම ගීයේ ප්‍රර්ථනා එහිම අනෙක් ගීත විසින් බොඳ කරනු ලැබ ඇති බව එම ගී සමුච්ඡය පරිශීලනයෙන් දත හැකි ය. …Read more

Class struggles

බොග්ඩාන් සයුරොටියුක් නිදහස් කරනු! ඔහුට පැනවූ වසර 15 ක සිර දඬුවම අහෝසි කරනු!

මෙම තීන්දුව ඒකාධිපතිවාදී ක්‍රියාවකි. සෙලන්ස්කිගේ ධුර කාලය 2024 මැයි මාසයේ අහෝසි වී ඇතත්, ඔහු සිය නෛතික වරම ඉක්මවා දෙවසරකට වැඩි කාලයක් තවමත් බලයේ රැඳී සිටින්නේ ස්ථාවර යුද්ධ නීතියේ විධිවිධාන ප්‍රකාරව ය. මැතිවරණ අවලංගු කර ඇත. වාමාංශික පක්ෂ මුළුමණින් තහනම් කර ඇත. යුද්ධය පවත්වා ගෙන යන්නේ ”ප්‍රජාතන්ත්‍රවාදය” වෙනුවෙනැයි කියා පාමින් එක්සත් ජනපදය හා නැටෝව ඩොලර් කෝටි ගණන් වටිනා යුද අවි වර්ෂාවන්ගෙන් නහවන්නේ, බොග්ඩාන් සිරගත කළ මෙකී යුක්‍රේන ආණ්ඩුවයි. මෙම දණ්ඩනය එකී මුසාව නිශ්චිත ලෙස හෙළිදරව් කර ඇත. ..

බොග්ඩාන් සයුරොටියුක් දේශපාලන සිරකරුවෙකි. ඔහු සිරගත කිරීමට හේතුභූත වූ ඔහු පිළිගත් ඉදිරි දර්ශනය; එනම්, තම තම පාලක පන්තීන්ට එරෙහිව දේශසීමා ඉක්මවා යමින් කම්කරු පන්තිය ඒකාබද්ධවීම; යනු අධිරාජ්‍යවාදී යුද්ධය හමුවේ සමස්ත ජාත්‍යන්තර කම්කරු පන්තිය හමුවේ ඇති එකම ඉදිරි දර්ශනයයි. සෙලන්ස්කි තන්ත්‍රය ඔහුගේ නිදහස ප්‍රදානය කරන්නේ නැත. එය දිනා ගත යුත්තකි. ලොව පුරා කම්කරුවන්, තරුණයන් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරන්නන් බලමුළු ගන්වා දිනා ගත යුත්තකි. …Read more

Class struggles

රාජ්‍ය සේවකයන්ට අඩු වැටුප්, දීමනා කපා හැරීම් හා විශාදය

වැටුප් වැඩි කිරීම ඇස් බැන්දුමකි. 2019 දී සියලු දීමනා සහිතව, රුපියල් 45,000ක වැටුපක් හිමි වූ අයෙක් 2027 වන විට 75,000 පමන වැටුපක් ලබති. එනම් දල වශයෙන් 65% කින් පමන වැටුප් ඉහල ගොස් ඇත. එහෙත් මේ කාලය තුල භාන්ඩ මිල 150%ට වඩා වැඩි වී, එදා රුපියල් 35,000ක් වූ මාසික වෙලඳ පැස රු. 85,000 දක්වා පිම්මේ ඉහල ගොස් ඇත. ..

ගුරුවරුන්ගෙන් 30.4%ක් විශාදයෙන් පෙලෙන (අතර), ශ්‍රී ලංකාවේ සෞඛය සේවකයන්ගෙන් 42.5% ක් සීමාව ඉක්ම වූ කාන්සාවෙන් Anxiety පෙලෙති. ඉතාමත් කනගාටුදායක ලෙස සෞඛ්‍ය සේවකයන්ගෙන් 4.1% ක් අධි මානසික පීඩනය නිසා දිවි නසා ගැනීමේ සිතුවිලි පවා ඇති කරගෙන ඇත. වෛද්‍ය ක්ෂේත්‍රයේ නිරතයන්ගෙන් 71.4% ක් අනාගතය පිලිබද බලාපොරොත්තු විරහිතභාවයකින් පෙලෙති.

දිනපතා ධනපති ව්‍යාපාරිකයන්ගේ ආදායම් ඉහල යමින්, දුප්පතුන් තවත් දුප්පත් වෙමින් රටේ “ඒක පුද්ගල ආදායම“ ඉහල යන අතර, මැති ඇමති හා ඉහල නිලධරයේ වරප්‍රසාද රැකේ. …Read more

Politics & Economy

සිරකරුවන්ට එරෙහි ප්‍රචන්ඩත්වය සාධාරනීකරනය කිරීම සඳහා සිරකරුවන් අපරාධකරුවන් ලෙස යක් වෙස් ගැන්වීමට දරන රජයේ ප්‍රයත්නය ප්‍රතික්ෂේප කල යුතුය

මීගමුව බන්ධනාගාර සිද්ධිය සම්බන්ධ පරීක්ෂණය දැනටමත් රැඳවියන් 62කට මිනී මැරුම් චෝදනා එල්ල කර ඇති අතර, … රැඳවියන් ඝාතනය කල නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂන නැත. රජයේ විමර්ශන ක්‍රියාත්මක වන්නේ යුක්තිය ඉටු කිරීමට නොව සිදුවීම් වලලා දැමීමට බව දැනටමත් හෙලි වී ඇත.

බන්ධනාගාර තුල වරප්‍රසාද මිලදී ගත හැකි මහා පරිමාන ජාවාරම්කරුවෝ මෙම ප්‍රහාරවලට ගොදුරු නො වෙති; ඒවාට ගොදුරු වන්නේ පරිශීලකයින් සහ සුළු වැරදිකරුවන් ඉලක්ක කර ගත් මත්ද්‍රව්‍ය යුද්ධයක සැඩ පහරට හසු වී ගසාගෙන යන ග්‍රාමීය සහ නාගරික දුප්පතුන් ය. …Read more

Scroll to Top