February 2025

Class struggles

සංවිධානාත්මක අපරාධ කල්ලි මෘගයා මත නැඟී ධනපති අර්බුදය තරනය කරන්නට කැස කවන ජාජබ ආන්ඩුව 

අපරාධ කල්ලි නායකයෙකු ලෙස නම් දරා සිටින ගනේමුල්ලේ සංජීව තවත් එවන් කල්ලියක වෙඩික්කරුවෙකු විසින් ඝාතනය කෙරුනේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරනයේ විත්ති කූඩුව තුල දී ය.
දරිද්‍රතාව නිසා යුද්ධයට උරා ගනු ලැබූ තරුනයෝ යුද්ධයට පමනක් නො ව, හමුදා තුලම පවතින පීඩනයන්ට ද මුහුන දුන්හ.  හමුදා සේවය ඔවුනගේ සහ එම පවුල්වල දරිද්‍රතාව අහෝසි කලේ නැත. මේ කාරනා දෙක විසින් බොහෝ සෙබලුන් මානසික ව්‍යාධිවලට ගොදුරු වූහ. ඔවුන් මත් ද්‍රව්‍යවලට හා අපරාධවලට පෙලඹ වූ කරුනු මේවා ය. ජීවත්වීම සඳහා ජිවිතය හෝ මරනය තෝරා ගැනීමට සිදු වූ සමාජයක තරුනයන් පාතාලයට නැඹුරු වීම දඬුවම්වලින් නතර කල හැකි නො වේ. දුප්පත්කම සමස්ත පාතාලයේ වපසරිය පුලුල් කරයි. … Read more

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 8 – II

අප කිසිවෙකුට කිසිදා අමතක කිරීමට අසමත්ව ඇති මෙම කරුණු ප්‍රතික්ෂේප කිරීමට දැන් වෑයම් කිරීමේ දී ෂැට්මන් හිතාමතා ම පක්‍ෂයට වංචා කරයි. ඇබර්න්ගේ නිමක් නැති කූට ප්‍රයෝග ගැන, ඔහුගේ ද්‍රෝහීත්වය ගැන, මූලධර්මාත්මක උත්සුකයන්ගෙන් තොර වූ ඔහුගේ කණ්ඩායම්වාදය ගැන, හා කොමියුනිස්ට්වාදයේ ජීව ගුණයට ආගන්තුක වූ ඔහුගේ එදිරිවාදුකම් පිරිමැසීමේ හා “පළි ගැනීමේ” නීච අභිචේතනයන් ගැන සඳහන් කරමින් බර්න්හැම්, ඔහු “ඇමරිකානු ස්ටැලින්”වරයෙකුගේ මූලාරම්භක අවස්ථාව ලෙස ලක්ෂණනය කළේ එක් වරක් පමණක් නම් නො වේ. …Read more

Uncategorized

එම්.පී. ඇල්බට් සහෝදරයා – මතකයේ රඳවා ගත යුතු අව්‍යාජ විප්ලවවාදී සටන්කරුවෙක්

1995 මැයි දිනය ඇල්බට් සහෝදරයාගේ දේශපාලන ජීවිතයේ තීරනාත්මක හැරවුම් ලක්ෂය සටහන් කල දිනයකි. එම වසරේ ඔහු විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය කොටහේනේ පැවැත් වූ මැයි දින රැලියට සවන් දුන්නේ ය. ඉන් පෙර වසරේ ඇල්බට් ජවිපෙ මැයි දිනයට සවන් දී තිබිනි. ..
එම කාල පරිච්ඡේදයේ පක්ෂයට බැඳුනු තරුනයන් අතර සිටි ඇල්බට්, තරුන විය ඉක්මවමින් සිටි ඉතා පරිපීඩිත තනිකඩයෙක් වූයේ ය. දේශපාලන අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔහුට තිබුනේ නොතිත් වුවමනාවකි. …Read more

Science & Arts

හඳගමගේ “රාණි“: චරිත ඝාතනයක් හා සමාජ විරෝධී ව්‍යාජ චිත්‍රපටයකි

මිනිසුන්ගේ පෞද්ගලිකත්වය තුළට එබී බැලීමට මිනිස්සු කලා කෘති ඇසුරු නො කරති. 2021 දෙසැම්බර් 21 ඉලංගෙයි තමිල් සංගම් මෙසේ ලියා ඇත. “1991 වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ ස්ටීවන් කෝල්ගේ වාර්තාවට අනුව  “ද සොයිසා සමලිංගිකයෙකු සහ ජවිපෙ හිතවතෙකු ලෙස හෙලාදැකීමට ප්‍රේමදාසගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෝ ‍නැඟී සිටියහ.“ ප්‍රෙමදාසගේ කැබිනට් මන්ඩලය සේ ම හඳගමගේ චිත්‍රපටයත් අපගේ අවධානය යොමු කරන්නේ එවන් දේ වෙත ය. රිචඩ්ගේ මරණය සම්බන්ධ යථාර්ථය අපෙන් ඈත් කරන මෙම දර්ශන සමස්ත රාජ්‍ය භීෂනය සරල අත් දැකීමක් බවට පත් කරමින් එය සාමාන්‍යයීකරණය නො කරන්නේ ද? සැබෑ අපරාධකාරයන් නිදහස් නො කරන්නේ ද?…Read more

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 8 – I

වර්තමාන මතභේදයේ දී ඇබර්න් හුදෙක් ඔහුගේ කල් ගතව දිරාපත් වූ භාවිතයන් පුනරාවර්තනය කරනු පමණෙකි. ඔහු සංවිධානාත්මක සංයෝජනයකට ඇතුළු වෙයි; තන්ත්‍රයට එරෙහි කාණ්ඩයක් වෙනුවෙන් ඔහු රුසියානු ප්‍රශ්නය පිළිබඳ සිය ආස්ථානය විකුණා දමයි; සාකච්ඡාවේ වාතාවරණයට ඔහු විෂ එක් කරයි; ඉනික්බිති දැන්, සෑම තීරණාත්මක අවධියක දී ම සිදු කළ පරිදි, ඔහු ඕනෑ කමින් ම භේදයක දිශාවට කටයුතු කරයි. …
මේ කාරණය සම්බන්ධයෙන් අතීතය විමර්ශනය කිරීම වර්තමාන අරගලයට උදක් ම අදාළ ය…. පක්‍ෂයේ නව සාමාජිකයන් හා තරුණයන් මෙම වාර්තාව දැන ගත යුතුය, එම වාර්තාව වර්තමානය සමඟ පවතින අකාමකා නො දැමිය හැකි සම්බන්ධය ඔවුහු වටහා ගත යුත්තාහ. … Read more

Politics & Economy

මහා පරිමාන සමාගම්වලට ගොදුරු වන සුළු නිෂ්පාදකයා රැකීමට ජාජබ ආන්ඩුවට වැඩ පිලිවෙලක් නැත

මේ වන විට බිත්තරයක සිල්ලර මිල රුපියල් 30, 35 තරමට පහල ගොස් ඇත. බිත්තර මිල තියුනු ලෙස පහල වැටීම පාරිභෝගිකයාට ලැබී ඇති වාසියක්යැයි ආන්ඩුවේ හා එහි මාධ්‍ය හොරනෑවලින් කරමින් සිටින ඝෝෂාවට යටින් ඔවුන් සඟවන කරුනක් වෙයි. ඒ, සුලු පරිමාන බිත්තර නිෂ්පාදකයන්ගේ පැවැත්ම අභියෝගයට ලක් වී ඇති බවයි. එම තතු යටතේ පල්ල ගැලවී ඇත්තේ සුලු හා මධ්‍යම පරිමාන නිෂ්පාදකයන් නගා සිටුවන බවට ජාතික ජන බලවේගය ලබා දුන් බොරු පොරොන්දුවල ය. ..
ජවිපෙ/ජාජබ ආන්ඩුව සුලු හා මධ්‍යම පරිමාන නිෂ්පාදකයන් වර්ධනය කිරීම පිලිබඳ දුන් පොරොන්දු හිතාමතා ගෙතූ බේගල් ම පමනක් බවයි. .. ඔවුන් සැබැවින් ම බැඳී සිටියේ ප්‍රභූ ධනපති අතලොස්සට හා IMF සංවිධානය ඇතුලු අධිරාජ්‍යවාදයට ලබා දුන් ප්‍රතිඥාවලට පමනෙකැයි යන සත්‍යය දැන් සියලු මාධ්‍ය බේගල් ඉරා දමමින් එලිමහනට පැමිනෙමින් පවතී.
… මේ තතු පාර කපන්නේ දැනට යම් පරිමානයකට සුලු ව්‍යාපාරිකයන් සම්බන්ධ වී සිටින කුකුලු මස් හා බිත්තර කර්මාන්තයෙන් එම සුලු නිෂ්පාදක ස්ථරය ඉවත් කර දමා, මහා පරිමාන නිෂ්පාදකයන්ගේ ඒකාධිකාරයකට පාර කැපීමට ය. එම උගුල ගැස්සී යන්නේ පාරිභෝගිකයාගේ ගෙල සිර කරමිනි. පාරිභෝගිකයාට සුරංගනා කථා කියමින් ජාජබ ආන්ඩුව කරන්නේ එම උගුලේ තොන්ඩුව පාරිභෝගිකයාගේ ගෙල වටා ගැට ගැසීමයි. .. Read more

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 7

එක් දේශපාලන ආස්ථානයක් දරමින්, තමන් මූලික එකඟතාවය නිවේදනය කර ඇති පුද්ගලයන්ට එරෙහිව ඊට අත්‍යන්ත ලෙස පටහැනි ආස්ථානය දරන්නන් සමඟ එකතු වීම; ඊළඟට, මාස කිහිපයක ඇවෑමෙන් තමන්ගේ මුල් ආස්ථානය ආපසු හැරවීම; ඉනික්බිති කිසිවක් සිදු වී නැතැයි කියා සිටීම – සත්තකින් ම එහි “ඇති වරද”ක් නැත. ඉදින් යමෙකු පක්ෂය කෙරේ, එහි මාක්ස්වාදී සම්ප්‍රදායයන් කෙරේ හා එහි සාමාජිකයන්ගේ බුද්ධිය කෙරේ ගෞරවයක් නැති නරුම සංයෝජනතාවාදියෙකු නම්, එහි කිසිදු වරදක් නැත. එහෙත් මාක්ස්වාදියෙකුගේ ඇසින් බැලූ කල එය, පක්ෂයට එරෙහි සමාව නො දිය හැකි වරදකි – ප්‍රතිපත්ති පාවාදීමකි. …Read more

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 6-II

ඔහු බුද්ධිමය ස්ව-උත්කෘෂ්ටභාවයේ ව්‍යාධියෙන් පෙලෙතැයි මම සිතමි. කවරෙකුට නම් මෙය සුව කළ හැකි ද? ඉදින් ඔහු බෝල්ෂෙවික් කම්කරුවන්ගේ කණ්ඩායමක් සමඟ මුළුමණින් ම අනන්‍ය ව, ඔවුන්ගේ දෛනික ජීවිතයේ අරගලයෙහි ජීව ගුණයේ ආනුභාවය යටතට ගෙන ආ හැකි වී නම්, යමෙකුට මේ පිළිබඳ වඩාත් වැඩි අපේක්ෂාවක් තබන්නට හැකි වනු ඇත. එහෙත් අවහිරය ඇත්තේ එතැන ය. තමන් අපෙන් එකෙකු බවට පත්වීම ගැන හැඟීමක් ඔහුට සැබැවින් ම නැත. ඔහුට පක්ෂ කර්තව්‍යයන් යනු වෘත්තියක් නො ව අමතර නියුක්තියකි. .. ඔහුගේ සමාජමය පරිස්ථිතිය හාත්පසින් ම වෙනස් ය. සැබෑ බුද්ධිමතුන්ගේ මෙන් ම ව්‍යාජ බුද්ධිමතුන්ගේ ද ශාස්ත්‍රාලයීය ලෝකය දැන් පොදුවේ බරපතළ අසාරවාදයේ ද, සියල්ල පිළිබඳ නව සංශයවාදයක ද බරින් මැඬි ඇති බව ඔබ ඉතා හොඳින් දන්නෙහි ය. …
“බුද්ධිමය ස්ව-උත්කෘෂ්ටභාවයේ ව්‍යාධිය” – එය සුලුධනේශ්වරයේ ව්‍යාධියයි. … Read more

Scroll to Top