නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය – ප්‍රථම භාගය – පස්වැනි කොටස
ලෙනින්, ට්‍රොට්ස්කි, ප්ලෙකනොව්, ලක්සම්බර්ග් – මේ කිසිවෙක් හෝ සිය පන්ති සම්භවය තුල නිර්ධන පන්තිකයෝ නො වූහ. නිර්ධන පන්තිය කරා පැමිණි ඔවුහු ශ්‍රේෂ්ඨතම නිර්ධන පන්ති නායකයන් බවට පත් වූහ. කෙසේවෙතත් ඒ සඳහා ඔවුන්ට, තමාගේ ම පන්තිය හැර පියා “විප්ලවවාදී පන්තිය”වෙත, “අනාගතය සිය’තෙහි දරනා පන්තිය” වෙත එළැඹීමට සිදු විය. පන්ති පක්ෂපාතිත්වයේ මෙම පරිවර්තනය ඔවුහු කොන්දේසි විරහිතව ද, අනවශේෂ ලෙස ද සිදු කළෝය. තමා හදාවඩා ගැනෙන පන්තියේ අව්‍යාජ නියෝජිතයන් බවට පත්වීමට ද, එය සමඟ පූර්ණ ලෙස බද්ධවීමට ද, තමන් සහ නිර්ධන පන්තියෙන් සම්භව වූ විප්ලවවාදීන් අතර ගැටුමේ සේයාවක් හෝ නො තබා ඉවත් කර දැමීමට ද ඔවුන්ට හැකි වූයේ එපරිද්දෙනි. ඔවුන් සම්බන්ධ කාරනාවේ දී කිසිදු “ගැටළුවක්” නො වීය; එසේ වීමේ හැකියාවක් ද නොවිණි.
පරපුරෙන් පරපුරට පොදුවේ සමස්ත ලෝකයේ ම කම්කරු ව්‍යාපාරය තුල සිදු වී ඇති සේ ම, අපේ පක්ෂයේ නිර්ධන පාන්තික විප්ලවවාදීන් හා සුළු ධනපති බුද්ධිමතුන් අතර ගැටුම ද පැන නඟින්නේ කිසිසේත් ම, සුළු ධනපති බුද්ධිමතුන්ට එරෙහිව කම්කරුවන් තුල පවත්නා අනුවණ අගතීන් නිසා නොවේ. එය පැන නඟින්නේ කොමියුනිස්ට් ප්‍රකාශනයේ සඳහන් වන පරිදි ඔවුන් “පිටස්තර පන්තිවල පෙකණි වැල කපා මිදී ගැනීම”ට හෝ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් “විප්ලවවාදී පන්තිය සමඟ බද්ධවීම”ට ක්‍රියා නො කිරීම නිසා ය. …. Read more