Politics & Economy

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: සහෝදරවරුන්ට යැවූ ලිපි

බර්න්හැම් සහෝදරයා යෝජනා කරන්නේ සෝවියට් සංගමය කපා හැරීමට ය. … එනම්, සෝවියට් සංගමය ආරක්ෂා කිරීම අත්හැර දැමීම යි. … මට රුසියානු කම්කරුවන්ට එම උපදෙස දිය නො හැකිය. සෝවියට් සංගමය ආරක්ෂා කිරීමේ අදහසට ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය තුළ අර්ථයක් ලැබෙන්නේ හරියට ම යුද්ධ කාලයක දී නම්, යුද්ධය දොරට තට්ටු කරන මොහොතේ ම එම අදහස අත්හැර දැමීමට මම යෝජනා නො කරමි. 

කෙසේවෙතත්, බර්න්හැම් සහෝදරයා මතු කළ ප්‍රශ්නයේ තවත් පැතිකඩක් තිබේ. එනම්, ප්‍රමාණවත් සාකච්ඡාවකින් පසුව එළැඹ ගන්නා පක්ෂ තීන්දු කෙරේ දක්වන ආකල්පයයි. ….

ස්වභාවිකව ම සියලු දෙනාට තම මතය දැරීමේ අයිතියක් ඇත. එහෙත් පක්ෂයට ද, පක්ෂයක් වශයෙන් සිය මතය දැරීමේ අයිතිය ඇත. තව ද, පක්ෂයේ සාමූහික මතයට – විශේෂයෙන් ම අර්බුදකාරී අවස්ථාවන් හි දී – මාර්ගය ඉඩ දිය යුතුව ඇත. … Read more  

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 13

යුද්ධය සඳහා සූදානම් වීම යන්නෙන් කිසියම් ගුප්ත විශේෂ කර්තව්‍යයක් අදහස් නො කෙරේ. එහි අර්ථය වන්නේ පක්ෂය කම්කරුවන් වෙත හැරීම සහ වෘත්තීය සමිති තුළට ගැඹුරින් කා වැදීමයි. ඉන් අදහස් වන්නේ පක්ෂ සාමාජිකත්වයේ සංයුතිය නිර්ධන පංතිකරණය කිරීම් වස් ප්‍රබල පියවර ගැනීමයි. තව ද, කණ්ඩායම් අරගලයේ අත්දැකීම්වල ආලෝකයෙන් පෙනී යන පරිදි, නිර්ධන පාන්තික දිශානුයෝජනය යනු අන් සියල්ලටමත් වඩා, සියලු පෙරමුණුවල දී, නිර්ධන පංති විප්ලවයේ දෘෂ්ටිවාදය හා වැඩ පිළිවෙලට – මාක්ස්වාදයට, එනම්, ට්‍රොට්ස්කිවාදයට – එරෙහි ඕනෑම හා සියලු විරෝධයන්ට විරුද්ධ අශමනීය යුද්ධය අඛණ්ඩව පවත්වා ගෙන යාමේ දෘඩ තීන්දුවකි. සියල්ල කළ හැකි වනුයේ එවිට ය. …Read more  

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 12-II

බහුජන පක්ෂයක නායකත්වය යටතේ කම්කරුවන්ගේ බහුජන ව්‍යාපාරයක් හරහා ස්වකීය සමාජවාදී අරමුණු සාක්ෂාත් කිරීමේ මාවත් සොයන නිර්ධන පන්ති විප්ලවවාදීන්ට කල්ලි හා කල්ලිවාදය හා ස්ථාවර කණ්ඩායම් පිළිබඳව ඇත්තේ අපුලකි. අපේ පක්ෂපාතීත්වයට උරුමකම් කිව හැකි එකම ස්ථාවර සැකැස්ම පක්ෂයයි. අප සම්බන්ධයෙන් නම්, කණ්ඩායම් යනු මතභේදයට තුඩු දී ඇති ක්ෂණික ගැටළු ශමනය වූ කල විසුරුවා හැරිය යුතු තාවකාලික සමූහනයන් ය. කල්ලි සම්බන්ධයෙන් කිව හැක්කේ ඒවා මූලධර්මාත්මක පදනමකින් තොර, කුට්ටාලියන් හා මිතුරන්ගේ සමූහනයන් බවයි. අප, අපේ ව්‍යාපාරයේ මූලාරම්භයේ සිට එවැනි ගර්හාන්විත දේ වලට එරෙහිව අධ්‍යාපනික අරගලයක් දියත් කළේ අවසානයේ අපේ ම කල්ලියක් තනා ගැනීම සඳහා නො වේ. … Read more     

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 12-I

ස්ටැලින්වාදී නිලධරය නියෝජනය කරන්නේ, කම්කරු රාජ්‍යයක පදනම මත ඉතිහාසයේ ප්‍රථම වරට පහල වූ වරප්‍රසාදිත සමාජ කණ්ඩායම් ය. ස්ටැලින්වාදයේ සැබෑ අබිරහස විසඳීමේ යතුර සොයා ගත්තේ මාක්ස්වාදීහු – එනම්, ට්‍රොට්ස්කිවාදීහු – පමණක් වෙති. ඔවුහු පළමුව එහි සමාජ පදනම හෙළිදරව් කළෝය. එහි වරප්‍රසාද හා සුවිශේෂී උත්සුකයන්, බහුජනයාගේ සමාජවාදය කරා වන ප්‍රයානයේ දී එකී ජනයාගේ උත්සුකයන් සමඟ සමනය කළ නොහෙන ආකාරයෙන් ගැටෙන බව ඔවුහු පෙන්වා දුන්නෝය. තම සුවිශේෂී උත්සුකයන්ට සේවය කිරීම් වස් පක්ෂයේ වැඩ පිළිවෙලට හා සම්ප්‍රදායයට ප්‍රතිවිරුද්ධ වූ පිළිවෙත් රේඛාවක් හඳුන්වා දීමට ස්ටැලින්වාදී නිලධරයට සිදු විය. එවැනි පිළිවෙතක් පක්ෂය මත හා රට මත පැටවීමට පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය මැඩ පැවැත්වීමටත්, නිලධාරීවාදී ප්‍රචණ්ඩත්වය යොදා තමන්ගේ පිළිවෙත් රේඛාව බලහත්කාරයෙන් පවත්වා ගෙන යාමටත්, පක්ෂ යාන්ත්‍රණයේ සියලු බලය සංකේන්ද්‍රණය කිරීමටත් ඔවුන්ට සිදු විය. 

…. ස්ටැලින්, තවත් සුවිශේෂී අධිකාරිත්වයක් දැරූ නායකයෙකු වූ ලෙනින්ට හාත්පසින් ම වෙනස් වර්ගයක “නායකයෙකු” ලෙස පෙනී සිටී. ඔහු සිය ස්ථානයට නැඟී ඇත්තේ සහමුලින් ම වෙනස් භාවිතයකිනි. ලෙනින් නම් මාක්ස්වාදියා සහ විප්ලවවාදියා, මහජන උත්සුකයන් තථ්‍යාකාරයෙන් ප්‍රකාශයට පත් කළ අතර, ඔහු දැරූ ස්ථානය පවත්වා ගැනුනේ නිර්ධන පන්තියේ වඩාත් ම සවිඥානක කොටසේ කැමැත්ත, හා ඇත්තෙන්ම ආදරය ද, මත ය. එහි ප්‍රතිඵලයක් ලෙස ලෙනින් ජනයා මත රඳා සිටි අතර, රට තුළ සහ පක්ෂය තුළ වරප්‍රසාද ලත් කොටස්වලට එරෙහිව එකී ජන සහයෝගය බලමුලු ගැන්වීම සඳහා පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය විය. ස්ටැලින් නම් සංශෝධනවාදියා සහ විප්ලවය පාවාදෙන්නා සිය ස්ථානය කරා නැඟුනේ මහජනයාගේ ස්වේච්ඡාමය අපේක්ෂාව මත නො ව, එකී අපේක්ෂාවන්ට එරෙහිව වරප්‍රසාද ලත් කණ්ඩායම් සිදු කළ අරගලය තුළිනි. ස්ටැලින් “නායකයා” වූයේ ජනයා ඔහුට “ආදරය” කළ නිසා නො වේ; ඔහු ආඥාදායක බලය වූ හෙයින්, ජනගහනයේ වරප්‍රසාදිත කොටස්වල බේරුම්කරු, ආරක්ෂකයා සහ හොඳම නියෝජිතයා ලෙස ඔහුගේ ස්ථානය සවිමත් කරනු වස් සිය කීර්ති නාමය කෘත්‍රිම ව පුම්බා ප්‍රවර්ධනය කළ යුතු සෝවියට් බොනපාට්වරයා ඔහු වූ හෙයින්, ඔහුට “ආදරය” කිරීම අනිවාර්ය වේ. ඉදින් යමෙක් මේ ගැන නො එකඟ වෙත් ද, ඔහුට ඒත්තු ගැන්වීමට GPUව (සෝවියට් රාජ්‍ය ඔත්තු සේවය) සිටී. … Read more     

Politics & Economy

පලාත් සභා මැතිවරනය 2025, පන අදින පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ සලකුනක්

තමන් බලය ගත් මාස හයට කල වැඩ අන් කවර ආන්ඩුවක්වත් කර නැතැයි ජාජබ පවසන්නේ එවන් පසුබිමක ය. එම වැඩ මොනවා ද? විරැකියාවට හා දරිද්‍රතාවට විසඳුම් කෙසේ වෙතත්, රාජ්‍ය ආයතන වසා දැමීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීම හෝ විකුනා දැමීමේ සැලසුම් ඉදිරියට යමින් තිබේ. රාජ්‍ය ආයතන 12ක් වසා දැමීමට රජය පෙබරවාරී මාසයේ තීරනය කලේ ය. වර්ග කිලෝ මීටර් තුනෙන් තුනට එක පාසැලක් හදන බවට පොරොන්දු දුන් ජාජබ සිසුන් 100 අඩු පාසැල් 100ක් වසා දැමීමට තීන්දු කලේය. නො ඉවසිය හැකි මට්ටමකට බදු ඉහල දැමුවේ ය. මෙහිදී, කලින් බදු අය නො කල අත්‍යවශ්‍ය භාන්ඩ කිහිපයක් ම අලුතින් බද්දට යටත් කරන ලදී.

රාජ්‍ය මර්දනය පෙර මෙන් ම ඉදිරියට ගෙන යමින් නිදහසට හා ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩක් නැති බව නැවතත් තහවුරු කර ඇත. අවලංගු කරනවායැයි පොරොන්දු වූ ත්‍රස්ත විරෝධී පනත ජාජබ ආන්ඩුව ද පෙර පැවති ආන්ඩු මෙන් ම යොදා ගනී. ඒ අතර අධිකරන ක්‍රියා පටිපාටියකින් තොරව හිතු හිතු ආකාරයට මිනී මැරීමට පොලිසියට අනුග්‍රහය ලබා දීම ද නො නැවතී සිදුවේ. …

ඉතා ඉක්මනින් සිය මහජන පදනම් පතුලටම සිඳී යනු ඇති බව ආන්ඩුව නිසැකයෙන් ම දැන සිටී. ආන්ඩු බලය ගැනීමට පෙර සිටම ඔවුන්ගේ උපදේශකයන් යෝජනා කලේ සියලු අමාරු දේ මුල් මාස හය තුල ඉටු කර ගැනීම අවශ්‍ය බව ය. ඉන් අනතුරුව ආන්ඩුවේ ජනප්‍රියත්වය නැතිව යන බව ඔවුහු නිවැරදිව පෙරදුටහ. ..Read more 

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 11-III

පක්ෂයේ නිර්ධන පන්ති කොටස තුළ සිය ගරුත්වයට යටි වළ කපා ඇති ආකාරය පිළිබඳව සුළු ධනපති කණ්ඩායමේ නායකයෝ නිරතුරුව මැසිවිලි නඟති. එහෙත් ඔටෝ අර්බුදයේ දී හා මිනියාපොලිස් ලෝකල් මැතිවරණවල දී එවැනි භාවිතයන් හා විධික්‍රම උපයෝගී කර ගැනීම මඟින් ඔවුන් තමන්ට ම එල්ල කරගත් මුෂ්ටි ප්‍රහාර ඉක්මවා යන ප්‍රහාරයන් ඔවුන්ගේ බලපෑමට හා අධිකාරියට එරෙහිව එල්ල කිරීමට, ඔවුන්ගේ වඩාත් ම අනර්ථකාමී සතුරාටවත් නො හැකි වනු ඇත. Read more 

Politics & Economy

ඉන්දීය ජම්මු කාශ්මීරයේ පැහැල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු

1947 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් හා ඉන්දීය කොන්ග්‍රසයේ සහයෝගයෙන් ජීවමාන ඉන්දියාව කපා වෙන් කිරීමට ගත් තීන්දුව අදටත් කෝටි සංඛ්‍යාත ජනතාවගේ ජීවිත තලා දමමින් ක්‍රියාත්මක වේ. ජම්මු කාශ්මීර අර්බුදය 1947 ඉන්දියාව බෙදීමේ ඍජු ප්‍රතිඵලයකි. … අද දින දෙරටෙහි ජනතාව මුහුණ දී සිටින්නේ මෙම ව්‍යසනයටයි.

එහෙත් මෙවර ඉන්දු-පාකිස්ථාන අර්බුදය පැන නැඟී ඇත්තේ, ඇමරිකානු අධිරාජ්‍යවාදය සිය ලෝක ආධිපත්‍යය සඳහා ලෝක ගෝලයේ විවිධ මර්මස්ථානවල දියත් කර ඇති යුද්ධ මාලාවක් මධ්‍යයේ වීම එක් විශේෂයකි. දෙවැනි විශේෂත්වය නම්, දැන් මේ දෙරටම න්‍යෂ්ටික අවි අත්හදා බලා තිබීමයි. එබැවින්, .. ඉහත ගැටුම්වලට වඩා, මෙවර ගැටුම තුල, කලාපීය සීමා ඉක්මවා යන අතිශය අන්තරායකර විභවයක් ගැබ්ව පවතී. Read more 

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 11-II

අපේ පක්‍ෂ “තන්ත්‍රය” නිලධරයක් නො වන අතර, එය කණ්ඩායමක් හෝ කල්ලියක් ද නො වේ. එය වූ කලී, කර්කශ ආර්ථික දණ්ඩනයන්ගේ වියදම දරමින්, තමතමන්ගේ කුශලතාවයන්, ධාරිතාවයන්, අත්දැකීම් හා පක්ෂයට සේවය කිරීමට ඇති සූදානමට අනුව විවිධ කර්තව්‍යයන් ඉටු කරන තෝරා ගත් පුද්ගල කණ්ඩායමකි. ඔවුන් තෝරා ගැනීමෙහි ලා “අනුග්‍රහයක” අංශුමාත්‍ර හෝ බලපෑමක් නො මැත; එවැන්නක් පිළිබඳ හුදු යෝජනාව ම වුව; විශේෂයෙන් ම, සාමාන්‍යයෙන් සිදුවන පරිදි, කිසිවිටෙකත් රාත්‍රී භෝජනයක් සඳහා වෙන් කරගත් කාලය විප්ලවය වෙනුවෙන් අහිමි කර නො ගන්නා, ඉතා සුවපහසු ලෙස ස්ථානගත වී සිටින හුදු රසිකයන්ගෙන් නැඟෙන විට, එය දරා ගත නොහැකි අපහාසයක් වෙයි. එමෙන්ම, පක්‍ෂ නිලධාරීන් තෝරා ගැනීමේ දී කවර හෝ කාණ්ඩමික වෙනස්කම් කිරීමක් හෝ අනුග්‍රහ දැක්වීමක් තිබූ බවට චෝදනාවක් යුක්තියුක්ත ලෙස ඉදිරිපත් කළ නො හැක. මධ්‍යස්ථානයේ, විශේෂයෙන් ම කර්තෘ මණ්ඩල හා කාර්යාලයීය තනතුරු තුළ විපක්‍ෂය නියෝජනය වී ඇත, ඉතා හොඳින් නියෝජනය වී ඇත. …Read more 

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 11-I

වෘත්තීයමය ක්‍රියාකරුවන්ට කුලී වැඩෙහි යෙදෙමින්, ඊට ද අමතර ව පක්‍ෂයට සතියකට වරක් ගොඩ වී යන “ලොක්කන්”ගේ පරිභවයන් ඉවසා දරා සිටීමට සිදුව ඇති අතරතුර, තමන්ට වැඩිපුර ඇති කාලය ව්‍යාපාරයට යොදවන වීරයන්ගේ නායකත්වයට අපේ ව්‍යාපාරය නතු කිරීමට අපි ඉඩ නො දෙන්නෙමු. පක්ෂය එහි වෘත්තීයමය කාර්ය මණ්ඩලයට ගෞරව බහුමාන දක්වයි. වෘත්තීයමය විප්ලවවාදීන්ගේ රැකියාව සියලු රැකියා අතර වඩාත් ම ගරු කටයුතු එක වශයෙන් එය සළකයි. සෑම තරුණ පක්ෂ සාමාජිකයෙකුගේ ම ඉහළතම ප්‍රාර්ථනාව හා අභිලාෂය විය යුත්තේ සිය ජීවිතය තුළ එවන් වෘත්තිකයෙකු වීමට සුදුස්සෙකු වීමයි. …Read more 

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 10

ඔවුන් වරදක් ලෙස දකින එවන් වූ “ගතානුගතිකවාදය” කල්‍යාණ ගුණයක් ලෙස අපි සලකන්නෙමු. දැවැන්තතම ඓතිහාසික සිදුවීම්වල පරීක්ෂාවෙන් සත්‍යාපනය කෙරී ඇති සහ, අප දකින අයුරින් නිර්ධන පන්තියේ විමුක්තිය සඳහා වන එකම වැඩ පිළිවෙල සතු මෙකී මූලධර්මවලට තදින් ම “ඇලී ගැලී” සිටීම අපේ එල්ලයයි. … ඉදින් මෙය ගතානුගතිකවාදය නම්, එයින් අපි උපරිම ප්‍රතිලාභ ලබා ගන්නෙමු. …Read more 

Scroll to Top