ෂැට්මන්ට අනුව මෙම කල්ලියේ බඳවා ගැනීමේ විධික්‍රම මොනවා ද? අද මෙන් එදා ද: “… එය, සිය විරුද්ධවාදීන්ට විවෘතව සහ අවංකව මුහුණට මුහුණ දී කෙරෙන න්‍යායාත්මක අභිමුඛනයක විධික්‍රම මඟින් දිනා ගත් එකදු පක්ෂපාතියෙකු හෝ නැත. එහි විධික්‍රම වඩාත් වෙනස් ය: එය, ඇබර්න් විසින් රහසේ යවනු ලබන, එහෙත් පක්ෂය ඉදිරියේ ප්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීමට කිසිදා එඩිතර නො වන විෂකුරු ‘තොරතුරු සටහන්’ ලිපිවල එකක් කියයි; එළිපිට තවෙකක් කියයි.” …
එය නියෝජනය කරන්නේ කුමක් ද? “එය අපේ රුධිර ප්‍රවාහය තුළ – එනම්, මූලධර්මාත්මක විධික්‍රම මත තමන් පදනම් කර ගන්නා, කල්ලි දේශපාලනය හා පෞද්ගලික සංයෝජනතාවාදය පිළිකුල් කරන විප්ලවවාදී මාක්ස්වාදී ප්‍රවාහය තුළ – සෞඛ්‍යයට අහිතකර හා දුෂ්ට ප්‍රවාහයක් නියෝජනය කරයි. එහි කල්ක්‍රියාව, එහි ආචාරවිධි, එහි චාරිත්‍රවාරිත්‍ර, එහි විධික්‍රම එය අපේ ව්‍යාපාරයට පිටස්තර වූ පර්යායක් බවට පත් කරයි.” … Read more