පරාක්‍රම කුරුප්පු විසිනි

2026 අගෝස්තු 10 වන දින දකුණුදිග යුක්‍රේනයේ පර්වෝමේස්ක්හි අධිකරණයක් 27 හැවිරිදි සමාජවාදියෙකු වන බොග්ඩාන් සයුරොටියුක්ට 15 වසරක සිර දඬුවමක් පැනවීය. ඔහු විසින් කරන ලද ‘අපරාධය’ වන්නේ, ඇමරිකානු හා යුරෝපීය අධිරාජ්‍යවාදීන් යුක්‍රේනය බළල් අතක් ලෙස යොදා ගනිමින් රුසියාවට එරෙහිව ගෙන යනු ලබන යුද්ධයට එරෙහිව ලිපි හයක් ලිවීමයි!
බොග්ඩාන් සයුරොටියුක්ට පැනවූ මෙම දඬුවම හෙළා දකින Socialist.lk වෙබ් අඩවිය, එම දඬුවම අහෝසි කරන ලෙසත්, ඔහු වහා මුදා හරින ලෙසත් ඉල්ලා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් ගෙන යන අරගලයට සහාය දෙන ලෙසත්, ඒ සඳහා ස්වාධීනව නැඟී සිටින ලෙසත් කම්කරුවන්, ශිෂ්‍යයන් හා තරුණයන් ඇතුළු සිය පාඨකයන්ගෙන් ඉල්ලා සිටී.
බොග්ඩාන් සයුරොටියුක් පෙර සෝවියට් සංගමය ලෙස පැවැති කලාපයේ ක්‍රියාත්මක වන ට්‍රොට්ස්කිවාදී සංවිධානයක් වන බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල (YGBL)හි ප්‍රමුඛ සාමාජිකයෙකි. ‘යුද්ධ නීතිය යටතේ රාජද්‍රෝහී චෝදනා’ මත 2024 අප්‍රේල් 25 වන දින යුක්‍රේන ආරක්ෂක සේවය (SBU) ඔහු අත්අඩංගුවට ගත් අතර, එතැන් පටන් මෙම සිර දඬුවම පැනවූ අගෝස්තු 10 දින දක්වා මාස 27 ක කාලයක් ඔහු ගත කළේ, ධාරිතාව ඉක්මවා කටුක තතු යටතේ සිරකරුවන් ගාල් කර ඇති නිකොලයෙව් බන්ධනාගාරයේ ය.
ඔහුට එරෙහි චෝදනාව ‘යුද්ධ නීතිය යටතේ රාජද්‍රෝහීවීම’ වන නමුදු, ඔහුට එරෙහිව ඔත්තු බැලීමේ, කඩාකප්පල් කිරීමේ, කිසිදු හමුදා බලයක් සමඟ කිසිදු සම්බන්ධතාවයක් පැවැත්වීමේ චෝදනා කිසිවක් නො නැඟේ. රාජද්‍රෝහීත්වය පිළිබඳ සියලු චෝදනා එල්ල වී තිබෙන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පළකෙරුණු ඔහුගේ දේශපාලන ලිපි වලට හා එය පළ කළ කර්තෘවරුන් වෙත ඔහු එවූ පණිවුඩ සම්බන්ධයෙනි. ඔහුට වසර පහළොවක සිර දඬුවමක් ලබා දී ඇත්තේ ලිපි හයක් ලිවීම සම්බන්ධයෙනි.
මේ ලිපිවල අන්තර්ගතය කවරාකාර වී ද?
මේ ලිපි තුළ රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හෙළා දැක ඇත. කියෙව් තන්ත්‍රය හිස සිට දෙපතුළට සන්නද්ධ කරමින් සිටින නැටෝ බලවතුන් හෙළා දැක ඇත. එම ලිපි මඟින් යුක්‍රේනයේ හා රුසියාවේ කම්කරු පන්තියට කැඳවුම් කර ඇත්තේ යුද්ධයට එරෙහිව තම තම රටවල පාලක පන්තීන්ට එරෙහිව ඒකාබද්ධ වන ලෙසයි. කෙතරම් ”ද්‍රෝහීත්වයක්” ද?
බොග්ඩාන් සිය ලිපි තුළ ”ජාතික වීරයන් පිළිබඳව යළි අර්ථ කථනය” කර ඇති බව හා ඔවුන් ”ෆැසිස්ට්වාදීන් හා නාසීන් සමඟ සංසන්දනය කර” ඇති බවත් අධිකරණ තීන්දුවේ විශේෂයෙන් උපුටා දක්වා ඇත. එම සඳහන විසින් අදහස් කරනු ලැබ ඇත්තේ, යුදෙව් ජාතිකයන්ට එරෙහි සමූලඝාතන ව්‍යාපාරයට සහකාරකයන් ලෙස සහභාගී වූ ස්ටෙපාන් බන්දේරා සහ OUN සංවිධානය පිළිබඳ ඔහුගේ හෙළිදරව් කිරීම් ය. අද යුක්‍රේනය තුළ නාසීන් හෙළා දැකීම අපරාධයක් වී ඇත.
මෙම තීන්දුව ඒකාධිපතිවාදී ක්‍රියාවකි. සෙලන්ස්කිගේ ධුර කාලය 2024 මැයි මාසයේ අහෝසි වී ඇතත්, ඔහු සිය නෛතික වරම ඉක්මවා දෙවසරකට වැඩි කාලයක් තවමත් බලයේ රැඳී සිටින්නේ ස්ථාවර යුද්ධ නීතියේ විධිවිධාන ප්‍රකාරව ය. මැතිවරණ අවලංගු කර ඇත. වාමාංශික පක්ෂ මුළුමණින් තහනම් කර ඇත. යුද්ධය පවත්වා ගෙන යන්නේ ”ප්‍රජාතන්ත්‍රවාදය” වෙනුවෙනැයි කියා පාමින් එක්සත් ජනපදය හා නැටෝව ඩොලර් කෝටි ගණන් වටිනා යුද අවි වර්ෂාවන්ගෙන් නහවන්නේ, බොග්ඩාන් සිරගත කළ මෙකී යුක්‍රේන ආණ්ඩුවයි. මෙම දණ්ඩනය එකී මුසාව නිශ්චිත ලෙස හෙළිදරව් කර ඇත.
බොග්ඩාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙමින් පවතී. දැනට වසරකට වඩා වැඩි කාලයක් ඔහුට ලැබිය යුතු හදිසි වෛද්‍ය ප්‍රතිකාර කිසිවක් ලබා දී නැත. සිරකරුවන් උතුරා යන, වධදීම් හා අත්අඩංගුවේ සිටිය දී සිදුවන මරණ සංඛ්‍යාවන් පිළිබඳව එක්සත් ජාතීන්ගේ හා යුරෝපා කවුන්සිලයේ ලිඛිත වාර්තා නොමඳව පවතින යුක්‍රේන සිරගෙවල් පද්ධතිය තුළ පහළොස් වසරක සිර දඬුවමක් යනු මරණ දඬුවමකි.
මේ මරණීය තර්ජනය එල්ල වී ඇත්තේ සිය අදහස් දැරීමට හා ඒවා ප්‍රකාශයට පත් කිරීමට තමාට ඇති මූලික මිනිස් අයිතිය ක්‍රියාත්මක කිරීමට බොග්ඩාන් ඉදිරිපත් වූ නිසා ය. මේ අපරාධකරණයට භාජනය කර ඇත්තේ එම අයිතියයි. ඊට ද වඩා, යුද්ධය පිළිබඳ ස්වාධීන මතයක් දැරීමට හා ඒ පිළිබඳ උද්ඝෝෂණය කිරීමට කම්කරු පන්තියට ඇති අයිතියයි. ලෝක යුද්ධයක එළිපත්තේ සිටින අධිරාජ්‍යවාදීන් හෙට දින රටක් රටක් පාසා මෙසේ සිය යුද්ධයට එරෙහි ස්වාධීන අදහසක් දැරීම අපරාධයකැයි නම් කරනු ඇත. ඒ සඳහා නීති සම්පාදනය කරනු ඇත. එම නීති මඟින් ලක්ෂ ගණනින් මිනිසුන් සිරගත කරනු ඇත. මේ නිසා, බොග්ඩාන් සයුරොටියුක්ට පැනවූ දණ්ඩනයට එරෙහිව නැගී සිටිමින් ඔහුගේ නිදහස සඳහා පෙනී සිටීම කම්කරු පන්තියට හා යුද විරෝධී සියලු ජනයාට තමන්ගේ ම කර්තව්‍යයකි.
මෙම තීන්දුවට එරෙහිව දින 30 ක් ඇතුළත අභියාචනයක් ගෙන ඒමට අවකාශ ඇත. බොග්ඩාන් සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ යුරෝපා අධිකරණයට ඉදිරිපත් කර ඇති පැමිණිල්ල එම අධිකරණය විසින් දැනටමත් පිළි ගෙන ඇත. ඔහුගේ නිදහස සඳහා වන අරගලය දැන් තීරණාත්මක හා අත්‍යවශ්‍ය වේ. ඔහුගේ නිදහස ඉල්ලා ලෝක සමාජවාදී වෙබ් අඩවිය දියත් කර ඇති පෙත්සම් ව්‍යාපාරයට විශාල සහායයක් ගොනු වෙමින් පවතී. නිව්යෝර්ක් ටයිම්ස්, BBC, CNN, රොයිටර් වැනි ප්‍රමුඛ ධනපති මාධ්‍ය මෙන්ම ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්, හියුමන් රයිට්ස් වොච් වැනි සංවිධාන ද මේ සම්බන්ධයෙන් අපරාධකාරී මුනිවතක් රකිමින් යුක්‍රේන ආණ්ඩුවේ අපරාධ සහායකයන් ලෙස ක්‍රියා කරද්දී, රටවල් හතළිහක ඉතිහාසඥයන්, වෛද්‍යවරුන්, ගුරුවරුන්, කම්කරුවන් හා කලාකරුවන් රැසක් ඇතුළු හය දහස් ගණනක් පෙත්සමට අත්සන් තබා ඇත.
බොග්ඩාන් සයුරොටියුක් දේශපාලන සිරකරුවෙකි. ඔහු සිරගත කිරීමට හේතුභූත වූ ඔහු පිළිගත් ඉදිරි දර්ශනය; එනම්, තම තම පාලක පන්තීන්ට එරෙහිව දේශසීමා ඉක්මවා යමින් කම්කරු පන්තිය ඒකාබද්ධවීම; යනු අධිරාජ්‍යවාදී යුද්ධය හමුවේ සමස්ත ජාත්‍යන්තර කම්කරු පන්තිය හමුවේ ඇති එකම ඉදිරි දර්ශනයයි. සෙලන්ස්කි තන්ත්‍රය ඔහුගේ නිදහස ප්‍රදානය කරන්නේ නැත. එය දිනා ගත යුත්තකි. ලොව පුරා කම්කරුවන්, තරුණයන් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරන්නන් බලමුළු ගන්වා දිනා ගත යුත්තකි.
ඒ සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඇති Demand the freedom of Ukrainian socialist and anti-war activist Bogdan Syrotiuk! සම්බන්ධකය ඔස්සේ පිවිසී පෙත්සම අත්සන් කරන ලෙස ද, පර්වොමේස්ක් නගරයේ දිස්ත්‍රික් අධිකරණය (ඊ මේල් ලිපිනය: inbox@pm.mk.court.gov.ua) හා මයිකොලේව් අභියාචන අධිකරණය (ඊ මේල් ලිපිනය: inbox@mka.court.gov.ua) වෙත, බොග්ඩාන්ට එරෙහි තීන්දුව අහෝසි කරන ලෙසත්, ඔහු නිදහස් කරන ලෙසත් ඉල්ලා විද්‍යුත් පණිවුඩ යවන ලෙස ද, එකී විද්‍යුත් පණිවුඩවල පිටපත් freebogdan@wsws.org වෙත යොමු කරන ලෙස ද අපි අපේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.
පසු සටහන:
බොග්ඩාන් සයුරොටියුක් සහෝදරයාට පනවන ලද 15 අවුරුදු සිර දඬුවමට විරෝධය පළකරමින්, එම දඬුවම කොන්දේසි විරහිතව අහෝසි කරන ලෙසත්, ඔහුට එරෙහි චෝදනා අහෝසි කරන ලෙසත් ඉල්ලා සිටිමින් පහත දැක්වෙන ඊමේල් පණිවුඩය මයිකොලේව් අභියාචනා අධිකරණය වෙත හා පර්වොමේස්ක් නගර දිස්ත්‍රික් අධිකරණය වෙත යවා ඇත. එහි සිංහල පරිවර්තනය ද පහත දැක්වේ:
To the Mykolaiv Court of Appeal,
I am the editor of Socialist.lk website, writing from Colombo, Sri Lanka.
I am writing to protest the sentencing of Bogdan Syrotiuk to 15 years’ imprisonment by the Pervomaisk City District Court on 10 August 2026, and to demand his immediate and unconditional release and the quashing of all charges against him.
According to the court’s own ruling, the sole evidence against Mr. Syrotiuk consists of six political articles in which he condemned both the Russian invasion of Ukraine and the role of NATO in prolonging the war, and called for the unity of Ukrainian and Russian workers against their own ruling classes. No act of espionage, sabotage, or collaboration with any military force was presented. The state’s own forensic commission was forced to drop one of the seven articles originally cited from the indictment after finding nothing criminal in it. Mr. Syrotiuk has been sentenced to 15 years for six political articles.
The prosecution of a socialist for his political writings is a violation of the most fundamental democratic rights — freedom of speech, freedom of the press, and freedom of political association. It exposes the claim that this war is being fought for “democracy” as a fraud. The banning of left-wing political parties, the cancellation of elections, the suppression of independent media, and now the jailing of an anti-war socialist for 15 years — these are the acts of a dictatorship, not a democracy.
This case is being followed internationally by thousands of people in over 40 countries. The European Court of Human Rights has already accepted Mr. Syrotiuk’s application. Historians, doctors, teachers and workers on five continents have written to protest his imprisonment. The world is watching.
I demand that the Mykolaiv Court of Appeal overturn the verdict of 10 August 2026 and order the immediate and unconditional release of Bogdan Syrotiuk.
Yours faithfully,
Parakrama Kuruppu
Editor – Socialist.lk Colombo, Sri Lanka
සිංහල පරිවර්තනය:
මයිකොලේව් අභියාචනා අධිකරණය වෙත,
Socialist.lk වෙබ් අඩවියේ කර්තෘ වන මම ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ සිට මෙය එවන්නෙමි.
මා මෙම විද්‍යුත් ලිපිය එවන්නේ පර්වොමේස්ක් නගර දිස්ත්‍රික් අධිකරණය විසින් 2026 අගෝස්තු 10 වන දින බොග්ඩාන් සයුරොටියුක්ට පනවන ලද 15 අවුරුදු සිර දඬුවමට මගේ විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට සහ, ඔහු වහාම හා කොන්දේසි විරහිතව මුදා හරින ලෙසත්, ඔහුට එරෙහි සියලු චෝදනා වලින් ඔහු නිදහස් කරන ලෙසත් ඉල්ලා සිටීම සඳහා ය.
අධිකරණයේම තීන්දුවට අනුව, සයුරොටියුක් මහතාට එරෙහිව පවතින එකම සාක්ෂිය සමන්විත වන්නේ, රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හා නැටෝව යුද්ධය දිගටම පවත්වා ගෙන යාම යන දෙකම හෙළා දකිමින්, සහ තම තම පාලක පන්තීන්ට එරෙහිව එක්සත් වෙන ලෙස යුක්‍රේන හා රුසියානු කම්කරුවන්ට කැඳවුම් කරමින්, ඔහු විසින් ලියන ලද දේශපාලන ලිපි හයකිනි. ඔත්තු බැලීමේ, කඩාකප්පල් කිරීමේ, හෝ කිසිදු හමුදා බලයක් සමඟ කිසිදු සම්බන්ධතාවයක් පැවැත්වීමේ ක්‍රියාවක් පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් වී නැත. අධිකරණයේම තීන්දුවට අනුව, සිරොටියුක් මහතාට එරෙහි එකම සාක්ෂිය වන්නේ රුසියානු යුක්රේන ආක්‍රමණය සහ යුද්ධය දිග්ගැස්සීමේ නේටෝවේ භූමිකාව යන දෙකම හෙළා දුටු දේශපාලන ලිපි හයක් වන අතර, යුක්රේන සහ රුසියානු කම්කරුවන් තමන්ගේම පාලක පන්තිවලට එරෙහිව එක්සත් කළ යුතු බවට ඉල්ලා සිටියේය. ඔත්තු බැලීම, කඩාකප්පල් කිරීම හෝ කිසිදු හමුදා බලකායක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ ක්‍රියාවක් ඉදිරිපත් කර නොමැත. චෝදනා පත්‍රයෙන් මුලින් උපුටා දක්වන ලද ලිපි හතෙන් එකක්, එහි අපරාධයක් නොමැති බව සොයා ගැනීමෙන් පසු, රාජ්‍යයේම අධිකරණ වෛද්‍ය කොමිසමට එය ඉවත් කිරීමට බල කෙරුනි. දේශපාලන ලිපි හයක් සඳහා සයුරොටියුක් මහතාට වසර 15 ක සිර දඬුවමක් නියම කර ඇත.
සමාජවාදියෙකුගේ දේශපාලන ලේඛන සඳහා නඩු පැවරීම යනු, වඩාත් මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් – භාෂණයේ නිදහස, මාධ්‍ය නිදහස සහ දේශපාලන සංගමයේ නිදහස – උල්ලංඝනය කිරීමකි. මෙම යුද්ධය “ප්‍රජාතන්ත්‍රවාදය” සඳහා සටන් කරන බවට කරන ප්‍රකාශය වංචාවක් ලෙස එමඟින් හෙළිදරව් කෙරෙයි. වාමාංශික දේශපාලන පක්ෂ තහනම් කිරීම, මැතිවරණ අවලංගු කිරීම, ස්වාධීන මාධ්‍ය මර්දනය කිරීම සහ දැන් යුද විරෝධී සමාජවාදියෙකු වසර 15 කට සිරගත කිරීම – මේවා ප්‍රජාතන්ත්‍රවාදයක නොව ඒකාධිපතිත්වයක ක්‍රියාවන් ය.
මෙම නඩුව පිළිබඳව, ජාත්‍යන්තර වශයෙන්, රටවල් 40කට අධික සංඛ්‍යාවක දහස් ගණනක් ජනයා බලා සිටිති. යුරෝපීය මානව හිමිකම් අධිකරණය දැනටමත් සයුරොටියුක් මහතාගේ අයදුම්පත පිළිගෙන ඇත. මහාද්වීප පහක ඉතිහාසඥයන්, වෛද්‍යවරුන්, ගුරුවරුන් සහ සේවකයින් ඔහුගේ සිරගත කිරීමට විරෝධය පළ කරමින් ලියා ඇත. ලෝකය බලා සිටී.
2026 අගෝස්තු 10 වන දින තීන්දුව අවලංගු කර බොග්ඩන් සිරොටියුක් වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කිරීමට නියෝග කරන ලෙස මම මයිකොලේව් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිමි.
ඔබගේ විශ්වාසී,
පරාක්‍රම කුරුප්පු
සංස්කාරක – socialist.lk
කොළඹ, ශ්‍රී ලංකාව
