Politics & Economy

සුලු ධනේශ්වර කල්ලිවාදයට එරෙහිව විප්ලවවාදී පක්ෂයක නායකත්වය සහ මාක්ස්වාදී මූලධර්ම – කොටස 1

කොටස 1
ජුලි 6 දා, නීතිඥයෙකු වන සංජය විල්සන්, මිගාර මල්වත්ත සහ සුනිල් මොරායස් යන ත්‍රිත්වය සසප වාම කන්ඩායමේ වෙබ් අඩවිය හා සියලු සංනිවේදන මාධ්‍ය පැහැර ගෙන පලා ගියහ. මාක්ස්වාදී මූලධර්මවලට ප්‍රතිපක්ෂව සසප වාම කන්ඩායම මෙහෙයවා ගැනීමට තමන් දැරූ උත්සාහය සහමුලින් ම අසාර්ථක වූ නිසා ඔවුහු මෙම තීන්දුවට එලඹුනහ. සසප වාම කන්ඩායම යනු 2014 සිට සසප වර්ධනයට බාධා වූ තත්වයන්ට එරෙහිව පක්ෂය තුල සටන් වැදී සිටි හා 2022 දී පක්ෂ නායකත්වය විසින් බොල්ෂෙවික් පිලිවෙත නො තකා නෙරපා හරිනු ලැබූ කන්ඩායම යි. 2021 අවසානය කාර්තුව දක්වා ම අප කන්ඩායමට විරුද්ධව සිටි විල්සන්ට පන්ති අරගලයේ වර්ධනය සමග පක්ෂ නායකත්වයෙන් තමන්ට එල්ල වූ පීඩනය නිසා අප අරගලය පිලි ගැනීමට සිදු විය. … Read more

Uncategorized

Socialist.lk වෙබ් අඩවිය දියත් වෙයි

අද දින සසප වම වෙබ් අඩවිය වන socialist.lk දියත් කරන බව අප පාඨකයන්ට දැනුම් දෙන්නේ සතුටිනි.

දැනටමත් ඔබ දන්නා පරිදි, සසප වම සිය සන්නිවේදන මාධ්‍යය ලෙස ගොඩ නගා පසු ගිය ජුලි දක්වා පවත්වා ගෙන ගිය thesocialist.lk වෙබ් අඩවිය, අප කන්ඩායමෙන් පලා ගිය නීතිඥයෙකු වන සංජය විල්සන් විසින් පැහැර ගනු ලැබ ඇත. කිසිදු බාධාවකට සමාජවාදී සංස්කෘතිය සඳහා අප ගෙන යන අරගලය නතර කල නො හැකි බවට, එකී වෙබ් අඩවිය ගොඩ නැගීම සඳහා අපට ආධාර කල සියලු හිතවතුන්ට අපි සහතික වෙමු. … Read more

Politics & Economy

යුක්‍රේනයේ යුද්ධයෙහි ඓතිහාසික හා දේශපාලන පසුබිම පිලිබඳව මිතුරෙකුට ලියූ ලිපියක් – 1

1 කොටස
රුසියානු-යුක්‍රේන් යුද්ධය සම්බන්ධයෙන් පැවැති අන්තර්ජාල සාකච්ඡාව කෙරේ මගේ අවධානය යොමු කරවීම පිලිබඳවත්, එකී විශ්ව විද්‍යාලයීය කටයුත්තට මට සම්ප්‍රවේශය සලසා දීම පිලිබඳවත් ඔබට ස්තුතිවන්ත වෙමි. එකී ප්‍රචාරයට සවන් දුන් මම දැන්, ඔබ ඉල්ලා ඇති පරිදි, ශාස්ත්‍රාලයීයයන් දෙදෙනාගේ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මගේ “වෘත්තීයමය” අදහස දක්වන්නෙමි. මගේ අවධානය කේන්ද්‍රගත වන්නේ, සමූලඝාතනය පිලිබඳ අධ්‍යයන ක්ෂේත්‍රයේ ඔහුගේ කටයුතු මා හට සමීප වන ඉතිහාසඥයාගේ ප්‍රකාශ කෙරේ ය. කොයි හැටියෙනුත් වඩාත්ම සැලකිය යුතු පරිකථනයන් ඉදිරිපත් කලේ ඔහුය …Read more

Uncategorized

Socialist.lk is launched

We are happy to inform our readers that SEP – Left has launched its website socialist.lk. As you already know, the website of the SEP – Left; thesocialist.lk; which was built as its communication medium, and maintained until last July by our group, has been hijacked by lawyer Sanjaya Wilson, who defected from the group.

Scroll to Top