නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 11-II
අපේ පක්‍ෂ “තන්ත්‍රය” නිලධරයක් නො වන අතර, එය කණ්ඩායමක් හෝ කල්ලියක් ද නො වේ. එය වූ කලී, කර්කශ ආර්ථික දණ්ඩනයන්ගේ වියදම දරමින්, තමතමන්ගේ කුශලතාවයන්, ධාරිතාවයන්, අත්දැකීම් හා පක්ෂයට සේවය කිරීමට ඇති සූදානමට අනුව විවිධ කර්තව්‍යයන් ඉටු කරන තෝරා ගත් පුද්ගල කණ්ඩායමකි. ඔවුන් තෝරා ගැනීමෙහි ලා “අනුග්‍රහයක” අංශුමාත්‍ර හෝ බලපෑමක් නො මැත; එවැන්නක් පිළිබඳ හුදු යෝජනාව ම වුව; විශේෂයෙන් ම, සාමාන්‍යයෙන් සිදුවන පරිදි, කිසිවිටෙකත් රාත්‍රී භෝජනයක් සඳහා වෙන් කරගත් කාලය විප්ලවය වෙනුවෙන් අහිමි කර නො ගන්නා, ඉතා සුවපහසු ලෙස ස්ථානගත වී සිටින හුදු රසිකයන්ගෙන් නැඟෙන විට, එය දරා ගත නොහැකි අපහාසයක් වෙයි. එමෙන්ම, පක්‍ෂ නිලධාරීන් තෝරා ගැනීමේ දී කවර හෝ කාණ්ඩමික වෙනස්කම් කිරීමක් හෝ අනුග්‍රහ දැක්වීමක් තිබූ බවට චෝදනාවක් යුක්තියුක්ත ලෙස ඉදිරිපත් කළ නො හැක. මධ්‍යස්ථානයේ, විශේෂයෙන් ම කර්තෘ මණ්ඩල හා කාර්යාලයීය තනතුරු තුළ විපක්‍ෂය නියෝජනය වී ඇත, ඉතා හොඳින් නියෝජනය වී ඇත. …Read more