නන්දන නන්නෙත්ති
ඊයේ, එනම් 13 දින අලුයම ඊශ්‍රායලය තමන්ට එල්ල කල ගුවන් ප්‍රහාර මාලාවට ප්‍රතික්‍රියා දක්වමින් ඉරානය එම රාත්‍රියේ ම, දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් ඊශ්‍රායලයට එල්ල කලේ ය. එම ප්‍රහාරය හමුදා කඳවුරු හා ගුවන් තොටුපල ඉලක්ක කල බව වාර්තා වේ. ඒවා ඊශ්‍රායල හමුදා ඉලක්කවලට එල්ල වූ බවඒබීසී වාර්තා කර ඇත.
වාර්තාවලට අනුව බැලස්ටික් මිසයිල 150ක් සහ ඩ්‍රොන ්‍ර100ක් මෙම ප්‍රහාරයේ දී ඉරානය විසින් භාවිත කරනු ලැබ ඇත. ඉන් බොහොමයක් ඊශ්‍රායල ආරක්ශක පද්ධතිය මග හැර ඉලක්ක වෙත ලඟා වන සැටි පෙන්වන වීඩියෝ මාධ්‍ය වෙත මුදා හැර ඇත. ජෙරුසලම හා ඊශ්‍රායල අගනුවර වන ටෙල්අවිව් හා රාමාත් නගරවල ගොඩ නැගිලි සුන් බුන් බවට පත් වන හැටි ඒවා මගින් ප්‍රදර්ශනය කෙරී ඇත. ඊශ්‍රායලයේ ආරක්ෂක මූලස්ථානයට ද බැලස්ටික් මිසයිලයකින් පහර දුන් බව මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරවලින් ඊශ්‍රායල වැසියන් 40කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇත. මේ වන විට තුවාලකරුවන්ගෙන් තිදෙනෙකු මරනයට පත් වී ඇති බව ABC පුවත් වාර්තා කලේ ය.
මෙම මිසයිල කිලෝමීටර් 2000ක දුර සිට ඊශ්‍රායල් භූමියට පතිත කල හැකි වීම, මෙම ගැටුම ඊශ්‍රායලයට එතරම් සුවපහසු එකක් නො වනු ඇති බවට ඇඟවුම් කරයි. මිසයිල ප්‍රහාර වැලැක්වීම සඳහා ඇමරිකාව ද මැදිහත් වී ඇත.
අලුයම ඊශ්‍රායල් ප්‍රහාරය නතාන්, ෆෝර්ඩෝ සහ ඉස්ෆහන් යුරේනියම් පිරිපහදු මධ්‍යස්ථාන ඇතුලු ඉරාන න්‍යෂ්ටික ඉලක්ක වෙත එල්ල කිරීම ඉරානයට මග හැර සිටිය නො හැකි ය. ප්‍රහාරයෙන් ඉරාන සිවිල් හා හමුදා පුද්ගලයින් 78ක් මිය ගිය බව ඉරානය ප්‍රකාශ කර ඇත. 320කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. මෙය ඉරානයට සිය ආරක්ෂාවට එල්ල වූ බරපතල තර්ජජනයක් වන අතර ඊශ්‍රායලය පවසන්නේ, ඉරාන න්‍යෂ්ටික බලය සිය රටෙි ආරක්ෂාවට තර්ජනයක් බව ය.
මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ඉරාන න්‍යෂ්ටික අත් හදා බැලීම් සීමා කිරීම ඉලක්ක කර ගෙන දැනට ගෙන යන සාකච්ඡාව ඉදිරියට පවත්වා ගැනීමේ අවශ්‍යතාව අවධාරනය කරමින් ප්‍රකාශ කර ඇත්තේ, එකඟතාවකට පැමිනීමට ඉරානය අසමත් වූවහොත් වඩා දරුනු විනාශයකට මුහුන දීමට ඉරානයට සිදු වනු ඇති බව ය. තව දුරටත් ඔහු ඊශ්‍රායල ප්‍රහාරය ආත්මාරක්ෂක පියවරක් ලෙස හදුන්වා ඇත. ඉතා පැහැදිලිව පෙනෙන පරිදි එක්සත් ජනපදයේ සහාය ඇතිව ඊශ්‍රායලය දියත් කර ඇත්තේ ප්‍රතිමල්ලවයාට ඉඩ නො දී සිදු කරන පූර්ව භංග යුද්ධයකි.
මෙම යුද්ධය ලෝක ආර්ථිකයට දැනටමත් බල පා ඇත. බොර තෙල් මිල සියයට 7කින් ඉහල නැගීමට පැය 24ක කාලයක්වත් ගියේ නැත. දැනටමත් ගුවන් ගමන් මේ රටවල් මග හැර සිදු කිරීමට වී ඇති තතු තුල ගුවන් ගමන් වියදම් ඉහල ගොස් ඇත. මෙම තත්වය ආහාර ඇතුලු සියලු අවශ්‍යතාවන් මත ක්‍රියාත්මක වීමට නියමිත ය. මෙම තතු යටතේ යුද්ධය දිග් ගැසී ගියහොත් ශ්‍රී ලංකාව වැනි රටවල බංකොලොත් ආර්ථිකයන්ට දරුනු පහරක් ඉක්මනින්ම එල්ල වීමට නියමිත ය.
ඊශ්‍රායල හා එක්සත් ජනපද ආන්ඩු දියත් කර ඇති ආක්රමනකාරී යුද්ධයට එරෙහිව එම රටවල් තුලමත් පැන නැගී ඇති යුධ විරෝධී මහජන විරෝධතා මෙන් ම ලෝක පරිමානව යුද්ධයට හා පාලක පන්තියේ ආඥාදායක සූදානමට එරෙහි ව වර්ධනය වන විරෝධතා ව්‍යාපාරයට මුහුන දීමේ එක් පියවරක් ලෙස ද ඉරානයට එරෙහි ඊශ්‍රායල හා එක්සත් ජනපද ප්රයත්නය සැලකිය හැකි ය.
මේ යුද්ධයේ වැඩි හානි සිදුවන්නේ කවරෙකුට ද යන්න නොතකා, අවසාන වින්දිතයා වනු ඇත්තේ ලොව පුරා ජීවත් වන කම්කරුවන් සහ පීඩිත ජනයා ය. අවශ්‍ය වන්නේ යුද්ධය සදහට ම අවසන් කිරීමයි. කම්කරුවන්ගේ හා පීඩිතයන්ගේ ජීවන තතු සේ ම ජීවිත ද රැක ගැනීමේ ඒකායන මාර්ගය එයයි.