නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: සහෝදරවරුන්ට යැවූ ලිපි – II
සමස්ත තත්ත්වය තුළ පුපුරා නො ගිය බිම් බෝම්බ සේ සැඟව ගත් ගැඹුරු හා මූලික මතභේද එසේ ම පැවතීමේ පිරිවැය දරා ගනිමින්, නැවත වරක් පක්ෂය මුදුනේ ඇති කර ගනු ලැබෙන සමාදානයක් හා සම්මුතියක් තුළින් අපට පක්ෂයේ තියුණු අරගලයක් වළකා මඟ හැර යා හැකි ද? දීර්ඝ කාලයක් පුරා අඩුවැඩි වශයෙන් නිත්‍ය ලෙස ම පාහේ අප අනුයන ලද මාවත වූයේ එයයි. එසේ නැතහොත්, ඍජු හා අසංදිග්ධ දේශපාලන අරගලයක් මඟින් තත්ත්වය පිළිබඳ යම් පැහැදිළිකමකට එළැඹෙමින් බෙදුම් රේඛා තියුණු ලෙස සටහන් කිරීම අත්‍යවශ්‍ය වී ඇත් ද?…Read more