ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය තුල “ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරයට” හිමි තැන
ප්‍රජාතන්ත්‍රවාදී, විනයගත හා රාජ්‍ය ප්‍රහාරයන්ට ප්‍රතිරෝධය දැක්විය හැකි පද්ධතියක් සඳහා හැකියාව ලබා දෙන පැහැදිලි දේශපාලන මූලධර්ම තුල පදනම් ගතවූ අභ්‍යන්තර සබඳතා විප්ලවවාදී කේඩරයක වර්ධනය සඳහා අවශ්‍ය කරයි. අවස්ථාවාදී උදාසීනත්වය හා භීතියෙන් පෙලෙන උන්මාදය යන දෙක ම එමගින් වැලැක්විය යුතු ය. දේශපාලනික සුපරික්ෂාව සංත්‍රාසය සමග නො ගැලපෙයි. [ඒජන්තයන්] විනිවිදීමට එරෙහි ශක්තිමත් ම ආරක්ෂාව වන්නේ, දේශපාලනික ව ශික්ෂිත හා මැනවින් දැනුවත් කේඩරයක් සිටීම වන අතර, අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රවේසමෙන් සංවිධිත ආරක්ෂක ක්‍රියාමාර්ගයක් පවත්වාගෙන යාම සඳහා එවන් කේඩරයක් නැති ව ම බැරි ය. ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය විමර්ශනයෙහි ඉතා ම තීරනාත්මක පාඩම් අතර මෙය පවතී. … Read more