September 2025

Class struggles

බහුදින ධීවරයන්ගේ වෘත්තීය සමිතියක්: ධීවරයන්ගේ රැකියා, ජීවන තත්වයන් රැක ගන්නේ කෙසේ ද?

වෘත්තීය සමිතිවලට තව දුරටත් කේවල් කිරීම මඟින් සැබෑ ජයග්‍රහනයක් ලැබිය නො හැකි ය. .. සියලු කම්කරුවන්ට, පීඩිත ගොවීන්ට ධීවර කම්කරුවන් හා පීඩිත ධීවරයින්ට අවශ්‍ය වන්නේ තම ඉල්ලීම ජය ගන්නා තෙක් සීමා බිඳ දමමින් ඉදිරියට යා හැකි සටන් සංවිධානයකි. නිදහස් සටන්කාමී හා කම්කරු පන්තික ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත පදනම් වන ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම මග නො හැරීය හැකි අවශ්‍යතාවක් බව මේ අනුව වටහාගත හැකි ය. ඒවා හරහා, කම්කරුවන් අතර සිදු වන නිදහස් සාකච්ඡා මගින් තම ඉල්ලීම් නීර්නය කිරීමත්, ඒවා ජය ගන්නා ක්‍රියා මාර්ගය සකස් කර ගැනීමත් කල හැකි ය.

මහා සමාගම්වල හා ධනපති ආන්ඩුවේ අධිෂ්ඨාන බිද ජය ගැනීමට නම්, මෙම කමිටු හරහා සමස්ත ධීවර ජනයා හා කාර්මික කම්කරු පන්තියේ එකමුතුව ගොඩ නැගිය යුතු ය. එය දේශපාලන අරගලයක් බවට පත් වීම නො වැලැක් විය හැකි ය. ධීවරයෝ ඊට සූදානම් විය යුත්තාහ. …Read more

Class struggles

ජාජබ ආන්ඩුව ප්‍රතිව්‍යුහකරනය ලංවිමයෙන් අරඹයි

කම්කරු අයිතීන් වලලා දැමෙන ප්‍රතිව්‍යුහකරන පනතට හා ඇමතිවරයාගේ ලිපියට ලංවිම සේවකයන්ගෙන් බලගතු විරෝධතාවක් පැන නැගී තිබේ. වෘත්තීය සමිති නායකත්වයේ මග හැරීම් මධ්‍යයේ අකුරට වැඩ කිරීමේ සටන් ක්‍රියා මාර්ගයකට අවතීර්න වීමෙන්, රැකියා සහ අයිතීන් රැක ගැනීමට සේවකයන් අතර පවතින අව්‍යාජ උවමනාව පෙන්නුම් කර ඇත. …

ප්‍රතිව්‍යුහගත කිරීම නමින් ක්‍රියාවට දැමෙන පුද්ගලීකරනය රැකියා කප්පාදුවට, හා සුබ සාධන උදුරා ගැනීමට එරෙහි අරගලයට කම්කරුවන් අවතීර්න විය යුක්තේ, අර්බුද ග්‍රස්ත ජාජබ ආන්ඩුවට හා ඒ සමග පෙලගැසී ගන්නා සමිති නායකත්වය ඇතුලු අවස්ථාවාදීන්ගේ පිලිවෙත්වලට එරෙහි දැනුවත් අරගලයක් කරා ය. …Read more

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: සහෝදරවරුන්ට යැවූ ලිපි – V

ඉදින් අතීතය හා වර්තමානය අතර කිසිදු සම්බන්ධයක් නැතැයි විශ්වාස කිරීමට හේතු ඇත්නම්, නව තත්ත්වයක් යටතේ යමෙකුගේ අතීත දෝෂ අවුස්සා පාදා ගන්නා අවසාන තැනැත්තා මා වනු ඇත. එහෙත් දැන් අප මුහුණ දී සිටින්නේ, කවර කලෙක දී හෝ අපේ ශ්‍රේණි අතර බෙදීම් නිර්මාණය කර ඇති ප්‍රශ්න අතරින් වඩාත් ම මූලික ප්‍රශ්න පිළිබඳව පක්ෂය තුළ පැන නැඟී ඇති අතිශය බරපතළ අර්බුදයකට ය. …Read more

Scroll to Top