එල්.පී. උදයප්‍රේම විසිනි
ලංකා විදුලිබල මන්ඩලය(ලංවිම) සමාගම් හතරකට බෙදා එහි සේවකයන් එකී සමාගම්වලට අනුයුක්ත කොට ඇතැයි, අගෝ 27 දා, බලශක්ති ඇමතිවරයා ලංවිම සේවකයන් වෙත එවන ලද ලිපියකින් දැන් වී ය. 23,000ට අධික ලංවිම සේවකයන්ගේ රැකියා ඇතුලු අයිතීන් අනතුරේ හෙලන මෙම පියවර ජාතික ජන බලවේගය (ජාජබ) ආන්ඩුව අගෝස්තු 25 දා හදිසියේ පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත, එනම්, 2025 අංක 14 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනත, තුලින් ක්‍රියාවට නැංවේ.
ලංවිම සේවකයන්ගේ බලගතු විරෝධතාවට ලක් වූ නව විදුලිබල පනත යටතේ ක්‍රියාවට දැමෙන සමාගම් 4 වන්නේ නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්‍රයිවට් ලිමිටඩ්, නැෂනල් ට්රාන්සිෂන් නෙට්වර්ක් සර්විස් ෆ්රොවයිඩර් ප්‍රයිවට් ලිමිටඩ්, ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා ප්‍රයිවෙට් ලිමිටඩ් සහ ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් යන සමාගම් ය. බල ශක්ති ඇමතිවරයා විසින් තෝරා පත්කර ගනු ලබන අධ්යක්ෂ මන්ඩලයක් යටතේ මෙම සමාගම් පාලනය වේ.
විදුලිබල පනත සම්මත වීමෙන් දින 30ට පසු බලශක්ති ඇමතිවරයා විසින් සේවකයන් වෙත එවන ලද ලිපියෙන් දන්වා ඇත්තේ, නව සමාගම් වෙත අනුයුක්ත නො වන්නේ නම්, ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමට ඉඩ සලසා ඇති බවයි. මන්ඩලයේ සේවකයන්ගේ කැමැත්ත අකැමැත්ත නො විමසා සමාගම් වලට අනුයුක්ත කිරීමට සමාගම් අධ්‍යක්ෂක මන්ඩලයට නව පනතින් බලතල පැවරී ඇති බව ඇමතිවරයා සිය ලිපියේ සඳහන් කොට තිබුනි. එම ලිපියට අනුව සමාගම්වලට අනුයුක්ත වන සේවකයන්ටට හිමිවන තනතුරු වැටුප් හා උසස්වීම් පිලිබඳ සඳහනක් නැත. පෙර ලැබූ වැටුප්, දීමනා, නය පහසුකම්, වෛද්‍ය සේවා ඇතුලු අයිතීන් ද හිමි නො වේ.
කම්කරු අයිතීන් වලලා දැමෙන ප්රතිව්යුහකරන පනතට හා ඇමතිවරයාගේ ලිපියට ලංවිම සේවකයන්ගෙන් බලගතු විරෝධතාවක් පැන නැගී තිබේ. වෘත්තීය සමිති නායකත්වයේ මග හැරීම් මධ්‍යයේ අකුරට වැඩ කිරීමේ සටන් ක්‍රියා මාර්ගයකට අවතීර්න වීමෙන්, රැකියා සහ අයිතීන් රැක ගැනීමට සේවකයන් අතර පවතින අව්‍යාජ උවමනාව පෙන්නුම් කර ඇත.

ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත මගින් ක්‍රියාවට දැමෙන කොන්දේසිවලින් පෙන්නුම් කර ඇත්තේ ලංවිම සේවකයන්ගේ පැවති කම්කරු අයිතීන් සහ රැකියා කොන්දේසි යලි සහතික නො කරන බවයි. මෙය ලංවිම සේවකයන්ට පමනක් එල්ල කෙරෙන පහරක් නො ව, ජාජබ රජය යටතේ ප්‍රතිව්‍යුහගත කිරීම නමින් ක්‍රියාවට දැමෙන පුද්ගලීකරනය හා වසා දැමීමට නියමිත සිය ගනනක් වන රාජ්‍ය ආයතනයන්හි සේවකයන්ට අත් කර දෙන ඉරනම වේ. මේ පියවර එහි පෙර ගමන්කරුවා ය.
මෙම පියවරවලින් සනිටුහන් වන්නේ, පසුගිය රනිල් වික්‍රමසිහගේ රජය යටතේ ක්‍රියාවට දමනු ලැබූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ධනපති ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා ඉටු කිරීමේ පිලිවෙත් ජාජබ රජය යටතේ ඉදිරියට ගෙන යෑමකි. ගිය වසරේ වික්‍රමසිංහ සම්මත කර ගැනීමට අසමත් වූ 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත ම, සංශෝධනයක ලේබලය යටතේ අනුර කුමාර දිසානායක ආන්ඩුවෙන් ද ක්‍රියාවට දැමීමෙන් එය සහතික කොට තිබේ.
විදුලිබල පනතට එරෙහිව ලංවිම සේවකයන් විරෝධතාවක නියැලුන තතු යටතේ ලංවිම වෘත්තීය සමිති සන්ධානයට නායකත්වය දුන් ජවිපෙ වෘත්තීය සමිතිය වන සමස්ත ලංකා විදුලි සේවක සංගමය විරෝධතාවයෙන් ඉවත් වී, පුද්ගලීකරනයට එරෙහි ලංවිම සමිති සන්ධානය බිඳ විසුරුවා හැරීමේ ආන්ඩුවේ කුමන්ත්රනකරුවන් ලෙස වැඩට බැස සිටිති. මේ අතර ලංකා තාක්ෂනික ඉංජිනේරු හා අධිකාරිවරුන්ගේ සංගමය සහ ලංවිම ගනකාධිකාරවරුන්ගේ සංගමයේ නිලධාරීන් සමිති සන්ධානයට පිටින් ගොස් අගෝස්තු 26 විදුලිබල අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක ජෙනරාල් සමග සිදු කල සාකච්ඡාවෙන් අනතරුව පනතට සහාය දීමේ මාවත තෝරා ගෙන ඇත.
කම්කරු විරෝධතාවට සහයෝගය දක්වන සමිති නිලධරයේ පිලිවෙත ද සමගි සන්ධානය අත හැර ගිය හොරිකඩයන්ගේ පිලිවෙතින් වෙනස් එකක් නො වන බව විදහා දක්වමින්, ලංවිම කාර්මික නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රශාත් ප්‍රියන්ත, ඔහුගේ සටනේ හැටි මෙසේ පැහැදිලි කරයි: “මෙය ආන්ඩු විරෝධී සටනක්වත්, ආන්ඩුව අපහසුතාවට පත් කිරීමේ උත්සාහයක්වත්, පනත අකුලා ගන්නැයි ඉල්ලා සිටින සටනක්වත් නො වේ.“
රැකියා ඇතුලු කම්කරු අයිතීන් වනසා දැමීමට හැරී සිටින ධනපති පාලකයන්ට බලපෑම් දමා අයිතීන් රැක ගත නොහැකි බව ඒත්තු ගෙන සිටින සමිති නායකයෝ, කම්කරු අරගල අසංවිධානයේ තබා දුර්වල කිරීමට ආන්ඩුව සමග පෙල ගැසී, සිය සමිති අවශ්‍යතා රැක ගැනීමේ නිරතව සිටිති. වැඩ කරන ජනයා අනතුරේ හෙලන එකී පිලිවෙත, ලංවිම ඇතුලු ප්‍රතිව්‍යුහගතකරනයට ලක්ව තිබෙන රාජ්‍ය ආයතන සියල්ලේ ම වෘත්තීය සමිති පිලිවෙත් මගින් පෙන්නුම් කර තිබේ. ජාජබ ක්‍රියාවට දමන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිලිවෙත්වලට සහයෝගය දෙමින් සමගි ජන බලවේගය ඇතුලු ආන්ඩු විරෝධී පක්ෂ හා කන්ඩායම් ද කම්කරුවන්ගේ අරගලයන්ට එරෙහිව වැඩට බැස සිටී. ප්‍රතිව්‍යුහගත කිරීම නමින් ක්‍රියාවට දැමෙන පුද්ගලීකරනය රැකියා කප්පාදුවට, හා සුබ සාධන උදුරා ගැනීමට එරෙහි අරගලයට කම්කරුවන් අවතීර්න විය යුක්තේ, අර්බුද ග්රස්ත ජාජබ ආන්ඩුවට හා ඒ සමග පෙලගැසී ගන්නා සමිති නායකත්වය ඇතුලු අවස්ථාවාදීන්ගේ පිලිවෙත්වලට එරෙහි දැනුවත් අරගලයක් කරා ය. එය කල හැක්කේ ධනපති ප්‍රහාරයට විවිධ හුය පටවලින් බැඳී සිටින්නන්ගෙන් ස්වාධීනව, වැඩ කරන ජනයාගේ අවශ්‍යතා මුල් කර ගත් සාකච්ඡා හා ප්රජාතන්ත්රීය තීන්දු තීරන ගන්නා සටන් සංවිධාන සිය වැඩපොලේ තනා ගැනීමෙන් ය. කම්කරුවන් භේදකොට පවත්වා ගැනීමට වෘත්තීය සමිති වපුරා තිබෙන ශ්රෙනිවාදයට එරෙහිව අවශේෂ කම්කරු කොටස් සමග එකමුතුව ගොඩ නගා ගැනීම, මෙකී අරගලයේ තීරනාත්මක පියවරක් වේ.