October 2025

Politics & Economy

චීන ජනරාල්වරුන් නෙරපා හැරීම ලෝක ධනේශ්වර අර්බුදයේ පිළිබිඹුවකි

ලෝක ධනේශ්වරයේ අර්බුදය චීනය තුළ ප්‍රකාශ වන ආකාරය පිළිබඳව ප්‍රධානතම පුවතකට අනුව, චීන කොමියුනිස්ට් පක්ෂය ඉහලම ජෙනරාල්වරුන් නව දෙනෙකු නෙරපා හැර ඇත.

ට්‍රම්ප් පරිපාලනය චීනය සමග යුද්ධය සඳහා වේගවත් කරන සූදානම, මන්දගාමී ආර්ථිකය, විශේෂයෙන් තරුණයන් අතර ඉහල විරැකියාව සහ ඉහල යන සමාජ ආතතීන්ට චීන කොමියුනිස්ට් පක්ෂ තන්ත්‍රය මුහුණ දී සිටින බව සැලකිල්ලට ගත් කල, පක්ෂ සාමාජිකයන් ලෙස “විශ්වාසය භංගවීම” පිළිබඳව ඔවුන්ට නැඟී ඇති චෝදනා විශේෂ වැදගත්කමක් ගනී.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඉහත කාලයේ ලියූ පරිදි, 20 වන සම්මේලනයේ දී ෂී ජින් පිං ශ්‍රේෂ්ඨ නායකයෙකු ලෙස නාට්‍යකාරී අයුරින් නිරූපණය කිරීම චීන කොමියුනිස්ට් පක්ෂයේ ශක්තියේ ලකුණක් නොව එහි දුර්වලතාවයේ ලක්ෂණයකි. ..Read more

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: සහෝදරවරුන්ට යැවූ ලිපි – VII

නිව්යෝර්ක් නාගරික සම්මේලනයට පූර්වයෙන් සිදු කළ උද්ඝෝෂණය තුළ දක්ෂිනාංශික සංයෝජනය අපට ටැමනී දේශපාලනයේ යථා මාත්‍රාවක් ලබා දුන්නේය. ඔවුහු කිසිදු දේශපාලන යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් තොරව තමන්ගේ සියලු දේශපාලන අනුග්‍රාහකයන් බලමුළු ගන්වා ගත්හ. අනෙක් අතට, බහුතරය සමඟ දේශපාලන එකඟතාවයකින් යුතු, එහෙත් සංවිධානාත්මක කරුණු සම්බන්ධයෙන් එක් හෝ අනෙක් ආකාරයක දුක් ගැනැවිලි හෝ විවේචන ඇති අයගේ සහයෝගය ඉල්ලා ඔවුහු ආයාචනා කළෝය. .. Read more

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: සහෝදරවරුන්ට යැවූ ලිපි – VI

මෙතැන් පටන්, අපේ ප්‍රමුඛ තරුණ සහෝදරවරුන් සමඟ එක්ව සතියකට එක් රාත්‍රියක් තරුණයන් සමඟ දේශපාලන සාකච්ඡා සඳහා වෙන් කිරීමට මම කටයුතු පිළිවෙල කරමින් සිටිමි. සප්‍රතිපත්තික දේශපාලනය යන්නේ සැබෑ අර්ථය කුමක්දැයි පැහැදිළි කිරීමෙන් ආරම්භ කෙරෙන දීර්ඝ දේශන මාලාවක් සඳහා කෙටුම්පත් සකසා ඇත. එක පැත්තකින් ඇබර්න් ගුරුකුලයේ කල්ලි දේශපාලනඥයන් විසින් ද, අනෙක් පැත්තෙන් තරුණ ව්‍යාපාරයේ නායකත්වයේ සිටින, තවමත් සිය පැරණි හැව ගලවා දමා නැති හිටපු සමාජවාදී පාක්ෂිකයන් – ඔවුන් ඉහත කී පිරිසට වඩා හොඳ ය – විසින් ද කුරිරු ලෙස වැරදි අධ්‍යාපනයක් ලබා දෙනු ලදුව අවමංගත කරනු ලැබ සිටින අපේ තරුණයන්ට මෙය පැහැදිළි කර දිය යුතුය. කාලයත් සමඟ ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට ඉගෙන ගැනීමට හැකියැයි අපේක්ෂා කිරීමට හේතු පවතී. කෙසේවෙතත්, සෙසු පිරිසට ඉගෙන ගැනීමට උවමනා නැත. … Read more

Scroll to Top