February 2026

Class struggles, Science & Arts

නතාෂා එදිරිසූරියගෙන් ස්තුතිය පළ කිරීමේ සටහනක්

“ගමන තවමත් නිමා වී නැති බව මම දනිමි. තවමත් කළ යුතු දේ බොහෝ ය. ඔබේ දිරි ගැන්වීම, ඔබේ සහයෝගය, සහ හරි දේ වෙනුවෙන් නැඟී සිටීමට ඔබේ ඇති කැමැත්ත තවමත් සියලු අරුතින් වැදගත් ය. මා නැඟී සිටින්නේ තනිව ම නො වන බව දැන සිටීම, සියල්ල වෙනස් කිරීමට ඉවහල් වනු ඇත.”… Read more

Class struggles

නතාෂා අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බව පොලිසිය පිළිගනියි

සිවිල් ක්‍රියාකාරිනියක සහ ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය මෙනෙවිය බුද්ධාගමට අපහාස කළේයැයි ද, ආගමික සමගියට බාධා පැමිනවීම හා වෛරය පැතිරවීම සිදු කලේයැයි ද බොරු චෝදනා නඟමින් ICCPR පනත යටතේ අත්අඩංගුවට ගෙන, සති 6ක් රඳවා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ස්ථානාධිපති එම් එම් යූ සුබසිංහ මහතා ලිඛිතව කණගාටුව පළ කර ඇත.

මෙම කලාකාරිනියට එරෙහි ව්‍යාජ චෝදනා ගොනු කිරීම සඳහා ආන්ඩුවේ බෞද්ධ කටයුතු කොමසාරිස් හා ආගමික අන්තවාදී නඩ ක්‍රියා කළ අතර, ධනපති ජනතා විමුක්ති පෙරමුන(ජවිපෙ) හා ඉන් බිදී ගිය ව්‍යාජ-වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ද නතාෂාට හා ඇගේ කලාවට එරෙහිව ඒ පසුපස පෙළ ගැසී ගත්හ.

නතාෂාට එරෙහි මර්දනය හමුවේ ජනතා විමුක්ති පෙරමුණේ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අන්ත ප්‍රතිගාමී ක්‍රියාකලාපය හෙළිදරව් කරමින් 2023 ජූලි 6 වන දින thesocialist.lk වෙබ් අඩවියේ පළ කරන ලද නන්දන නන්නෙත්තිගේ ලිපිය මෙහි උපුටා දක්වන්නේ වත්මන් වර්ධනයන් හමුවේ ඔවුන්ගේ ක්‍රියා කලාපයේ ජුගුප්සාජනක ස්වභාවය වඩාත් ඉස්මතු වී පෙනෙන හෙයිනි. … Read more

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: සහෝදරවරුන්ට යැවූ ලිපි – XIII

බහුතර කණ්ඩායමේ සාමාජිකයෝ, අපෝහක භෞතිකවාදයේ විෂයයට අදාළව ඔබ සිදු කළ සටන්කාමී මැදිහත්වීම කෙරේ ඉමහත් අභිරුචියෙන් හා උද්‍යෝගයෙන් යුතුව ප්‍රතිචාර දක්වා ඇත්තාහ. මක්නිසාදයත්, එකී මැදිහත්වීම ගැඹුරු දේශපාලන හා න්‍යායික අරගලයක් සමඟ බැඳී සිදු කර ඇති හෙයිනි. …. අපේ සහෝදරවරුන් බොහෝ දෙනෙකුට හුදෙක් ජයග්‍රහණය කිරීමට පමණක් නො ව ඉගෙනීමට අවශ්‍ය වී ඇත. ජලය උරා ගන්නා ස්පොන්ජි පරිද්දෙන් ඔවුහු මෙම අරගලයේ පාඩම් උකහා ගනිමින් සිටිති. …Read more

Scroll to Top