1991 පටන් මැද පෙරදිග තුල වොෂින්ටනය විසින් දියත් කරන ලද යුද්ධ හා ප‍්‍රචන්ඩත්වයන්, ලෝකය තුල ඇමරිකානු අධිරාජ්‍යවාදය දරා සිටින ස්ථානයේ පරිහානිය ආපසු හැරවීමට සමත් වී නැත. … ඇමරිකානු අධිරාජ්‍යවාදීන් විසින් මුල පුරන ලද පැරනි පර්යාය වෙනුවට, කලාපය යලි බෙදා වෙන්කිරීමේ ලේ වැකි ප‍්‍රයත්නය දැන් දිග හැරෙමින් පවතී.
මැද පෙරදිග ඛනිජ තෙල් සම්පත් ද, යුරේසියාව, අප‍්‍රිකාව හා ඉන්දියානු සාගර කලාපය මත මූලෝපායාත්මක ආධිපත්‍යය සඳහා එහි භූගෝලීය පිහිටීමේ ඇති වැදගත්කම ද සැලකිල්ලට ගත් කල, මෙකී යලි බෙදීමේ ප‍්‍රතිඵලය සිය මූලෝපායික තත්වය හා අනාගත සෞභාග්‍යයන් කෙරේ ඉමහත් වැදගත්කමකින් යුතු වන්නේ, හුදෙක් ඊස්රායලය හා සවුදි අරාබියේ සිට තුර්කිය හා කටාර් දක්වා වූ කලාපයේ සියලු රාජ්‍යවලට පමනක් නොවේ. වඩාත් භාරදූර හා පුපුරන සුලු ආකාරයකින් එය ඇමරිකාව, ජපානය හා ජර්මනියේ සිට චීනය හා රුසියාව දක්වා ලෝකයේ සියලු ප‍්‍රමුඛ බලවතුන්ට ද තීරනාත්මක වැදගත්කමකින් යුතුය.
ඉස්ලාමිය ජනරජය හසු වී ඇත්තේ, ලෝක ගෝලීය ආර්ථික හා භූ දේශපාලනික අර්බුදයේ මෙම දිය සුලියටය. ප‍්‍රධාන බලවතුන් සමග උපාමාරු දැමීමටත්, අධිරාජ්‍යවාදය හා කම්කරු පන්තිය අතර තුලනයක් පවත්වා ගැනීමටත් ඉරාන ධනේශ්වරයට ඇති ඉඩ කඩ වේගයෙන් වියැකී යමින් පවතී.
ඉරාන ධනේශ්වරයට මෙම සුලියෙන් එලියට පැන ගත හැකි මගක් නොවේ. වඩාත් නිවැරදි ලෙස කියන්නේ නම්, එලියට පැමිනීමට ඇති, එහි මූලික පන්ති උත්සුකයන්ට අනුරූප වන මාවත්, ඉරානයේ හා සමස්ත කලාපයේම කම්කරු පන්තියේ හා වැඩකරන ජනයාගේ උත්සුකයන්ට සතුරු වන අතර, ඒවායින් අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය දුබල කෙරේ. …Read more