නායකයෙකුගේ සැබෑ චරිත ස්වභාවය වඩාත් පැහැදිළි ලෙස පෙන්නුම් කෙරෙන්නේ නිරවද්‍යව ම අර්බුද කාල පරිච්ඡේදයන් තුළ දී ය. එහෙත් දීර්ඝ කාලයක් පුරා දිනෙන් දින දේවල් වර්ධනය වන ආකාරය සමීපව දැක ගැනීමට හැකි ස්ථානවල සිටින්නන් විසින් නිරතුරුවම එම පුද්ගලයාගේ මෙකී අභ්‍යන්තර ගුණාංගවල ඉඟි කල්තබා දැක ගනු ලැබේ. වර්තමාන අරගලයට සම්බන්ධ දෙපාර්ශ්වයේ නියෝජිතයන් සම්බන්ධයෙන් පවතින තතු එ’පරිදි වන අතර, ඉන් අප මවිතයට පත් වී නැත. කඳවුරු දෙකේ නායකයන් සිය වර්තමාන ආස්ථානයන් කරා එළැඹි ඇත්තේ අහම්බයෙන් නො වේ. එමෙන් ම, පක්ෂ සාමාජිකත්වය තුළ සිටින ප්‍රතිවිරෝධී ප්‍රවණතා දෙක – නිර්ධන පන්ති හා සුළු ධනපති ප්‍රවණතා – පක්ෂ නායකත්වයේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් වටා ඒකරාශී වූයේ, මෙය එක් එක් අවස්ථාවෙහි දී තමන්ට අවශ්‍ය පෙළ ගැස්ම වූ බවට ගැඹුරු සහජ හැඟීමකින් තොරව ය. නායකත්වය තුළ ධ්‍රැවාන්තගතවීම එක් සැනින් ම පාහේ පක්ෂ සාමාජිකත්වය තුළ ද ඊට සමාකාර වූ ධ්‍රැවාන්තගතවීමක් නිර්මාණය කළේය. දැන් බෙදී සිටි නායකත්වයේ එක් එක් කණ්ඩායම, තමන් වඩාත් ම තථ්‍ය ලෙස නිරූපණය කළ අභ්‍යන්තර ප්‍රවණතා සහිත කොටස් තමන්ට ආකර්ෂණය කර ගත්හ. …Read more