November 2025

Class struggles, Politics & Economy

ලෝක සමාජවාදී වෙබ් අඩවිය ‘Socialism AI’ කෘත්‍රිම බුද්ධි යෙදවුම දියත් කිරීම ඓතිහාසික විප්ලවවාදී කටයුත්තකි

අශික්ෂිත මට්ටම් කරා නැඟුණු අසමානතාවයක හා ණය කන්දක මස්තකය අරා හිඳිමින් ලෝකයේ සම්පත්වලින් අතිමහත් වැඩි කොටසක් පොදි ගසා සිටින ධනපති පන්තිය අත ඇති තාක් කෘත්‍රිම බුද්ධිය ක්‍රියාත්මක වන්නේ කම්කරු පන්තියේ ජීවන මට්ටම් තලා දැමීමේ ආම්පන්නයක් වශයෙනි. ඔවුන් අත එය ක්‍රියාත්මක වන්නේ සාමූහික රැකියා සංහාරයේ, මර්දනයේ හා තාප න්‍යෂ්ටික ලෝක යුද්ධයක උපකරණයක් ලෙස ය.

ඊට විකල්ප ලෙස ලෝසවෙඅ විසින් දියත් කෙරෙන සෝෂලිසම් AI යෙදවුම කම්කරු පන්තිය විප්ලවවාදී අධ්‍යාපනයෙන් සන්නද්ධ කිරීමේ උපකරණයක් වනු ඇත. එය දියත් කිරීමේ තීන්දුව විසින් සනිටුහන් කෙරෙන්නේ රැකියා කප්පාදු, නැඟී එන ෆැසිස්ට්වාදී තර්ජන හා තාප න්‍යෂ්ටික යුද්ධයක අන්තරාය වශයෙන් ධනපති පන්තිය එල්ල කරන ප්‍රහාරයට එරෙහි කම්කරු පන්තියේ දැනුවත් ප්‍රතිප්‍රහාරයයි. …Read more

Uncategorized

අරුණ කර්තෘ සීඅයිඩීයට කැඳවයි – මාධ්‍ය බිය ගැන්වීමේ බියගුළු ප්‍රයත්නය හෙලා දකිමු!

දැන් මෙම පුවත්පත් කතුවරයා සීඅයිඩීයට කැඳවීම මඟින් ඔහු බිය ගැන්වීමට දරන උත්සාහය අරුණ පුවත්පතට එරෙහි ප්‍රහාරයක් නොව, නිදහස් අදහස් ප්‍රකාශනයට එරෙහි ප්‍රහාරයකි. ධනපති අර්බුදයේ මුළු බර කම්කරු පීඩිත ජනයාගේ කර මත පැටවීමේ වගකීමට උර දී සිටින ජාජබ ආණ්ඩුවට කවර හෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක පැවතීමට ඉඩ දිය හැකි නො වේ. මේ ප්‍රහාරයන්හි අවසාන ඉලක්කය මානා ඇත්තේ කම්කරු පන්තිය දිශාවට ය. …Read more

Class struggles

කම්කරු ජීවිත දෙකක් කාර්මික අනතුරුවලට බිලි වෙයි

නොවැම්බර් මුල් සතියේ ශ්‍රී ලංකාවේ ස්ථාන දෙකක දී කම්කරුවන් දෙදෙනෙකුට සිය ජීවිත අහිමි කළ කාර්මික අනතුරු දෙකකින් සනිටුහන් කෙරෙන්නේ ධනේශ්වර පන්තිය කම්කරු ජීවිත පිළිබඳව දක්වන සාපරාධී නොතැකීමයි. … Read more

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: සහෝදරවරුන්ට යැවූ ලිපි – X

බෝල්ෂෙවික් සංවිධාන ක්‍රමය පූර්ව සම්මේලන කාල පරිච්ඡේදයක් තුළ දී සුළුතරයකට පක්‍ෂ සාමාජිකත්වයේ සලකා බැලීම හා තීරණය කිරීම උදෙසා තම මතය නිදහස් හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට පූර්ණ අයිතිය හා පහසුකම් සලසා දෙයි. කම්කරු ව්‍යාපාරය කවදා හෝ දැන සිටි භාවිතයන් අතරින් හොඳම හා වඩාත් ම අකුටිල ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය වන අපේ ව්‍යාපාරයේ මෙම සම්ප්‍රදාය, හා නො වෙනස්ව එක සේ පැවත එන භාවිතය, වර්තමාන සාකච්ඡාව තුළ දී ද සම්පූර්ණයෙන් ම පිළිපදින ලද්දේ ය. සුළුතරය ඉදිරිපත් කළ සියලු යෝජනා හා ලිපි කිසිදු වාරණයකින් හෝ වෙනස් ලෙස සැලකීමකින් තොරව එකාබද්ධව සංස්කරණය කළ අභ්‍යන්තර බුලටීනයේ පළ කරන ලදී. එය සෑම සාමාජිකයෙකු අතට ම පත් වේ. මතභේදයට ලක් වූ ප්‍රශ්න සාකච්ඡාවට ගැනෙන සියලු ශාඛා රැස්වීම් හා සාමාජික රැස්වීම් තුළ එක සේ ම ක්‍රියාත්මක වන නීතිය වන්නේ කාලය සමානව වෙන් කර දීමයි. සුළුතරයට සාමාජිකත්වය ඇමතීම සඳහා සාධාරණ අවස්ථාවක් හිමිවීම අවහිර කිරීමට කිසිදු සීමාවක් පනවා නැත. … Read more

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: සහෝදරවරුන්ට යැවූ ලිපි – IX

දෙන ලද මොහොතක යෝජනාවල යෝග්‍යතාව හෝ අයෝග්‍යතාව නො තකා, සාමාන්‍ය ජනයාගේ මැදිහත්වීමකින් තොරව සිය කටයුතු නියාමනය කරන සහ, සිය අභ්‍යන්තර කටයුතු ප්‍රසිද්ධ කිරීම උචිත වන්නේ කවර කල්හි ද හා කවර තතු යටතේදැයි තමන් විසින් ම තීරණය කරන මධ්‍යගත හා විනයගරුක පක්ෂයක් පිළිබඳ අදහසට එරෙහිව එල්ල කෙරෙන පොදු ප්‍රහාරයට අපි සම්පූර්ණයෙන් විරුද්ධ වෙමු. …

… පක්ෂ සුළුතරයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සම්බන්ධ ප්‍රශ්නය මෙම කාරනාවට සම්බන්ධව පැවැතිය හැකි නො වේ. සුළුතරය විසින් ඉදිරිපත් කරන සියල්ල අපේ අභ්‍යන්තර බුලටින තුළ පළ කරන අතර ඒවා සමස්ත සාමාජිකත්වය අතට පත් වේ. ඊට අමතරව, පක්ෂ ශාඛා හා සාමාජිකත්ව රැස්වීම් සාකච්ඡාවල දී කිසිදු වෙනස් ලෙස සැලැකීමක් කිසිසේත් ම සිදු නො වේ. සැබැවින් ම සුළුතරයේ වර්තමාන ඉල්ලීම වන්නේ මහජනයාට ආයාචනා කිරීමේ අයිතිය යි. …Read more

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: සහෝදරවරුන්ට යැවූ ලිපි – VIII

විවාදය සටනක සියලු ආතතියෙන් යුක්ත විය. අපි එකිනෙකා සමඟ විවාද කළා නො ව, උනුනුන් හා සටන් වැදුනෙමු. අපට “සාකච්ඡා” කළ නො හැකි වූයේ, අප එක ම පූර්වාංගයෙන් පටන් නො ගත් හෙයින් හා එක ම තලයක රැඳී කථා නො කළ හෙයින් ය. ..Read more

Scroll to Top