December 2025

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: සහෝදරවරුන්ට යැවූ ලිපි – XII

වර්තමාන අභ්‍යන්තර මතභේදය සම්බන්ධයෙන් පක්‍ෂයේ සහෝදරවරුන්ට අධ්‍යාපනය ලබා දීමට උපරිම අවධානයක් කැප කිරීම අත්‍යවශ්‍ය ය. ඉදිරියේ එන පක්‍ෂ සම්මේලනය ඇත්තෙන්ම හතරවැනි ජාත්‍යන්තරයේ ඇමරිකානු ශාඛාවේ සැබෑ පදනම් සමුළුව වනු ඇත. එය විසින් හතරවැනි ජාත්‍යන්තරයේමත් සැබෑ පදනම් සම්මේලනය නියෝජනය කෙරෙනු ඇතැයි වඩාත් පුළුල් අර්ථයකින් අපට පැවසිය හැක. මෙහි දී අපි, වර්තමාන කාල පරිච්ඡේදයේ දී නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවක් පැවැත්වීමට හැකි එකම රට තුළ දී, (පක්‍ෂ) වැඩ පිළිවෙල පෙරළා දැමීම සඳහා දැරෙන ඒකාග්‍ර ප්‍රයත්නයකට ඒකරාශීව මුහුණ දෙන්නෙමු. ඉදින් එය මෙහි දී තරයේ ප්‍රතික්ෂේප වුවහොත්, එය හතරවැනි ජාත්‍යන්තරයේ ලෝක පරිමාන වර්ධනයේ සන්ධිස්ථානයක් නියෝජනය කරනු ඇත. …Read more

Politics & Economy

පන්ති පාලනයේ නිර්මානයක් වන මත් උවදුරෙන් හා පාතාලයෙන් තරුණ ජීවත රැක ගැනීම උදෙසා, ධනවාදයෙන් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගමු!

මරනීය දන්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිරගත කිරීම ආන්ඩුවේ මර්දන හස්තය ශක්තිමත් කරනවා මිස මත්ද්‍රව්‍ය ව්‍යසනය මැඩ පවත්වන්නේ නැත. නිරන්තරෙන් ඉහල යන මිනිස් අවශ්‍යතා සමාජයේ ධනය හිමි කොටසක් පමනක් අත්විඳින කල, දරුවන් අධ්‍යාපනයෙන් හා සංස්කෘතියෙන් වියෝ කරන කොන්දේසි තුල, ඔවුන් සතුට සොයා ගන්නා අනියම් මාවත් පෝරකය පෙන්වා අසුරා දෑමීම කල නො හැකි ය. තමන් පෙලන කොන්දේසිවලට එරෙහිව පැන නගින සමාජ ප්‍රචන්ඩත්වය ඊට නිසි ක්‍රියා මාර්ගයකින් සන්නද්ධ නො වූ විට සමාජ ව්‍යසනයේ මාවත ගන්නේ ය.

ධනපති ආන්ඩු මේ තත්වයන් මත ක්‍රියාත්මක වෙමින් සිටින්නේ සමාජය මතින් මුදවා ගැනීමට නො වේ. … මත්ද්‍රව්‍ය උවදුර ඔවුන්ට දෙපැත්තකින් වාසිදායක ය. එක් අතෙකින් එය ධනපති රාජ්‍යයට එරෙහිව නැඟී සිටීමේ විභවයකින් යුත් මිනිසුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කර අරගලවලින් ඉවත් කොට තබන අතර, අනෙක් අතින් මත්ද්‍රව්‍ය මැඩ පැවැත්වීමේ නාමයෙන් පීඩිතයන්ගේ දෛනික ජීවිතය මත පොලිස් හමුදා අණසක පැතිරවීමටත්, තම මර්දන යන්ත්‍රය මුවහත් කර ක්‍රියාත්මක කිරීමටත් ක්‍රියා කිරීම සඳහා සාධාරනීකරණයක් සපයා දෙයි. … Read more

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: සහෝදරවරුන්ට යැවූ ලිපි – XI

ඉදින් – ස්ටැලින් ද ඇතුළුව – සමස්ත ලෝකයට ම එරෙහිව සෝවියට් සංගමය ආරක්ෂා කිරීමට අප භාරගන්නා නිමේෂයේ, ඇපීල් පුවත්පත සාකච්ඡාවේ අවයවයක් බවට පරිවර්තනය කළහොත්, එහි උද්ඝෝෂනාත්මක වටිනාකම විනාශ වනු ඇත්තේ කෙසේදැයි මහජන ව්‍යාපාරය තුළ බැරෑරුම් කටයුතු කරන සියලු සහෝදරවරුන් ආනුභූතික ලෙස ම වටහා ගනු ඇත. …Read more

Scroll to Top