Class struggles

Class struggles

ජාමූඅ කප්පාදුවට එරෙහි සසජාතශි දේශනයට පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙන් පැනවූ තහනම හෙලා දකිමු!

“ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේද?” යන මැයෙන් ජනවාරි 03 වන දින ප.ව. 3.30 ට පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දී පැවැත්වීමට නියමිත වූ දේශනය, විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් අවලංගු කර ඇතැයි වාර්තා වී ඇත
සසජාතශි විසින් නිකුත් කරන ලදුව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල වී ඇති ප්‍රකාශය පහත උපුටා පලකරමු: ….Read more

Class struggles

ජාජබ ආන්ඩුව රකින්නේ කාට දුන් පොරොන්දු ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩ පිලිවෙල වත්මන් ආන්ඩුවේ “රට ගොඩ නගන“ ආර්ථික සැලැස්මේ පදනම ය. ජාජබ මැතිවරන පොරොන්දු දැන් දැන් එය ක්‍රියාවට දැමීමට බාධාවක් ලෙස ඉස්මතු වෙමින් පවතී. …
… ගොවියන්ට කම්කරුවන්ට හා සෙසු පීඩිතයන්ට දුන් පොරොන්දු දවසින් දෙකින් වෙනස් වුවත් ධනපතීන් හා එම පාලනය වෙනුවෙන් වන සැලසුම් කල් පවතින ඒවාය. දේශීය හා විදේශීය ආයෝජකයන්ට අවශ්‍ය සියලුම කොන්දේසි සපුරා දෙන බවත්, ඔවුන්ගේ ව්‍යාපාර පවරා ගැනීමක් කිසි සේත් නො කරන බවත් ආන්ඩුව දිවුරා කියයි.
ජාජබ ද ඇතුළු සියලු ධනපති පක්ෂ ‘ආර්ථිකය’ ලෙස සලකන්නේ ධනපති ලාභය මත ගොඩ නඟන ලද පර්යාය යි. ඔවුන් ආරක්ෂා කරන්නේ එම ‘ආර්ථිකය’ යි. ඒ සඳහා දුගියාගේ හා කම්කරුවාගේ ‘ආර්ථිකය’, එනම්, ඔවුන්ගේ මූලික ජීවන අවශ්‍යතාවලට පමනක් සරිලන සොච්චම් ඉපැයීම් කපා දැමීමට එම ධනපති පක්ෂ කිසිසේත් පැකිලෙන්නේ නැත. ,,,Read more

Class struggles

ඇඟලුම් කම්කරුවනි, ස්ටාර් ගාමන්ට් කොත්මලේ ශාඛාවේ කම්කරු අරගලය අරක්ෂා කිරීම සඳහා පෙරට එනු!

ස්ටාර් ගාර්මන්ට් සමූහයට අයත්, කොත්මලේ, ඩබ්ලිව් ටී මැනුෆැක්චරින් පුද්ගලික සමාගමේ කම්කරුවෝ රුපියල් 5000ක වැටුප් වැඩි වීමක් ඉල්ලා, දෙසැම්බර් 4 දා වැඩ වර්ජනයක් දියත් කලහ. එහි සේවයේ නියුතුව සිටින කම්කරුවන් 1080 දෙනා ම සහභාගි වූ මෙම වර්ජනයට පාලකයන් ප්‍රතිචාර දැක් වූයේ දෙසැම්බර් 17 දක්වා කම්හල වසා තැබීමට පියවර ගැනීමෙනි. … Read more

Class struggles

පොලිසිය අධිකරන තීන්දුව ක්‍රියාත්මක නො කරයි – ඝාතකයාට එරෙහි නඩුව නීතිපති ඉවත් කර ගනී

පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරික්ෂක දොන් ලක්ෂ්මන් අමරතුංග කොළඹගේට විරුද්ධව විභාග කිරීමට නියමිතව තිබූ නඩුව විභාග නො කරන බව බලපිටිය මහේස්ත්‍රාත් දෙසැම්බර් 10 දා ප්‍රකාශ කලේය.
ජාතික ජන බලවේගයේ ආන්ඩුව, නීතිය සැමට සාධාරන ව ක්‍රියාත්මක කරන බවට පුනපුනා ප්‍රකාශ කිරීම නරුම වංචාවක් බව ඉහත සිදුවීම සනාථ කරයි. මින් පෙර හෝ එවන් සමානත්වයක් නො පැවති අතර, ජාජබ කටයුතු කරමින් සිටින්නේ එදා ද පැවැති අසමානතාව සෑම අතින් ම තවදුරටත් තීව්ර කිරිමට ය.
තමන්ගේ ම සුපරික්ෂාකාරී කමිටු හා ආරක්ෂක කමිටු පීඩිත ජනතාවගේ අවශ්‍යතාවක් වන්නේ මෙම කොන්දේසි තුලය. … Read more

Class struggles

සමාජවාදී සමානතා පක්ෂයේ යාපනය දිස්ත්‍රික් අපේක්ෂකයන්ට එරෙහි පොලිස් මැදිහත්වීම් පරාජය කරනු!

නොවැම්බර් 14 දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරනයේ දී, සමාජවාදී සමානතා පක්ෂයෙන් යාපනය දිස්ත්‍රික්කයට තරඟ වදින අපේක්ෂකයෙකු වන රාසරතිනම් තිරුඥානවේල් හා එම කන්ඩායම වෙත සිදු කෙරෙන පොලිස් බලපෑම් හෙලා දකින සසප වාම කන්ඩායම, මෙහි බැරෑරුම් ඇඟවීම් සැලකිල්ලට ගන්නා ලෙස සමස්ත කම්කරු පන්තියෙන් හා පීඩිත ජනයාගෙන් ඉල්ලා සිටී. … Read more

Scroll to Top