Class struggles

Class struggles

දොට්ට දැමූ NEXT කම්කරුවන්ගේ කතාව

කම්කරුවන්ට තමන් වෙනුවට ආදේශකයක් නැත. තමන්ට එරෙහි ලෝකයක් ඇත. එම ලෝකය පවත්වා ගෙන යන්නේ කම්කරුවන්ගේ ශ්‍රමය විසිනි. ලාභ ලැබීම සඳහා ප්‍රාග් ධනයට ඇති හිමිකම ඔවුන් බැඳ දමා ඇති දම්වැලයි. එය සිඳ දැමීමට සියලු කම්කරුවන් ඒකාබද්ධ වුවහොත් ඔවුන්ට දිනා ගැනීමට ලෝකයක් ඇත. හුදෙක් රැකියා රැක ගැනීමෙන් නො නැවතී ඔවුන්ට, දුප්පත්කම ද, සමාජ අසමානතාව ද, නාස්තිය ද, විනාශකාරී යුද්ධය ද අවසන් කල හැකි ය.  වර්තමාන තත්ත්වය ඉල්ලා සිටින්නේ, ධනේශ්වර අවශ්‍යතාවන්ට ගැට ගැසුනු වෘත්තීය සමිතිවලට හා කම්කරු පන්තියේ ඓතිහාසික විප්ලවවාදී ගුනය ප්‍රතික්ෂේප කරන ව්‍යාජ වාම සංවිධානවලට එරෙහිව පන්තියක් ලෙස කම්කරුවන්ගේ එකමුතුව යි. එම එකමුතුව උදෙසා කම්කරුවෝ තමන් මුහුන දී සිටින සෑබෑ තතු වටහා ගන්නා සාකච්ඡා වර්ධනය කරමින් තමන්ගේ ම ස්වාධීන සංවිධාන ගොඩ නැගිය යුතු ය. ඒවා රුසියානු කම්කරුවන්ට ඒකාධිපති සාර් පාලනය පෙරලා දැමීමට ශක්තිය ලබා දුන් සෝවියට් සභාවල ආදර්ශය ගත යුතු ය.

කම්කරුවන් විසින් ගොඩ නගනු ලැබිය යුතු මෙම සංවිධාන වෙනුවට කිසිදු සංවිධානයකට – විප්ලවවාදී පක්ෂයකට පවා – ආදේශ වනු නො හැකි ය. කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂයක වගකීම වන්නේ, කම්කරු පන්තියට මර උගුලක් බවට පත්ව ඇති වෘත්තීය සමිති ප්‍රතිසංස්කරනවාදී විඥානයට එරෙහිව සටන් වදිමින්, ඒ සඳහා මග පෙන්වීම සහ එහි ම කොටසක් ලෙස එම කමිටුවලට එක් වී වැඩ කිරීම ය. අනතුර වන්නේ මේ වන විටත් නිදහස් වෙලඳ කලාපයේ හෝ වෙනත් තැනක, කාර්මික කම්කරුවන්ගේ ස්වාධීන සටන් කමිටු බිහි වී නො තිබීම ය. …Read more 

Class struggles

Stop Exploitation: Unite the Working Class Across Borders

The Lay Off will add up to the unemployment problem, which the government claims to be dedicated to solving. … This is not an isolated issue. The real issue is profiting concerns. The government is more focused on helping increase profits than providing jobs. …. Ministers’ talks on compensation of up to 50 lakhs are nothing but pitfalls aiming at cutting jobs and facilitating the bourgeoisie. Workers need jobs, not compensation. … Read more 

Class struggles

කටුනායක Next කම්කරුවන් 1416ක් දොට්ට දමයි

2025 මාර්තු 27, “The Gardian“ පුවත්පත, Next සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සයිමන් වුල්ෆ්සන් සමග කල සාකච්ඡාවක් උපුටා දක්වයි. ඒ අනුව ජනවාරි මාසය දක්වා ගෙවුනු වසර තුල, බදු ගෙවීමට පෙර එහි ලාභය 10% කින් ඉහල ගොස් ඇත. එය පවුම් බිලියන එකකට (£bn 1) වැඩි ය. … නව මූල්‍ය වසරේ පලමු සති අට “අපගේ අපේක්ෂාවන්ට වඩා ඉදිරියෙන්” සිටීම මෙම අපේක්ෂාවට හේතු වී ඇතැයි වුල්ෆ්සන් පවසා ඇත.

අන්තර් ජාතික සමාගම් අතලොස්සක් විසින් ලෝක ආර්ථිකය වසා ගනු ලැබ සිටින අතර වෙලඳපොල අල්ලා ගෙන සිටීම පිනිස වඩවඩා ශ්‍රමය සූරා කෑමට ඒවාට සිදු වී ඇත. ඒ සඳහා ඉහලම තාක්ෂනය යොදා ගනී. මෙම වියදම් අධික ක්‍රියාව ඇමරිකා එක්සත් ජනපදය ඇතුලු සියලු ධනේශ්වර රටවල දහස් ගනනින් කම්කරුවන් දොට්ට දැමීම හා කර්මාන්ත ශාලා වැසීම සාමාන්‍ය තත්වයක් බවට පත් කර ඇත.

… මේ තත්වයට මුහුන දී ආර්ථික දේශපාලන නිදහස දිනා ගැනීමට කම්කරුවන්ට ඇති මූලික අවිය වන්නේ ස්වකීය පන්තියේ එකමුතු ශක්තියයි. එවන් එකමුතුවක් දේශ සීමාවෙන් ඔබ්බට ගෙන යා යුතු අතර, එසේ ගෙන යා හැකි ය. දැන් රැකියා අහිමි වූ කම්කරුවන්, සෙසු කම්කරුවන්ගේ සහාය ලබමින් වැඩපලක් ගානේ, ගමක් ගානේ ගොස් මෙම එකමුතුව සදහා සටන් වැදිය යුතු ය. ..Read more 

Class struggles

1988-1990 ජවිපෙ දේශප්‍රේමී ව්‍යාපාරය හා යූඑන්පී ආන්ඩුවේ ම්ලේච්ඡ මර්දනයට විකල්පයක් නො තිබුනේ ද?

ආර්ථික හා දේශපාලනික ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන ප්‍රහාරයේ පදනමේ පවතින්නේ ගැඹුරු අර්බුදයේ කිඳී සිටින ධනපති පන්තිය, කම්කරු පීඩිතයන්ගේ ජීවිත ඇට පොත්තට ම සූරා ගැනීමට දරන ප්‍රයත්නයයි. රාජ්‍ය භීෂනයේ උල්පත එයයි. ඒ අනුව, ධනපති පන්තියට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් හා යුක්තිය දිනා ගැනීම වූ කලී, සූරාකෑම සඳහා ධනපති පන්තියට ඇති අයිතියට අභියෝග කිරීමෙන් තොරව සාක්ෂාත් කල හැක්කක් නොවේ. කවර ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් උල්ලංඝනය කිරීමට එරෙහිව වේවා එල්ල කෙරෙන සැබෑ විරුද්ධත්වයක් මේ යුගයේ නොවැලැක්විය හැකි පරිද්දෙන් ධනපති පන්ති ආධිපත්‍යයේ සුජාතභාවය පිලිබඳ ප්‍රශ්නය නිසැකව මතු කරනු ඇත. …Read more

Class struggles

සංවිධානාත්මක අපරාධ කල්ලි මෘගයා මත නැඟී ධනපති අර්බුදය තරනය කරන්නට කැස කවන ජාජබ ආන්ඩුව 

අපරාධ කල්ලි නායකයෙකු ලෙස නම් දරා සිටින ගනේමුල්ලේ සංජීව තවත් එවන් කල්ලියක වෙඩික්කරුවෙකු විසින් ඝාතනය කෙරුනේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරනයේ විත්ති කූඩුව තුල දී ය.
දරිද්‍රතාව නිසා යුද්ධයට උරා ගනු ලැබූ තරුනයෝ යුද්ධයට පමනක් නො ව, හමුදා තුලම පවතින පීඩනයන්ට ද මුහුන දුන්හ.  හමුදා සේවය ඔවුනගේ සහ එම පවුල්වල දරිද්‍රතාව අහෝසි කලේ නැත. මේ කාරනා දෙක විසින් බොහෝ සෙබලුන් මානසික ව්‍යාධිවලට ගොදුරු වූහ. ඔවුන් මත් ද්‍රව්‍යවලට හා අපරාධවලට පෙලඹ වූ කරුනු මේවා ය. ජීවත්වීම සඳහා ජිවිතය හෝ මරනය තෝරා ගැනීමට සිදු වූ සමාජයක තරුනයන් පාතාලයට නැඹුරු වීම දඬුවම්වලින් නතර කල හැකි නො වේ. දුප්පත්කම සමස්ත පාතාලයේ වපසරිය පුලුල් කරයි. … Read more

Class struggles

ජාමූඅ කප්පාදුවට එරෙහි සසජාතශි දේශනයට පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙන් පැනවූ තහනම හෙලා දකිමු!

“ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේද?” යන මැයෙන් ජනවාරි 03 වන දින ප.ව. 3.30 ට පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දී පැවැත්වීමට නියමිත වූ දේශනය, විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් අවලංගු කර ඇතැයි වාර්තා වී ඇත
සසජාතශි විසින් නිකුත් කරන ලදුව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල වී ඇති ප්‍රකාශය පහත උපුටා පලකරමු: ….Read more

Class struggles

ජාජබ ආන්ඩුව රකින්නේ කාට දුන් පොරොන්දු ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩ පිලිවෙල වත්මන් ආන්ඩුවේ “රට ගොඩ නගන“ ආර්ථික සැලැස්මේ පදනම ය. ජාජබ මැතිවරන පොරොන්දු දැන් දැන් එය ක්‍රියාවට දැමීමට බාධාවක් ලෙස ඉස්මතු වෙමින් පවතී. …
… ගොවියන්ට කම්කරුවන්ට හා සෙසු පීඩිතයන්ට දුන් පොරොන්දු දවසින් දෙකින් වෙනස් වුවත් ධනපතීන් හා එම පාලනය වෙනුවෙන් වන සැලසුම් කල් පවතින ඒවාය. දේශීය හා විදේශීය ආයෝජකයන්ට අවශ්‍ය සියලුම කොන්දේසි සපුරා දෙන බවත්, ඔවුන්ගේ ව්‍යාපාර පවරා ගැනීමක් කිසි සේත් නො කරන බවත් ආන්ඩුව දිවුරා කියයි.
ජාජබ ද ඇතුළු සියලු ධනපති පක්ෂ ‘ආර්ථිකය’ ලෙස සලකන්නේ ධනපති ලාභය මත ගොඩ නඟන ලද පර්යාය යි. ඔවුන් ආරක්ෂා කරන්නේ එම ‘ආර්ථිකය’ යි. ඒ සඳහා දුගියාගේ හා කම්කරුවාගේ ‘ආර්ථිකය’, එනම්, ඔවුන්ගේ මූලික ජීවන අවශ්‍යතාවලට පමනක් සරිලන සොච්චම් ඉපැයීම් කපා දැමීමට එම ධනපති පක්ෂ කිසිසේත් පැකිලෙන්නේ නැත. ,,,Read more

Class struggles

ඇඟලුම් කම්කරුවනි, ස්ටාර් ගාමන්ට් කොත්මලේ ශාඛාවේ කම්කරු අරගලය අරක්ෂා කිරීම සඳහා පෙරට එනු!

ස්ටාර් ගාර්මන්ට් සමූහයට අයත්, කොත්මලේ, ඩබ්ලිව් ටී මැනුෆැක්චරින් පුද්ගලික සමාගමේ කම්කරුවෝ රුපියල් 5000ක වැටුප් වැඩි වීමක් ඉල්ලා, දෙසැම්බර් 4 දා වැඩ වර්ජනයක් දියත් කලහ. එහි සේවයේ නියුතුව සිටින කම්කරුවන් 1080 දෙනා ම සහභාගි වූ මෙම වර්ජනයට පාලකයන් ප්‍රතිචාර දැක් වූයේ දෙසැම්බර් 17 දක්වා කම්හල වසා තැබීමට පියවර ගැනීමෙනි. … Read more

Class struggles

පොලිසිය අධිකරන තීන්දුව ක්‍රියාත්මක නො කරයි – ඝාතකයාට එරෙහි නඩුව නීතිපති ඉවත් කර ගනී

පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරික්ෂක දොන් ලක්ෂ්මන් අමරතුංග කොළඹගේට විරුද්ධව විභාග කිරීමට නියමිතව තිබූ නඩුව විභාග නො කරන බව බලපිටිය මහේස්ත්‍රාත් දෙසැම්බර් 10 දා ප්‍රකාශ කලේය.
ජාතික ජන බලවේගයේ ආන්ඩුව, නීතිය සැමට සාධාරන ව ක්‍රියාත්මක කරන බවට පුනපුනා ප්‍රකාශ කිරීම නරුම වංචාවක් බව ඉහත සිදුවීම සනාථ කරයි. මින් පෙර හෝ එවන් සමානත්වයක් නො පැවති අතර, ජාජබ කටයුතු කරමින් සිටින්නේ එදා ද පැවැති අසමානතාව සෑම අතින් ම තවදුරටත් තීව්ර කිරිමට ය.
තමන්ගේ ම සුපරික්ෂාකාරී කමිටු හා ආරක්ෂක කමිටු පීඩිත ජනතාවගේ අවශ්‍යතාවක් වන්නේ මෙම කොන්දේසි තුලය. … Read more

Class struggles

සමාජවාදී සමානතා පක්ෂයේ යාපනය දිස්ත්‍රික් අපේක්ෂකයන්ට එරෙහි පොලිස් මැදිහත්වීම් පරාජය කරනු!

නොවැම්බර් 14 දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරනයේ දී, සමාජවාදී සමානතා පක්ෂයෙන් යාපනය දිස්ත්‍රික්කයට තරඟ වදින අපේක්ෂකයෙකු වන රාසරතිනම් තිරුඥානවේල් හා එම කන්ඩායම වෙත සිදු කෙරෙන පොලිස් බලපෑම් හෙලා දකින සසප වාම කන්ඩායම, මෙහි බැරෑරුම් ඇඟවීම් සැලකිල්ලට ගන්නා ලෙස සමස්ත කම්කරු පන්තියෙන් හා පීඩිත ජනයාගෙන් ඉල්ලා සිටී. … Read more

Scroll to Top