Uncategorized

ජාමූඅ කප්පාදුවට එරෙහි සසජාතශි දේශනය තහනම් කිරීම පිලිබඳ විරෝධය ගොනු වේ

ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේද?” යන මැයෙන් පැවැත්වීමට නියමිත වූ දේශනය, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වන ඔබ විසින් අවලංගු කරනු ලැබීම ගැන අපගේ බලවත් විරෝධය ප්‍රකාශ කරමු. මෙය හුදෙක් භාෂනයේ හා ප්‍රකාශනයේ අයිතියට එල්ල කල ප්‍රහාරයකට එහා ගිය බුද්ධි විරෝධී පියවරකි.
අවසාන මොහෙතේ ඔබ එය අවලංගු කලේ සිසුන්ගේ, ආචාර්යවරුන්ගේ හා පොදුවේ මහජනතාවගේ ස්වාධීන අදහස්වලට පාලක පන්තියේ බිය සහ වෛරය ප්‍රකාශ කිරීමක් ලෙස බව අපි කියමු. මහජනයා සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරා නො ගෙන දැන් ආන්ඩුව අනුයන මූල්‍ය අරමුදලේ කප්පාදු සැලසුම් ක්‍රියාවට දැමීමට හැකියාවක් නැත. එය ඒ තරමට ම ප්‍රතිගාමී ය. ඔබ එය හොඳින් දන්නෙහිය. ඔබේ තහනමමත් එය කෙතරම් මහජනයාට හතුරු වැඩ පිලිවෙලක් ද යන්නට සාක්ෂියකි. …
Read more

Class struggles

ජාමූඅ කප්පාදුවට එරෙහි සසජාතශි දේශනයට පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙන් පැනවූ තහනම හෙලා දකිමු!

“ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේද?” යන මැයෙන් ජනවාරි 03 වන දින ප.ව. 3.30 ට පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දී පැවැත්වීමට නියමිත වූ දේශනය, විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් අවලංගු කර ඇතැයි වාර්තා වී ඇත
සසජාතශි විසින් නිකුත් කරන ලදුව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල වී ඇති ප්‍රකාශය පහත උපුටා පලකරමු: ….Read more

Uncategorized

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් වසර පහක් – පාස්කු ප්‍රහාරය, අධිරාජ්‍යවාදයේ භූ දේශපාලන අවශ්‍යතා සහ කම්කරු පන්තිය

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් වසර පහක් නික්ම ගොස් ඇත. ආන්ඩු ගනනාවක්, බෝම්බ ප්‍රහාරය සැලසුම් කල ප්‍රධාන මොලකරු ‘සොයමින්’ වසර පහක් ගෙවා දමා ඇත.
සියලු වාර්ගික ආගමික හා ජාතික භේදවලට එරෙහි කම්කරු පන්තියේ ජාත්‍යන්තර සන්ධානයකට හා, එවැනි සන්ධානයක නායකත්වයෙන් මෙහෙයවනු ලබන මහජන ව්‍යාපාරයකට පමනක් සියලු වර්ගවාදී යටි උගුල් කපා දමා සැබෑ වාර්ගික එකමුතුවකට පදනම දැමිය හැකි වනු ඇත.
පාස්කු ප්‍රහාරය පිලිබඳ සැබෑ පරීක්ෂනයක් සිදු කරමින් සත්‍යය හෙලි කල හැක්කේ, කම්කරු පන්තියේ ඡන්දයෙන් පත් කරන හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහාය ලබන කම්කරු පරීක්ෂනයකට ම පමනි. …Read more

Class struggles

ජාජබ ආන්ඩුව රකින්නේ කාට දුන් පොරොන්දු ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩ පිලිවෙල වත්මන් ආන්ඩුවේ “රට ගොඩ නගන“ ආර්ථික සැලැස්මේ පදනම ය. ජාජබ මැතිවරන පොරොන්දු දැන් දැන් එය ක්‍රියාවට දැමීමට බාධාවක් ලෙස ඉස්මතු වෙමින් පවතී. …
… ගොවියන්ට කම්කරුවන්ට හා සෙසු පීඩිතයන්ට දුන් පොරොන්දු දවසින් දෙකින් වෙනස් වුවත් ධනපතීන් හා එම පාලනය වෙනුවෙන් වන සැලසුම් කල් පවතින ඒවාය. දේශීය හා විදේශීය ආයෝජකයන්ට අවශ්‍ය සියලුම කොන්දේසි සපුරා දෙන බවත්, ඔවුන්ගේ ව්‍යාපාර පවරා ගැනීමක් කිසි සේත් නො කරන බවත් ආන්ඩුව දිවුරා කියයි.
ජාජබ ද ඇතුළු සියලු ධනපති පක්ෂ ‘ආර්ථිකය’ ලෙස සලකන්නේ ධනපති ලාභය මත ගොඩ නඟන ලද පර්යාය යි. ඔවුන් ආරක්ෂා කරන්නේ එම ‘ආර්ථිකය’ යි. ඒ සඳහා දුගියාගේ හා කම්කරුවාගේ ‘ආර්ථිකය’, එනම්, ඔවුන්ගේ මූලික ජීවන අවශ්‍යතාවලට පමනක් සරිලන සොච්චම් ඉපැයීම් කපා දැමීමට එම ධනපති පක්ෂ කිසිසේත් පැකිලෙන්නේ නැත. ,,,Read more

Science & Arts

මායාකොව්ස්කිගේ සියදිවි නසා ගැනීම පිළිබඳ ව ලියොන් ට්‍රොට්ස්කි ලියූ ලිපිය

ඇත්තෙන් ම මායාකොව්ස්කි අන් සියල්ලට පෙරාතුව, පැරණි ලෝකයෙන් බිඳී නොගොස් එම ලෝකය ප්‍රතික්ෂේප කළ කවියෙකි, කලාකරුවෙකි. විප්ලවයෙන් පසු පමණක් ඔහු විප්ලවය තුලින් තමන්ට සහායයක් ලැබීමේ මං සෙවූ අතර, සෑහෙන දුරකට ඔහු එහි ලා සාර්ථක විය. එහෙත් ඔහු මුළුමනින් ම එය සමඟ බද්ධ නො වීය. ….
මායාකොව්ස්කි “නිර්ධන පන්ති සාහිත්‍යයේ” පූර්වගාමියෙකු නො වූයේ, හා ඔහුට එවැන්නකු වීමට නො හැකි වූයේ, එක් රටක සමාජවාදය ගොඩ නැඟීමට නො හැකි හේතුව නිසා මය. ,,,Read more

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය – 3

අප ජීවත් වන්නේ බැරෑරුම් කාල පරිච්ඡේදයක ය. අපි, අපේ ව්‍යාපාරය ඉදිරියේ ඇති බැරෑරුම් සිදුවීම් හා බලගතු පරීක්ෂණවල අද්දර සිටින්නෙමු. කටකතා, ඕපාදූප හා සාක්ෂි රහිත චෝදනාවලින් අවමංගත විය හැකි හා දෙපා රූටා ඇද වැටිය හැකි මිනිසුන්, එළඹෙන අසීරු දිනවල දී ඉතා විශ්වාසදායක සෙබළුන් වනු නැත. එවැනි කාලයන්හි තමන් දරා සිටිය හැක්කේ තම පිළිවෙත් හොඳින් සකස් කර ගත්, සහ ඒවා දෘඩතර ලෙස ග්‍රහණය කර ගත් අයට පමණෙකි. …Read more

Class struggles

ඇඟලුම් කම්කරුවනි, ස්ටාර් ගාමන්ට් කොත්මලේ ශාඛාවේ කම්කරු අරගලය අරක්ෂා කිරීම සඳහා පෙරට එනු!

ස්ටාර් ගාර්මන්ට් සමූහයට අයත්, කොත්මලේ, ඩබ්ලිව් ටී මැනුෆැක්චරින් පුද්ගලික සමාගමේ කම්කරුවෝ රුපියල් 5000ක වැටුප් වැඩි වීමක් ඉල්ලා, දෙසැම්බර් 4 දා වැඩ වර්ජනයක් දියත් කලහ. එහි සේවයේ නියුතුව සිටින කම්කරුවන් 1080 දෙනා ම සහභාගි වූ මෙම වර්ජනයට පාලකයන් ප්‍රතිචාර දැක් වූයේ දෙසැම්බර් 17 දක්වා කම්හල වසා තැබීමට පියවර ගැනීමෙනි. … Read more

Class struggles

පොලිසිය අධිකරන තීන්දුව ක්‍රියාත්මක නො කරයි – ඝාතකයාට එරෙහි නඩුව නීතිපති ඉවත් කර ගනී

පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරික්ෂක දොන් ලක්ෂ්මන් අමරතුංග කොළඹගේට විරුද්ධව විභාග කිරීමට නියමිතව තිබූ නඩුව විභාග නො කරන බව බලපිටිය මහේස්ත්‍රාත් දෙසැම්බර් 10 දා ප්‍රකාශ කලේය.
ජාතික ජන බලවේගයේ ආන්ඩුව, නීතිය සැමට සාධාරන ව ක්‍රියාත්මක කරන බවට පුනපුනා ප්‍රකාශ කිරීම නරුම වංචාවක් බව ඉහත සිදුවීම සනාථ කරයි. මින් පෙර හෝ එවන් සමානත්වයක් නො පැවති අතර, ජාජබ කටයුතු කරමින් සිටින්නේ එදා ද පැවැති අසමානතාව සෑම අතින් ම තවදුරටත් තීව්ර කිරිමට ය.
තමන්ගේ ම සුපරික්ෂාකාරී කමිටු හා ආරක්ෂක කමිටු පීඩිත ජනතාවගේ අවශ්‍යතාවක් වන්නේ මෙම කොන්දේසි තුලය. … Read more

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය – 2

දෙවැනි ලෝක යුද්ධය – පළමුවැන්නට කිසිසේත් නො අඩු ආකාරයෙන් – කම්කරු ව්‍යාපාරයේ සියලු සංවිධානවලට හා ප්‍රවණතාවලට ව්‍යසනකාරී බලයකින් පහර දෙයි. අපේ ම සංවිධානය ද  එහි ලා ව්‍යතිරේකයක් නොවේ. අන් සියල්ලක් මෙන් එය ද එහි පදනම් දක්වාම කම්පනය කෙරෙන අතර, අන් සියල්ලන්ට මෙන් ම එයට ද, සිය සැබෑ ස්වභාවය හෙළි කිරීමට සිදු වේ. සාමය පවතින සමයේ සැඟවී පැවැති දුබලතා, යුද්ධයේ සම්ප්‍රාප්තියත් සමඟ ශීඝ්‍රයෙන් එළිමහනට පැමිණේ. හතරවැනි ජාත්‍යන්තරයේ විධිමත් සාමාජිකයන් හෝ … එහි අනුග්‍රාහකයන් හෝ වේවා, අනල්ප පුද්ගලයන් හා සමස්ත කණ්ඩායම් එකම ආකාරයේ පරීක්ෂාවන්ට භාජනය කෙරේ. …. දෘෂ්ටිය විධික්‍රමය හා සම්ප්‍රදාය, අරගලයේ මාර්ගෝපදේශක උපදේශන ලෙස සිය මාංශය හා ලේ වලට උකහා ගත්තෝ අර්බුදයේ පීඩනය යටතේ ව්‍යාපාරයට වඩාත් දෘඩ ලෙස ඇලී ගැලී සිටිති. … Read more

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය – 1

පක්ෂයක් තුල ඇති වන බැරෑරුම් කණ්ඩායම් අරගල ද ඇතුළු ව පොදුවේ දේශපාලන අරගල, හුදු රික්තයක ඇති වන ඒවා නොවේ. එම අරගල පවත්වා ගෙන යනු ලබන්නේ සමාජ බලවේගවල පීඩනය යටතේ වන අතර, ඒ හෝ මේ ප්‍රමාණයට ඒවායින් පන්ති අරගලය පිළිබිඹු වේ. අපේ පක්ෂය ඇතුලත වර්තමානයේ  පවත්නා සාකච්ඡාවේ වර්ධනය තුල, මෙම නියාමය අතිශය සිත් කාවදින සුළු ආකාරයෙන් විදහා දැක්වේ. … Read more

Scroll to Top