Science & Arts

මායාකොව්ස්කිගේ සියදිවි නසා ගැනීම පිළිබඳ ව ලියොන් ට්‍රොට්ස්කි ලියූ ලිපිය

ඇත්තෙන් ම මායාකොව්ස්කි අන් සියල්ලට පෙරාතුව, පැරණි ලෝකයෙන් බිඳී නොගොස් එම ලෝකය ප්‍රතික්ෂේප කළ කවියෙකි, කලාකරුවෙකි. විප්ලවයෙන් පසු පමණක් ඔහු විප්ලවය තුලින් තමන්ට සහායයක් ලැබීමේ මං සෙවූ අතර, සෑහෙන දුරකට ඔහු එහි ලා සාර්ථක විය. එහෙත් ඔහු මුළුමනින් ම එය සමඟ බද්ධ නො වීය. ….
මායාකොව්ස්කි “නිර්ධන පන්ති සාහිත්‍යයේ” පූර්වගාමියෙකු නො වූයේ, හා ඔහුට එවැන්නකු වීමට නො හැකි වූයේ, එක් රටක සමාජවාදය ගොඩ නැඟීමට නො හැකි හේතුව නිසා මය. ,,,Read more

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය – 3

අප ජීවත් වන්නේ බැරෑරුම් කාල පරිච්ඡේදයක ය. අපි, අපේ ව්‍යාපාරය ඉදිරියේ ඇති බැරෑරුම් සිදුවීම් හා බලගතු පරීක්ෂණවල අද්දර සිටින්නෙමු. කටකතා, ඕපාදූප හා සාක්ෂි රහිත චෝදනාවලින් අවමංගත විය හැකි හා දෙපා රූටා ඇද වැටිය හැකි මිනිසුන්, එළඹෙන අසීරු දිනවල දී ඉතා විශ්වාසදායක සෙබළුන් වනු නැත. එවැනි කාලයන්හි තමන් දරා සිටිය හැක්කේ තම පිළිවෙත් හොඳින් සකස් කර ගත්, සහ ඒවා දෘඩතර ලෙස ග්‍රහණය කර ගත් අයට පමණෙකි. …Read more

Class struggles

ඇඟලුම් කම්කරුවනි, ස්ටාර් ගාමන්ට් කොත්මලේ ශාඛාවේ කම්කරු අරගලය අරක්ෂා කිරීම සඳහා පෙරට එනු!

ස්ටාර් ගාර්මන්ට් සමූහයට අයත්, කොත්මලේ, ඩබ්ලිව් ටී මැනුෆැක්චරින් පුද්ගලික සමාගමේ කම්කරුවෝ රුපියල් 5000ක වැටුප් වැඩි වීමක් ඉල්ලා, දෙසැම්බර් 4 දා වැඩ වර්ජනයක් දියත් කලහ. එහි සේවයේ නියුතුව සිටින කම්කරුවන් 1080 දෙනා ම සහභාගි වූ මෙම වර්ජනයට පාලකයන් ප්‍රතිචාර දැක් වූයේ දෙසැම්බර් 17 දක්වා කම්හල වසා තැබීමට පියවර ගැනීමෙනි. … Read more

Class struggles

පොලිසිය අධිකරන තීන්දුව ක්‍රියාත්මක නො කරයි – ඝාතකයාට එරෙහි නඩුව නීතිපති ඉවත් කර ගනී

පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරික්ෂක දොන් ලක්ෂ්මන් අමරතුංග කොළඹගේට විරුද්ධව විභාග කිරීමට නියමිතව තිබූ නඩුව විභාග නො කරන බව බලපිටිය මහේස්ත්‍රාත් දෙසැම්බර් 10 දා ප්‍රකාශ කලේය.
ජාතික ජන බලවේගයේ ආන්ඩුව, නීතිය සැමට සාධාරන ව ක්‍රියාත්මක කරන බවට පුනපුනා ප්‍රකාශ කිරීම නරුම වංචාවක් බව ඉහත සිදුවීම සනාථ කරයි. මින් පෙර හෝ එවන් සමානත්වයක් නො පැවති අතර, ජාජබ කටයුතු කරමින් සිටින්නේ එදා ද පැවැති අසමානතාව සෑම අතින් ම තවදුරටත් තීව්ර කිරිමට ය.
තමන්ගේ ම සුපරික්ෂාකාරී කමිටු හා ආරක්ෂක කමිටු පීඩිත ජනතාවගේ අවශ්‍යතාවක් වන්නේ මෙම කොන්දේසි තුලය. … Read more

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය – 2

දෙවැනි ලෝක යුද්ධය – පළමුවැන්නට කිසිසේත් නො අඩු ආකාරයෙන් – කම්කරු ව්‍යාපාරයේ සියලු සංවිධානවලට හා ප්‍රවණතාවලට ව්‍යසනකාරී බලයකින් පහර දෙයි. අපේ ම සංවිධානය ද  එහි ලා ව්‍යතිරේකයක් නොවේ. අන් සියල්ලක් මෙන් එය ද එහි පදනම් දක්වාම කම්පනය කෙරෙන අතර, අන් සියල්ලන්ට මෙන් ම එයට ද, සිය සැබෑ ස්වභාවය හෙළි කිරීමට සිදු වේ. සාමය පවතින සමයේ සැඟවී පැවැති දුබලතා, යුද්ධයේ සම්ප්‍රාප්තියත් සමඟ ශීඝ්‍රයෙන් එළිමහනට පැමිණේ. හතරවැනි ජාත්‍යන්තරයේ විධිමත් සාමාජිකයන් හෝ … එහි අනුග්‍රාහකයන් හෝ වේවා, අනල්ප පුද්ගලයන් හා සමස්ත කණ්ඩායම් එකම ආකාරයේ පරීක්ෂාවන්ට භාජනය කෙරේ. …. දෘෂ්ටිය විධික්‍රමය හා සම්ප්‍රදාය, අරගලයේ මාර්ගෝපදේශක උපදේශන ලෙස සිය මාංශය හා ලේ වලට උකහා ගත්තෝ අර්බුදයේ පීඩනය යටතේ ව්‍යාපාරයට වඩාත් දෘඩ ලෙස ඇලී ගැලී සිටිති. … Read more

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය – 1

පක්ෂයක් තුල ඇති වන බැරෑරුම් කණ්ඩායම් අරගල ද ඇතුළු ව පොදුවේ දේශපාලන අරගල, හුදු රික්තයක ඇති වන ඒවා නොවේ. එම අරගල පවත්වා ගෙන යනු ලබන්නේ සමාජ බලවේගවල පීඩනය යටතේ වන අතර, ඒ හෝ මේ ප්‍රමාණයට ඒවායින් පන්ති අරගලය පිළිබිඹු වේ. අපේ පක්ෂය ඇතුලත වර්තමානයේ  පවත්නා සාකච්ඡාවේ වර්ධනය තුල, මෙම නියාමය අතිශය සිත් කාවදින සුළු ආකාරයෙන් විදහා දැක්වේ. … Read more

Politics & Economy

ජාජබ ආණ්ඩුවේ ජනප්‍රිය ප්‍රකාශවල මුවාවෙන් එබිකම් කරන ආඥාදායකත්වයට ඉඩ නොදෙනු!

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ මෙතෙක් වාර්තා නො වූ ජයග්‍රහනයක් ජාතික ජන බලවේගය විසින් දිනාගනු ලැබීම වර්ධනය වන පන්ති අරගලයේ විකෘති ප්‍රකාශනයකි. ජාජබය මන්ත්‍රීධුර 159 ක් අත්පත් කර ගෙන, තුනෙන් දෙක ඉක්ම වූ පාර්ලිමේන්තු බලයක් තහවුරු කර ගෙන ඇත. ….. පෙර දැකීම් නිශ්ප්‍රභ කල මෙම විපර්යාසයේ අර්ථය පැහැදිලිව වටහා ගැනීම මග හැරිය නො හැකි අවශ්‍යතාවයකි. ……Read more

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය – හැඳින්වීම

එය මානව ඉතිහාසයේ අතිශය කැළඹිලිකාරී හා වියවුල්කාරී කාල පරිච්ඡේදයක් විය. ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් හා ඔහුගේ නාසි පක්ෂය බලයට පත් වූ අතර, සමස්ත ලෝකය පෙර නො ඇසූ විරූ කෲරතම යුද්ධයක් කරා කඩා වැටෙමින් තිබිණ. ලියොන් ට්‍රොට්ස්කිගේ මූලිකත්වයෙන් යුතුව වාම විපාර්ශ්වය කම්කරු පන්තියේ විප්ලවවාදී ලෝක පක්ෂය ලෙස හතරවැනි ජාත්‍යන්තරය ගොඩ නැඟීමේ ඓතිහාසික තීරණයට එළඹුණේ මෙම තතු යටතේ ය.

මෙතැන් පටන් මෙම වෙබ් අඩවියේ කොටස් වශයෙන් පළ කෙරෙන, ජේම්ස් පී. කැනන් විසින් රචිත ‘නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය’ නම් කෘතිය, හතරවැනි ජාත්‍යන්තරයට එහි මුල් කාලයේ ම මුහුණ දීමට සිදු වූ තීරණාත්මක අභ්‍යන්තර අරගලයක් පිළිබඳව ද, එහි ලා අභියෝගයට ලක් ව තුබූ දේශපාලන ප්‍රයුක්තීන් සම්බන්ධව ද පුළුල් සාකච්ඡාවක් ගෙන එයි….Read more

Politics & Economy

ආරුගම්බේ, ත්‍රස්ත ප්‍රහාරයක් ගැන ඇමරිකානු අනතුරු ඇඟවීම: සිංහල, දෙමල, මුස්ලිම් ජනයාගේ එකමුතුවට සටන් වදිනු!

කොලඹ, ඇමරිකානු තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ සංචාරක ප්‍රදේශයක් වන නැගෙනහිර පලාතේ අරුගම්බේ එල්ල කර ගත් ප්‍රහාරයක් සිදුවීමේ හැකියාවක් ගැන විශ්වාස කටයුතු ඔත්තුවක් ලැබී ඇති බව 23 උදෑසන නිවේදනය කිරීම, ලොව පුරා අවධානය දිනා ගත් කරුනක් විය. ශ්‍රී ලංකාවේ සංචාරය කරන හෝ පදිංචි ව සිටින ඊශ්‍රායල ජාතිකයන් එල්ල කරගත් ප්‍රහාරයක සැලසුමක් ගැන පුලුල් සාකච්ඡාවක් සිදුවෙමින් පවතී. එය ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන්ගේ සහායෙන් ඊශ්‍රායල ෆැසිස්ට් තන්ත්‍රය දැන් මැද පෙරදිග සිදු කරන සමූලඝාතනයට පක්ෂපාතීත්වය ඉල්ලා සිටින උද්ඝෝෂණයකි. … Read more

Class struggles

සමාජවාදී සමානතා පක්ෂයේ යාපනය දිස්ත්‍රික් අපේක්ෂකයන්ට එරෙහි පොලිස් මැදිහත්වීම් පරාජය කරනු!

නොවැම්බර් 14 දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරනයේ දී, සමාජවාදී සමානතා පක්ෂයෙන් යාපනය දිස්ත්‍රික්කයට තරඟ වදින අපේක්ෂකයෙකු වන රාසරතිනම් තිරුඥානවේල් හා එම කන්ඩායම වෙත සිදු කෙරෙන පොලිස් බලපෑම් හෙලා දකින සසප වාම කන්ඩායම, මෙහි බැරෑරුම් ඇඟවීම් සැලකිල්ලට ගන්නා ලෙස සමස්ත කම්කරු පන්තියෙන් හා පීඩිත ජනයාගෙන් ඉල්ලා සිටී. … Read more

Scroll to Top