June 2025

Uncategorized

ඊශ්‍රායලය හා ඉරානය අතර දිග් ගැසුනු යුද්ධයක අනතුර මතු වෙයි

ඊයේ, එනම් 13 දින අලුයම ඊශ්‍රායලය තමන්ට එල්ල කල ගුවන් ප්‍රහාර මාලාවට ප්‍රතික්‍රියා දක්වමින් ඉරානය එම රාත්‍රියේ ම, දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් ඊශ්‍රායලයට එල්ල කලේ ය. එම ප්‍රහාරය හමුදා කඳවුරු හා ගුවන් තොටුපල ඉලක්ක කල බව වාර්තා වේ.

වාර්තාවලට අනුව බැලස්ටික් මිසයිල 100ක් හෝ 150ක් මෙම ප්‍රහාරයේ දී ඉරානය විසින් භාවිත කරනු ලැබ ඇත. ඉන් බොහොමයක් ඊශ්‍රායල ආරක්ශක පද්ධතිය මග හැර ඉලක්ක වෙත ලඟා වන සැටි පෙන්වන වීඩියෝ මාධ්‍ය වෙත මුදා හැර ඇත. ජෙරුසලම හා ඊශ්‍රායල අගනුවර වන ටෙල්අවිව් හා රාමාත් නගරවල ගොඩ නැගිලි සුන් බුන් බවට පත් වන හැටි ඒවා මගින් ප්‍රදර්ශනය කෙරී ඇත. … Read more 

Uncategorized

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානය ආක්‍රමණය කරයි

ඊශ්‍රායලය ඊයේ (ජූනි 12) රාත්‍රියේ ඉරානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇත. …

ප්‍රහාරයෙන් විප්ලවවාදී ආරක්ෂක බලඇණියේ ප්‍රධානියා, හුසේන් සලයිමන්, මරණයට පත්වී ඇත. ඉරානයේ න්‍යෂ්ටික විද්‍යාඥයින් දෙපළක් ද මරණයට පත් වූවන් අතර සිටිති. ජනාකීර්ණ නාගරික ප්‍රදේශවලට එල්ල වූූ ප්‍රහාරයෙන් කුඩා ළමුන් ඇතුළු බොහෝ දෙනෙකු මරණයට පත් වූ බව වාර්තාවේ. …Read more 

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 13 – I

යුද්ධය සඳහා සූදානම් වීම යන්නෙන් කිසියම් ගුප්ත විශේෂ කර්තව්‍යයක් අදහස් නො කෙරේ. එහි අර්ථය වන්නේ පක්ෂය කම්කරුවන් වෙත හැරීම සහ වෘත්තීය සමිති තුළට ගැඹුරින් කා වැදීමයි. ඉන් අදහස් වන්නේ පක්ෂ සාමාජිකත්වයේ සංයුතිය නිර්ධන පංතිකරණය කිරීම් වස් ප්‍රබල පියවර ගැනීමයි. තව ද, කණ්ඩායම් අරගලයේ අත්දැකීම්වල ආලෝකයෙන් පෙනී යන පරිදි, නිර්ධන පාන්තික දිශානුයෝජනය යනු අන් සියල්ලටමත් වඩා, සියලු පෙරමුණුවල දී, නිර්ධන පංති විප්ලවයේ දෘෂ්ටිවාදය හා වැඩ පිළිවෙලට – මාක්ස්වාදයට, එනම්, ට්‍රොට්ස්කිවාදයට – එරෙහි ඕනෑම හා සියලු විරෝධයන්ට විරුද්ධ අශමනීය යුද්ධය අඛණ්ඩව පවත්වා ගෙන යාමේ දෘඩ තීන්දුවකි. සියල්ල කළ හැකි වනුයේ එවිට ය. …Read more  

Science & Arts

“බහුචිතවාදියා“ වත්මන් සමාජ යථාර්ථය විනිවිදින අව්‍යාජ නිර්මානයක්

ධනවාදී සමාජය නමැති ඇවිලෙන ගිනි දලුව වටා සරන පලගැටියන් හුදෙක් මධ්‍යම පන්තික තරුන තරුනියන්ට සීමා වී නැත. පිරිමින් රැකියා විරහිතයන්, අඩු වැටුප් ලබන්නන්, නොසන්ඩාලයන් හෝ ඌන රැකියා නියුක්තිකයන් වන විට පවුලේ මුලු බර අත් නො හැර දරා සිටින්නෝ පීඩිත කාන්තාවෝ ය. නගරයේ සේම ගම්බද බොහෝ තරුන කාන්තාවෝ සිය අපේක්ෂා සාක්ෂාත් කර ගනු වස් අඩු වැටුප් සහිත රැකියාවල ඉල ඇට කැඩෙන වැඩ කරති. මැද පෙරදිග රටවල වැඩ කර සිය පවුල් පමනක් නො ව පෙම්වතුන් ද නඩත්තු කරන කාන්තාවෝ දුලබ නොවෙති. …

“බහුචිතවාදියා“ චිත්‍රපටය පවතින සමාජ යථාර්ථය අව්‍යාජව ප්‍රති නිර්මානය කල අපූර්ව කලා කෘතියකි. එය, සමාජ ව්‍යසනයට එරෙහිව සහෘදයා පිහිටුවයි; පවතින සමාජ ගැටලුවලට පෞද්ගලික විසඳුම් සොයා යාමේ අනර්ථය මතු කරන එය, පැන නැගී ඇත්තේ පන්ති ප්‍රශ්නයක් බව ග්‍රහනය කර ගනී. එබැවින් බහුචිතවාදියා නැරඹූ හිතනමතන මිනිසුන්ට පෙර පරිදි ජීවත් වීමට නො හැකි බව හැඟේ. එය ම කලා කෘතියක සාර්ථක බවට සාක්ෂ්‍ය දරන්නේ ය. … Read more 

Scroll to Top