ලෝක සමාජවාදී වෙබ් අඩවිය ‘Socialism AI’ කෘත්‍රිම බුද්ධි යෙදවුම දියත් කිරීම ඓතිහාසික විප්ලවවාදී කටයුත්තකි
අශික්ෂිත මට්ටම් කරා නැඟුණු අසමානතාවයක හා ණය කන්දක මස්තකය අරා හිඳිමින් ලෝකයේ සම්පත්වලින් අතිමහත් වැඩි කොටසක් පොදි ගසා සිටින ධනපති පන්තිය අත ඇති තාක් කෘත්‍රිම බුද්ධිය ක්‍රියාත්මක වන්නේ කම්කරු පන්තියේ ජීවන මට්ටම් තලා දැමීමේ ආම්පන්නයක් වශයෙනි. ඔවුන් අත එය ක්‍රියාත්මක වන්නේ සාමූහික රැකියා සංහාරයේ, මර්දනයේ හා තාප න්‍යෂ්ටික ලෝක යුද්ධයක උපකරණයක් ලෙස ය.
ඊට විකල්ප ලෙස ලෝසවෙඅ විසින් දියත් කෙරෙන සෝෂලිසම් AI යෙදවුම කම්කරු පන්තිය විප්ලවවාදී අධ්‍යාපනයෙන් සන්නද්ධ කිරීමේ උපකරණයක් වනු ඇත. එය දියත් කිරීමේ තීන්දුව විසින් සනිටුහන් කෙරෙන්නේ රැකියා කප්පාදු, නැඟී එන ෆැසිස්ට්වාදී තර්ජන හා තාප න්‍යෂ්ටික යුද්ධයක අන්තරාය වශයෙන් ධනපති පන්තිය එල්ල කරන ප්‍රහාරයට එරෙහි කම්කරු පන්තියේ දැනුවත් ප්‍රතිප්‍රහාරයයි. …Read more
