Class struggles

Class struggles

යුක්‍රේන අභියාචනාධිකරණයෙන් පිළිතුරක්

මයිකොලේව් අභියාචනා අධිකරණය 2026 අගෝස්තු 26 දාතමින් අප වෙත යුක්‍රේන භාෂාවෙන් ලියැවුණු ලිපියක් යොමු කර ඇත. ඊ මේල් පනිවුඩයක අමුණා එවන ලද එම ලිපියේ සංක්‍ෂිප්ත අර්ථය වන්නේ, යුක්‍රේන් භාෂාව හැර අන් බසකින් එවන ලිපි තමන් නොතකා හරින බවයි! …

.. යුද්ධයට එරෙහිව වැඩෙන මේ විරුද්ධත්වය හමුවේ, යුද්ධයට එරෙහිව තම තම ආණ්ඩුවලට එරෙහිව නැඟී සිටිමින් ඒකාබද්ධ වන්නැයි බොග්ඩාන් සයුරොටියුක්ගේ ලිපි වලින් කෙරෙන කැඳවීම කියෙව් තන්ත්‍රයට ඉවසා දරා සිටිය හැක්කක් නොවේ. යුක්‍රේන අධිකරණය අපේ ලිපි කියවීම ප්‍රතික්ෂේප කරන්නේ එබැවිනි.

.. යුක්‍රේන දේශසීමාවට ඔබ්බෙන් පවතින ලෝකයෙන් අවි ආයුධ පමණක් භාර ගනිමින්, අධිරාජ්‍යවාදීන්ගේ අවි සම්පාදනයේ පිරිවැයෙන් මිරිකී යන කම්කරුවන්ගේ අදහස් නොතකා හැරීමට හා නිහඬ කිරීමට ඔවුන් දරන තැත පරාජය කළ යුතුය. …Read more

Class struggles

බොග්ඩාන් සයුරොටියුක් නිදහස් කරනු! ඔහුට පැනවූ වසර 15 ක සිර දඬුවම අහෝසි කරනු!

මෙම තීන්දුව ඒකාධිපතිවාදී ක්‍රියාවකි. සෙලන්ස්කිගේ ධුර කාලය 2024 මැයි මාසයේ අහෝසි වී ඇතත්, ඔහු සිය නෛතික වරම ඉක්මවා දෙවසරකට වැඩි කාලයක් තවමත් බලයේ රැඳී සිටින්නේ ස්ථාවර යුද්ධ නීතියේ විධිවිධාන ප්‍රකාරව ය. මැතිවරණ අවලංගු කර ඇත. වාමාංශික පක්ෂ මුළුමණින් තහනම් කර ඇත. යුද්ධය පවත්වා ගෙන යන්නේ ”ප්‍රජාතන්ත්‍රවාදය” වෙනුවෙනැයි කියා පාමින් එක්සත් ජනපදය හා නැටෝව ඩොලර් කෝටි ගණන් වටිනා යුද අවි වර්ෂාවන්ගෙන් නහවන්නේ, බොග්ඩාන් සිරගත කළ මෙකී යුක්‍රේන ආණ්ඩුවයි. මෙම දණ්ඩනය එකී මුසාව නිශ්චිත ලෙස හෙළිදරව් කර ඇත. ..

බොග්ඩාන් සයුරොටියුක් දේශපාලන සිරකරුවෙකි. ඔහු සිරගත කිරීමට හේතුභූත වූ ඔහු පිළිගත් ඉදිරි දර්ශනය; එනම්, තම තම පාලක පන්තීන්ට එරෙහිව දේශසීමා ඉක්මවා යමින් කම්කරු පන්තිය ඒකාබද්ධවීම; යනු අධිරාජ්‍යවාදී යුද්ධය හමුවේ සමස්ත ජාත්‍යන්තර කම්කරු පන්තිය හමුවේ ඇති එකම ඉදිරි දර්ශනයයි. සෙලන්ස්කි තන්ත්‍රය ඔහුගේ නිදහස ප්‍රදානය කරන්නේ නැත. එය දිනා ගත යුත්තකි. ලොව පුරා කම්කරුවන්, තරුණයන් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරන්නන් බලමුළු ගන්වා දිනා ගත යුත්තකි. …Read more

Class struggles

රාජ්‍ය සේවකයන්ට අඩු වැටුප්, දීමනා කපා හැරීම් හා විශාදය

වැටුප් වැඩි කිරීම ඇස් බැන්දුමකි. 2019 දී සියලු දීමනා සහිතව, රුපියල් 45,000ක වැටුපක් හිමි වූ අයෙක් 2027 වන විට 75,000 පමන වැටුපක් ලබති. එනම් දල වශයෙන් 65% කින් පමන වැටුප් ඉහල ගොස් ඇත. එහෙත් මේ කාලය තුල භාන්ඩ මිල 150%ට වඩා වැඩි වී, එදා රුපියල් 35,000ක් වූ මාසික වෙලඳ පැස රු. 85,000 දක්වා පිම්මේ ඉහල ගොස් ඇත. ..

ගුරුවරුන්ගෙන් 30.4%ක් විශාදයෙන් පෙලෙන (අතර), ශ්‍රී ලංකාවේ සෞඛය සේවකයන්ගෙන් 42.5% ක් සීමාව ඉක්ම වූ කාන්සාවෙන් Anxiety පෙලෙති. ඉතාමත් කනගාටුදායක ලෙස සෞඛ්‍ය සේවකයන්ගෙන් 4.1% ක් අධි මානසික පීඩනය නිසා දිවි නසා ගැනීමේ සිතුවිලි පවා ඇති කරගෙන ඇත. වෛද්‍ය ක්ෂේත්‍රයේ නිරතයන්ගෙන් 71.4% ක් අනාගතය පිලිබද බලාපොරොත්තු විරහිතභාවයකින් පෙලෙති.

දිනපතා ධනපති ව්‍යාපාරිකයන්ගේ ආදායම් ඉහල යමින්, දුප්පතුන් තවත් දුප්පත් වෙමින් රටේ “ඒක පුද්ගල ආදායම“ ඉහල යන අතර, මැති ඇමති හා ඉහල නිලධරයේ වරප්‍රසාද රැකේ. …Read more

Class struggles

මීගමුව බන්ධනාගාර ඛේදවාචකය: ඉරි තලා ගිය පද්ධතිය හා කම්කරු පන්තිය

සම්පූර්න රැඳවියන් සංඛ්‍යාවෙන් නීත්‍යානුකූල නඩු විභාගයකින් වැරදිකරුවන් වූ අය සිටින්නේ 30% ක් (10, 509) පමනෙකි. ඉතිරි සියයට 70 ම – 24,256 – රිමාන්ඩ් භාරයේ සිටින්නන් ය. මේ අතර වැඩි දෙනා ඇප තැබීමට, නීතිඥයන්ට විය පැහැදම් කිරීමට හා තමන්ට නියම වුනු දඩය ගෙවීමට මුදල් නොතිබූ හෙයින් සිරගත වූවන් ය. ..

බන්ධනාගාර සැමන් ටින් මෙන් පුරවන ලද්දේ “පාතාලය සහ මත්ද්‍රව්‍ය උවදුර අවසන් කිරීමට“ ය. නමුත් වඩවඩාත් ප්‍රචන්ඩ ස්වභාවයෙන්; දේශපාලනඥයාගේ හා ආරක්ෂක නිලධාරීන්ගේ සිට සදාචාරවාදයේ හා විමුක්තියේ මාර්ගෝපදේශකයා ලෙස පෙනී සිටින ආගමික සංස්ථාව දක්වා ම, ඒ සියල්ල අලලා ගෙන මෙම තත්වය පැතිරී ඇත. ගුවන් නියමුවන් මත් වී ගුවන් යානා පදවා මිනිස් ජීවිත අනතුරේ හෙලීමේ සිද්ධි ගැන ද දැන් වාර්තා වේ. බන්ධනාගාරය තුලට මත් කුඩු, දුරකථන ගෙන යන්නේ නිලධාරීන්ගේ කලු කඩය බව නො දන්නා දෙයක් නො වේ. …

ලංකාවේ ඉහලම ධනවතුන් සියයට 1 අත ජාතික වත්කම්වලින් 31% ක් ඒකරාශී වී පවතී. ජනගහනයේ අඩු වත්කම් සහිත දෙකෙන් පංගුව අත ඇති වත්කම් සමුච්චය සියයට 4 කට වඩා අඩුය. තරුනයන් ඉදිරියේ ඇත්තේ රැකියා නැති, ගෙයක් දොරක් නැති, බලාපොරොත්තුවක් නැති අනාගතයකි. … Read more

Class struggles

අව්‍යාජ කම්කරු පාන්තික සටන්කාමියා

අඩ සියවසක් පුරා සප්‍රතිපත්තික අරගලයක වාර්තාවක් දරන ආර්. අමරතුංග සහෝදරයා අද සිය 83 වන ජන්ම දිනය සමරයි.

ප්‍රතිපත්ති හා මූලධර්ම ආරක්ෂා කිරීමේ දී ඉන්ද්‍රඛීලයක් වන් කම්කරුවෙක්, මනස්කාන්ත මිනිසෙක්, අව්‍යාජ විප්ලවවාදියෙක්, ආදරවන්තයෙක්, ලෙන්ගතු මිත්‍රයෙක් යන සෑම භූමිකාවකම තමන් දන්නා කියන හැමගේ හද දිනූ අමරතුංග සහෝදරයා නව පරම්පරාවන්ට ජිවිතය කියා දීම සඳහා වටනා මොඩලයකැයි අපට සිතේ. … Read more

Class struggles, Science & Arts

දීපචෙල්වන්ගේ පොත් සියල්ල වහා මුදා හරිනු!

ලේඛක දීපචෙල්වන් ප්‍රදීපන් ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා ඇති ඔහුගේ පොත් හතරක පිටපත් 360 ක් නිදහස් නොකොට රේගුවේ තබා ගැනීමත්, ධනපති ජාජබ ආණ්ඩුවේ සංස්කෘතික ඇමතිවරයාගේ නියෝග මත ඒවා නිදහස් කිරීම ආරක්ෂක අමාත්‍යංශයේ අභිමතයට යටත් කිරීමත්, කලාවට එරෙහි රුදුරු රාජ්‍ය මැදිහත්වීමේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. …

දීපචෙල්වන් ප්‍රදීපන් යුද සමයේ උතුරේ ජීවත් වූවෙකි. ඔහුගේ කලා කෘතීන්ට විෂය වී ඇත්තේ තමා අත්දුටු යුද්ධයේ කෲරත්වය හා ඒ හා බැඳුනු මානව ඛේදවාචකයයි. මේ ඊනියා විචාරකයන්ගේ අදහසට අනුව ඔහුට ඒවා තමා දුටු ආකාරයෙන් කලාත්මකව ප්‍රතිනිර්මාණය කල නොහැකිය. එනම්, ඔහු ලිවිය යුත්තේ ආන්ඩුවට අවශ්‍ය ආකාරයට ය. … Read more

Class struggles, Politics & Economy

මැද පෙරදිග යුද ගින්නෙන් ඇවිලෙන ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය, මර්දනය සහ පන්ති අරගලය

තවමත් 22.4% සීමාවේ පවතින දරිද්‍රතාව යුද්ධය ඇදී ගියහොත් තවත් උග්‍ර වනු ඇත. මෙලෙසින් සිදු වන්නේ පවතින අර්බුදය උග්‍ර වීම ය. කිසිදු ධනපති ආන්ඩුවකට මෙම ව්‍යසනයෙන් මහජනයාට ආරක්ෂාව සම්පාදනය කල නො හැකි ය. ඒ වෙනුවට, ආන්ඩුව ධනපති ව්‍යවසායකයන් හා රාජ්‍යයයේ  පැවැත්ම උදෙසා දිවි පරදුවට තබනු ඇත. …

යුද්ධය යනු යල් පැන ගිය ධනවාදය පෙරලා දැමීමට ලැබුනු අවස්ථා අප විසින් මග හරිනු ලැබීමට ඉතිහාසය ලබා දුන් දඬුවමයි. එකකට පසු එකක් ලෙස පැන නගින යුද්ධදාමය ඕනෑම මොහොතක ලෝක මහා යුද්ධයක් බවට පරිවර්තනය වීමේ හැකියාව දරයි. …Read more

Class struggles, Science & Arts

නතාෂා එදිරිසූරියගෙන් ස්තුතිය පළ කිරීමේ සටහනක්

“ගමන තවමත් නිමා වී නැති බව මම දනිමි. තවමත් කළ යුතු දේ බොහෝ ය. ඔබේ දිරි ගැන්වීම, ඔබේ සහයෝගය, සහ හරි දේ වෙනුවෙන් නැඟී සිටීමට ඔබේ ඇති කැමැත්ත තවමත් සියලු අරුතින් වැදගත් ය. මා නැඟී සිටින්නේ තනිව ම නො වන බව දැන සිටීම, සියල්ල වෙනස් කිරීමට ඉවහල් වනු ඇත.”… Read more

Class struggles

නතාෂා අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බව පොලිසිය පිළිගනියි

සිවිල් ක්‍රියාකාරිනියක සහ ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය මෙනෙවිය බුද්ධාගමට අපහාස කළේයැයි ද, ආගමික සමගියට බාධා පැමිනවීම හා වෛරය පැතිරවීම සිදු කලේයැයි ද බොරු චෝදනා නඟමින් ICCPR පනත යටතේ අත්අඩංගුවට ගෙන, සති 6ක් රඳවා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ස්ථානාධිපති එම් එම් යූ සුබසිංහ මහතා ලිඛිතව කණගාටුව පළ කර ඇත.

මෙම කලාකාරිනියට එරෙහි ව්‍යාජ චෝදනා ගොනු කිරීම සඳහා ආන්ඩුවේ බෞද්ධ කටයුතු කොමසාරිස් හා ආගමික අන්තවාදී නඩ ක්‍රියා කළ අතර, ධනපති ජනතා විමුක්ති පෙරමුන(ජවිපෙ) හා ඉන් බිදී ගිය ව්‍යාජ-වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ද නතාෂාට හා ඇගේ කලාවට එරෙහිව ඒ පසුපස පෙළ ගැසී ගත්හ.

නතාෂාට එරෙහි මර්දනය හමුවේ ජනතා විමුක්ති පෙරමුණේ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අන්ත ප්‍රතිගාමී ක්‍රියාකලාපය හෙළිදරව් කරමින් 2023 ජූලි 6 වන දින thesocialist.lk වෙබ් අඩවියේ පළ කරන ලද නන්දන නන්නෙත්තිගේ ලිපිය මෙහි උපුටා දක්වන්නේ වත්මන් වර්ධනයන් හමුවේ ඔවුන්ගේ ක්‍රියා කලාපයේ ජුගුප්සාජනක ස්වභාවය වඩාත් ඉස්මතු වී පෙනෙන හෙයිනි. … Read more

Class struggles, Politics & Economy

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ භූ කම්පනය යුරෝපය දෙදරුම් කවයි: ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමේ ඇමරිකානු උත්සුකය සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ “ගිනි කඳු පිපිරීම” නව සහ විශේෂයෙන් පුපුරණ සුළු අවධියකට පිවිස ඇත.ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ලෙස නැවත පත් කිරීමෙන් වසරකට පසු, එක්සත් ජනපදයේ ආක්‍රමණශීලී විදේශ සහ මිලිටරි ප්‍රතිපත්තිය ඔවුන්ගෙන් යැපෙන රටවලට සහ ප්‍රකාශිත විරුද්ධවාදීන්ට එරෙහිව පමණක් නොව, යුරෝපයේ තමන්ගේම සහචරයින්ට එරෙහිව ද වඩවඩාත් උත්සන්න කෙරෙමින් පවතී. ….Read more

Scroll to Top