Class struggles

Class struggles, Politics & Economy

ලෝක සමාජවාදී වෙබ් අඩවිය ‘Socialism AI’ කෘත්‍රිම බුද්ධි යෙදවුම දියත් කිරීම ඓතිහාසික විප්ලවවාදී කටයුත්තකි

අශික්ෂිත මට්ටම් කරා නැඟුණු අසමානතාවයක හා ණය කන්දක මස්තකය අරා හිඳිමින් ලෝකයේ සම්පත්වලින් අතිමහත් වැඩි කොටසක් පොදි ගසා සිටින ධනපති පන්තිය අත ඇති තාක් කෘත්‍රිම බුද්ධිය ක්‍රියාත්මක වන්නේ කම්කරු පන්තියේ ජීවන මට්ටම් තලා දැමීමේ ආම්පන්නයක් වශයෙනි. ඔවුන් අත එය ක්‍රියාත්මක වන්නේ සාමූහික රැකියා සංහාරයේ, මර්දනයේ හා තාප න්‍යෂ්ටික ලෝක යුද්ධයක උපකරණයක් ලෙස ය.

ඊට විකල්ප ලෙස ලෝසවෙඅ විසින් දියත් කෙරෙන සෝෂලිසම් AI යෙදවුම කම්කරු පන්තිය විප්ලවවාදී අධ්‍යාපනයෙන් සන්නද්ධ කිරීමේ උපකරණයක් වනු ඇත. එය දියත් කිරීමේ තීන්දුව විසින් සනිටුහන් කෙරෙන්නේ රැකියා කප්පාදු, නැඟී එන ෆැසිස්ට්වාදී තර්ජන හා තාප න්‍යෂ්ටික යුද්ධයක අන්තරාය වශයෙන් ධනපති පන්තිය එල්ල කරන ප්‍රහාරයට එරෙහි කම්කරු පන්තියේ දැනුවත් ප්‍රතිප්‍රහාරයයි. …Read more

Class struggles

කම්කරු ජීවිත දෙකක් කාර්මික අනතුරුවලට බිලි වෙයි

නොවැම්බර් මුල් සතියේ ශ්‍රී ලංකාවේ ස්ථාන දෙකක දී කම්කරුවන් දෙදෙනෙකුට සිය ජීවිත අහිමි කළ කාර්මික අනතුරු දෙකකින් සනිටුහන් කෙරෙන්නේ ධනේශ්වර පන්තිය කම්කරු ජීවිත පිළිබඳව දක්වන සාපරාධී නොතැකීමයි. … Read more

Class struggles

බහුදින ධීවරයන්ගේ වෘත්තීය සමිතියක්: ධීවරයන්ගේ රැකියා, ජීවන තත්වයන් රැක ගන්නේ කෙසේ ද?

වෘත්තීය සමිතිවලට තව දුරටත් කේවල් කිරීම මඟින් සැබෑ ජයග්‍රහනයක් ලැබිය නො හැකි ය. .. සියලු කම්කරුවන්ට, පීඩිත ගොවීන්ට ධීවර කම්කරුවන් හා පීඩිත ධීවරයින්ට අවශ්‍ය වන්නේ තම ඉල්ලීම ජය ගන්නා තෙක් සීමා බිඳ දමමින් ඉදිරියට යා හැකි සටන් සංවිධානයකි. නිදහස් සටන්කාමී හා කම්කරු පන්තික ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත පදනම් වන ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම මග නො හැරීය හැකි අවශ්‍යතාවක් බව මේ අනුව වටහාගත හැකි ය. ඒවා හරහා, කම්කරුවන් අතර සිදු වන නිදහස් සාකච්ඡා මගින් තම ඉල්ලීම් නීර්නය කිරීමත්, ඒවා ජය ගන්නා ක්‍රියා මාර්ගය සකස් කර ගැනීමත් කල හැකි ය.

මහා සමාගම්වල හා ධනපති ආන්ඩුවේ අධිෂ්ඨාන බිද ජය ගැනීමට නම්, මෙම කමිටු හරහා සමස්ත ධීවර ජනයා හා කාර්මික කම්කරු පන්තියේ එකමුතුව ගොඩ නැගිය යුතු ය. එය දේශපාලන අරගලයක් බවට පත් වීම නො වැලැක් විය හැකි ය. ධීවරයෝ ඊට සූදානම් විය යුත්තාහ. …Read more

Class struggles

ජාජබ ආන්ඩුව ප්‍රතිව්‍යුහකරනය ලංවිමයෙන් අරඹයි

කම්කරු අයිතීන් වලලා දැමෙන ප්‍රතිව්‍යුහකරන පනතට හා ඇමතිවරයාගේ ලිපියට ලංවිම සේවකයන්ගෙන් බලගතු විරෝධතාවක් පැන නැගී තිබේ. වෘත්තීය සමිති නායකත්වයේ මග හැරීම් මධ්‍යයේ අකුරට වැඩ කිරීමේ සටන් ක්‍රියා මාර්ගයකට අවතීර්න වීමෙන්, රැකියා සහ අයිතීන් රැක ගැනීමට සේවකයන් අතර පවතින අව්‍යාජ උවමනාව පෙන්නුම් කර ඇත. …

ප්‍රතිව්‍යුහගත කිරීම නමින් ක්‍රියාවට දැමෙන පුද්ගලීකරනය රැකියා කප්පාදුවට, හා සුබ සාධන උදුරා ගැනීමට එරෙහි අරගලයට කම්කරුවන් අවතීර්න විය යුක්තේ, අර්බුද ග්‍රස්ත ජාජබ ආන්ඩුවට හා ඒ සමග පෙලගැසී ගන්නා සමිති නායකත්වය ඇතුලු අවස්ථාවාදීන්ගේ පිලිවෙත්වලට එරෙහි දැනුවත් අරගලයක් කරා ය. …Read more

Class struggles

ගොවියෝ නැඟිටිති!

මේ සියලු ගොවි ගැටළු හමුවේ විසඳුම් නොමැති ජාජබ ආණ්ඩුව කම්කරු සටන්වලට එරෙහිව පතුරුවන ද්වේශයට සමාන ද්වේශයක් ගොවියාට එරෙහිව ද පතුරුවමින් සිටිති. ගොවියාට එරෙහිව පාරිභෝගිකයා උසි ගැන්වීමේ මේ ප්‍රයත්නය පසුපස ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත කම්කරු පීඩිත ජනයාට එරෙහිව සූදානම් කෙරෙන ප්‍රහාරය හමුවේ කම්කරුවන් හා පීඩිතයන් භේද භින්න කර දැමීමේ පවිටු අභිප්‍රායයි. …Read more

Class struggles, Science & Arts

ග්ලාස්ටන්බරි උළෙලේ ප්‍රකට වූ පලස්තීනය සම්බන්ධ විරෝධතා ආස්ථානය සහ කම්කරු පන්තියේ හා තරුණයන්ගේ රැඩිකලීකරණය

ග්ලාස්ටන්බරිහි දී ප්‍රදර්ශනය කෙරුණු උග්‍ර සම්මුති විරහිත අධිරාජ්‍ය විරෝධී හා ලේබර් පක්ෂ විරෝධී මනෝභාවයන්, ප්‍රතිසංස්කරණවාදී සූරූපතාවලින් ද, ආචාරශීලී ආයාචනයන්ගෙන් සහ කෝබින්ගේ අනෙක්-කම්මුලත්-හරවනු වර්ගයේ සාමවාදයෙන් ද සංසිඳුවීමට නො හැකි වනු ඇත. ….  

ගාසාවේ ජනඝාතනයට හා ඊශ්‍රායලයේ අධිරාජ්‍යවාදී ආධාරකරුවන්ට විරුද්ධත්වය දක්වන්නන් මුහුණ පාන ලොකු ම අවහිරය වන්නේ, යුද විරෝධී හා පලස්තීන ව්‍යාපාරවල වර්තමාන දේශපාලන නායකත්වය සහ, කම්කරු පන්තිය තුළ විකල්පයක් පිළිබඳව පැහැදිළි අවබෝධයක් නො පැවතීමේ කරුණයි. බහුජන දේශපාලන මනෝභාවය කෝබින්, බර්නි සැන්ඩර්ස් හා ලෝකය පුරා එවැනි දේශපාලන චරිතවලට වඩා අතිශයින් වමට ගිය එකකි. එහෙත් ඔවුන් ඉක්මවා යාමට නම් එය උචිත වැඩ පිළිවෙලක් – එනම්, ඩවුනිං වීදියේ හා ධවල මන්දිරයේ හා යුරෝපයේ සියලු අගනගරවල අධිරාජ්‍යවාදී අපරාධකරුවන් පරාජය කිරීමට ප්‍රමාණවත් ලෙස ශක්තිමත් එකම සමාජ බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුළු ගැන්වීමට සමත්; ජනඝාතනයට, යුද්ධයට එරෙහි විප්ලවවාදී සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී ව්‍යාපාරයක වැඩ පිළිවෙලක් – වර්ධනය කළ යුතුය. ….. Read more

Class struggles

ජවිපෙ දේශප්‍රෙමී ජනතා ව්‍යාපාරය විසින් විකොස ග්‍රේෂන් ගීකියනගේ සහෝදරයා ඝාතනය කරනු ලැබීමෙන් වසර තිස් හයකට පසු

ආන්ඩුව වාරු වී සිටින්නේ අන්තර් ජාතික මූල්‍ය අරමුදලට ය. ඒ අනුව ආන්ඩුවට ලබා දිය හැකි ව ඇත්තේ රාජ්‍ය වියදම් අඩු කිරීම සඳහා සේවක පුරප්පාඩු නොපිරවීම, විශ්‍රාම වයස් සංශෝධනය යනාදී කප්පාදූන් ය. …. බදු ඉහල දැමීම මගින් එක් අතකින් මහජනයා පීඩාවට පත් කරන අතර විදුලි ගාස්තු, ඖෂධ මිල, වැනි අත්‍යවශ්‍ය භාන්ඩ මිල ඉහල දැමීම මහජනයා මත පටවමින් සිටී.

මෙය කම්කරු පන්තිය මැඩ තබා ගැනීමේ අවශ්‍යතාව මතු කරයි. ආන්ඩුව දැන් වාරු වී සිටන්නේ විශේෂයෙන් ම, කලක් තමන්ගේ ම සාමාජිකත්වයට එරෙහිව භාවිතා කෙරුනු ත්‍රස්තවාදය වැලැක් වීමේ පනත වැනි මර්දන නීති මත ය. …1971 සහ 1988-1990 කාලයේ තරුන ඝාතනවලට ආන්ඩු යොදා ගත් මෙම මර්දන අනපනත් සහ ක්‍රියාමාර්ග තව තවත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව මේ ආන්ඩුව හමුවේ පැහැදිලිව මතු වී ඇත.

අද දින ග්‍රේෂන් සහෝදරයා සැමරීමේ එකම අරුත නම් මෙසේ පවතින ජවිපෙ – ජාතික ජන බලවේගය ආන්ඩුවේ අධිරාජ්‍ය ගැති වැඩ පිලිවෙලට හා වර්ගවාදී ධනපති ව්‍යවස්ථාවට හා මර්දනයට එරෙහිව කම්කරු පන්තිය සූදානම් කිරීම ය. …Read more

Class struggles

දොට්ට දැමූ NEXT කම්කරුවන්ගේ කතාව

කම්කරුවන්ට තමන් වෙනුවට ආදේශකයක් නැත. තමන්ට එරෙහි ලෝකයක් ඇත. එම ලෝකය පවත්වා ගෙන යන්නේ කම්කරුවන්ගේ ශ්‍රමය විසිනි. ලාභ ලැබීම සඳහා ප්‍රාග් ධනයට ඇති හිමිකම ඔවුන් බැඳ දමා ඇති දම්වැලයි. එය සිඳ දැමීමට සියලු කම්කරුවන් ඒකාබද්ධ වුවහොත් ඔවුන්ට දිනා ගැනීමට ලෝකයක් ඇත. හුදෙක් රැකියා රැක ගැනීමෙන් නො නැවතී ඔවුන්ට, දුප්පත්කම ද, සමාජ අසමානතාව ද, නාස්තිය ද, විනාශකාරී යුද්ධය ද අවසන් කල හැකි ය.  වර්තමාන තත්ත්වය ඉල්ලා සිටින්නේ, ධනේශ්වර අවශ්‍යතාවන්ට ගැට ගැසුනු වෘත්තීය සමිතිවලට හා කම්කරු පන්තියේ ඓතිහාසික විප්ලවවාදී ගුනය ප්‍රතික්ෂේප කරන ව්‍යාජ වාම සංවිධානවලට එරෙහිව පන්තියක් ලෙස කම්කරුවන්ගේ එකමුතුව යි. එම එකමුතුව උදෙසා කම්කරුවෝ තමන් මුහුන දී සිටින සෑබෑ තතු වටහා ගන්නා සාකච්ඡා වර්ධනය කරමින් තමන්ගේ ම ස්වාධීන සංවිධාන ගොඩ නැගිය යුතු ය. ඒවා රුසියානු කම්කරුවන්ට ඒකාධිපති සාර් පාලනය පෙරලා දැමීමට ශක්තිය ලබා දුන් සෝවියට් සභාවල ආදර්ශය ගත යුතු ය.

කම්කරුවන් විසින් ගොඩ නගනු ලැබිය යුතු මෙම සංවිධාන වෙනුවට කිසිදු සංවිධානයකට – විප්ලවවාදී පක්ෂයකට පවා – ආදේශ වනු නො හැකි ය. කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂයක වගකීම වන්නේ, කම්කරු පන්තියට මර උගුලක් බවට පත්ව ඇති වෘත්තීය සමිති ප්‍රතිසංස්කරනවාදී විඥානයට එරෙහිව සටන් වදිමින්, ඒ සඳහා මග පෙන්වීම සහ එහි ම කොටසක් ලෙස එම කමිටුවලට එක් වී වැඩ කිරීම ය. අනතුර වන්නේ මේ වන විටත් නිදහස් වෙලඳ කලාපයේ හෝ වෙනත් තැනක, කාර්මික කම්කරුවන්ගේ ස්වාධීන සටන් කමිටු බිහි වී නො තිබීම ය. …Read more 

Class struggles

Stop Exploitation: Unite the Working Class Across Borders

The Lay Off will add up to the unemployment problem, which the government claims to be dedicated to solving. … This is not an isolated issue. The real issue is profiting concerns. The government is more focused on helping increase profits than providing jobs. …. Ministers’ talks on compensation of up to 50 lakhs are nothing but pitfalls aiming at cutting jobs and facilitating the bourgeoisie. Workers need jobs, not compensation. … Read more 

Class struggles

කටුනායක Next කම්කරුවන් 1416ක් දොට්ට දමයි

2025 මාර්තු 27, “The Gardian“ පුවත්පත, Next සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සයිමන් වුල්ෆ්සන් සමග කල සාකච්ඡාවක් උපුටා දක්වයි. ඒ අනුව ජනවාරි මාසය දක්වා ගෙවුනු වසර තුල, බදු ගෙවීමට පෙර එහි ලාභය 10% කින් ඉහල ගොස් ඇත. එය පවුම් බිලියන එකකට (£bn 1) වැඩි ය. … නව මූල්‍ය වසරේ පලමු සති අට “අපගේ අපේක්ෂාවන්ට වඩා ඉදිරියෙන්” සිටීම මෙම අපේක්ෂාවට හේතු වී ඇතැයි වුල්ෆ්සන් පවසා ඇත.

අන්තර් ජාතික සමාගම් අතලොස්සක් විසින් ලෝක ආර්ථිකය වසා ගනු ලැබ සිටින අතර වෙලඳපොල අල්ලා ගෙන සිටීම පිනිස වඩවඩා ශ්‍රමය සූරා කෑමට ඒවාට සිදු වී ඇත. ඒ සඳහා ඉහලම තාක්ෂනය යොදා ගනී. මෙම වියදම් අධික ක්‍රියාව ඇමරිකා එක්සත් ජනපදය ඇතුලු සියලු ධනේශ්වර රටවල දහස් ගනනින් කම්කරුවන් දොට්ට දැමීම හා කර්මාන්ත ශාලා වැසීම සාමාන්‍ය තත්වයක් බවට පත් කර ඇත.

… මේ තත්වයට මුහුන දී ආර්ථික දේශපාලන නිදහස දිනා ගැනීමට කම්කරුවන්ට ඇති මූලික අවිය වන්නේ ස්වකීය පන්තියේ එකමුතු ශක්තියයි. එවන් එකමුතුවක් දේශ සීමාවෙන් ඔබ්බට ගෙන යා යුතු අතර, එසේ ගෙන යා හැකි ය. දැන් රැකියා අහිමි වූ කම්කරුවන්, සෙසු කම්කරුවන්ගේ සහාය ලබමින් වැඩපලක් ගානේ, ගමක් ගානේ ගොස් මෙම එකමුතුව සදහා සටන් වැදිය යුතු ය. ..Read more 

Scroll to Top