Politics & Economy

Politics & Economy

ලෝකය සිටින්නේ න්‍යෂ්ටික යුද්ධය අද්දර ද?

නැටෝව කාලිනින්ග්‍රෑඩ් අවහිර කලහොත් න්‍යෂ්ටික අවි භාවිත කිරීමට සූදානම් බවට රුසියාව කරන අනතුරු ඇඟවීමෙන් පෙන්නුම් කරන්නේ, යුක්‍රේනයේ ඇමරිකා-නැටෝ යුද්ධය න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ බලවතුන් අතර විවෘත ගැටුමක් දක්වා උත්සන්න වෙමින් පවතින බවයි. එය මහජනයාගෙන් සඟවා තබන අන්තරායකි. …Read more

Politics & Economy

ඉරානය මිහි මතින් අතු ගා දැමීමට ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ සමුලුව හමුවේ තර්ජනය කිරීම ධනපති ක්‍රමයේ මරලතෝනියේ ප්‍රකාශනයකි

ඉරාන “ඉස්ලාමීය ජනරජය සම්පූර්නයෙන් නැති භංග කර දමා, ගැලවීමට මොනම අවස්ථාවක්වත් නැති අපායට ඔවුන් තල්ලු කරන්නේ ද” යන්න ගැන තමන් තීරනයක් ගනිමින් සිටින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සැප්තැම්බර් 22 වන අගහරුවාදා එක්සත් ජාතීන්ගේ 81 වන මහා මන්ඩලය අමතා පැවසීය.

ට්‍රම්ප්ගේ කථාවේ අඩංගු අලුත් දේ වනුයේ, මිලියන 93 ක ජාතියක් මිහිමතින් ”අතු ගා දැමීමට”  ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ තර්ජනය කිරීමේ දී ඔහු විදහා දක්වන මෘග විවෘතභාවයයි. ප්‍රවේශමෙන් තෝරා බේරා ගත් මිනීමරු වචන වලින් සිය ඝාතන අභිප්‍රාය එලිපිට ප්‍රකාශයට පත් කිරීමේ මෙම ව්‍යායාමයට කිසියම් හෝ පූර්වාදර්ශයක් වී නම්, ඒ, මීට වර්ෂ 85 කට වැඩි කලෙකට ඉහත දී ඇඩොල්ෆ් හිට්ලර් සෝවියට් සංගමයට එරෙහිව ”වර්නිච්ටුන්ස්ක්‍රීග්” (Vernichtungskrieg – සමූලඝාතන) යුද්ධය සම්බන්ධයෙන් කල සාකච්ඡාව පමනි.

එහෙත් මෙම තර්ජනය හමුවේ විරෝධය පා සභා ගැබෙන් නැඟිට ගියේ ඉරානයේ සහ කියුබාවේ නියෝජිතයන් පමනෙකි. යුරෝපීය නියෝජිතයන් නිහඬව වාඩි වී සිටීමෙන් හා සමුලුවේ මුලසුන දැරූ බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා ඇමරිකානු ජනාධිපතිට ස්තුතිය පල කිරීමෙන් සනාථ වන්නේ, සමස්ත ජනගහනයන් එහැම පිටින් මිහිතලයෙන් අතු ගා දැමීම යන මාතෘකාව දැන් ලෝක ධනපතියන්ට සාමාන්‍ය කාරනයක් බවට පත්ව ඇති බවයි. 2026 දී එක්සත් ජාතීන්ගේ සංගමයේ මහ සමුලුව එපරිද්දෙන්, යුද්ධය ක්‍රියාකාරීව සැලසුම් කරන මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත. ….  Read more

Politics & Economy

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පාපොච්චාරණය: ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අපරාධ ‘ඇමරිකානුවන්’ට බැර කිරීම

පසුගිය සැප්තැම්බර් 11 වෙනිදා ඇමරිකාවේ 9/11 ත්‍රස්ත ප්‍රහාරයට වසර 25 ක් පිරීම නිමිත්තෙන්, ”වැරදි සිදු වී ඇතැ”යි යන හෙඩිම යටතේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සිය කතුවැකිය පළ කර තිබිණි. මෙය ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අපරාධ පිළිබඳ හෙළිදරව්වකැයි ඔබ සිතන්නේ නම් සැබෑ වැරදීම එයයි. එය දැනට යටපත් කළ නොහැකි පරිද්දෙන් තහවුරු වී ඇති සත්‍ය කරුණු පිළිගනිමින් ඒවා සාමාන්‍යයීකරණය කිරීමේත්, අපරාධ සහාය පිළිබඳ තම දායකත්වය ද ඇතුළුව සැබෑ වරදකරුවන්ගේ කාර්යභාරය සඟවා රාජ්‍යයේ සාපරාධී ක්‍රියාවන්හි වගකීම ඇමරිකානු ජනයා මත පැවරීමේත් දුෂ්ඨ උත්සාහයකි. ..

ටයිම්ස් පුවත්පත, ඇමරිකාව තමන් කල “වැරදි වලට” මුහුණ දිය යුතු බව කියයි. මේ තීරණ ගත්තේ, ඇමරිකානු සාමාන්‍ය ජනතාවද ? නැත. ..

ඉරාකය ආක්‍රමණය කිරීම, CIA රහසිගත සිරගෙවල් පවත්වාගෙන යාම, ඇමරිකානුවන්ගේ සන්නිවේදනය නිරීක්ෂණය කිරීම වැනි තීරණ ගත්තේ, පාලක පන්තිය, එහි දේශපාලන පක්ෂ දෙක සහ ඒවාට සහය දුන් මාධ්‍ය ආයතනයි. නිව්යෝක් ටයිම්ස් එම පද්ධතියේ කොටසකි. …Read more

Politics & Economy

සිරකරුවන්ට එරෙහි ප්‍රචන්ඩත්වය සාධාරනීකරනය කිරීම සඳහා සිරකරුවන් අපරාධකරුවන් ලෙස යක් වෙස් ගැන්වීමට දරන රජයේ ප්‍රයත්නය ප්‍රතික්ෂේප කල යුතුය

මීගමුව බන්ධනාගාර සිද්ධිය සම්බන්ධ පරීක්ෂණය දැනටමත් රැඳවියන් 62කට මිනී මැරුම් චෝදනා එල්ල කර ඇති අතර, … රැඳවියන් ඝාතනය කල නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂන නැත. රජයේ විමර්ශන ක්‍රියාත්මක වන්නේ යුක්තිය ඉටු කිරීමට නොව සිදුවීම් වලලා දැමීමට බව දැනටමත් හෙලි වී ඇත.

බන්ධනාගාර තුල වරප්‍රසාද මිලදී ගත හැකි මහා පරිමාන ජාවාරම්කරුවෝ මෙම ප්‍රහාරවලට ගොදුරු නො වෙති; ඒවාට ගොදුරු වන්නේ පරිශීලකයින් සහ සුළු වැරදිකරුවන් ඉලක්ක කර ගත් මත්ද්‍රව්‍ය යුද්ධයක සැඩ පහරට හසු වී ගසාගෙන යන ග්‍රාමීය සහ නාගරික දුප්පතුන් ය. …Read more

Politics & Economy, Science & Arts

දෙමල රැප් ගායකයාට එරෙහිව ත්‍රස්ත විරෝධී පනත ක්‍රියාවට දමයි: කලාවේ, කලාකරුවාගේ සහ භාෂනයේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කරනු!

මලවුන් වෙනුවෙන් ශෝක වීමට ඇති අයිතිය මානව හිමිකම්වල වඩාත්ම මූලික අංගයකි. ජාතික ජන බලවේගයේ ආන්ඩුව දෙමල අනුස්මරන උත්සව තහනම් කිරීම හා පීඩාවට පත් ජනයාගේ ශෝකය සහ විරෝධය ප්‍රකාශ කරන මෙවන් නිර්මාන මත ගායකයෙකු අත්අඩංගුවට ගැනීම මගින් සිදු කර ඇත්තේ, වඩාත් මූලික මානව ගරුත්වයේ ක්ෂේත්‍රයට එරෙහි ම්ලේච්ඡ ක්‍රියාවකි. උතුරු නැගෙනහිර දහස් ගනනක් ජනයා අනුස්මරන තහනම මෙන් ම රජයේ තර්ජන ද නො තකා අනුස්මරන උත්සවවලට සහභාගී වූහ. මන්ද යත්, මියගිය අය වෙනුවෙන් ශෝක වීමේ අවශ්‍යතාවය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට ඇති බියට වඩා ශක්තිමත් බැවිනි. …

සුනුවිසුනු වූ ජීවිත, ෂෙල් වෙඩි ප්‍රහාර යටතේ හැදී වැඩුනු දරුවන්, දවා පිලිස්සූ නිවාස, සමූහ මිනී වලවල් යන මේ සංසිද්ධීන්ගෙන් මතුවන කලාවට, කිසිදු රජයේ නියෝගයකට අවලංගු කල නො හැකි සාමාජයීය බරක් සහ මානව නීත්‍යානුකූලභාවයක් ඇත. එවැනි කලාවක් යටපත් කිරීම යනු එය සංකේතවත් කරන දුක් වේදනා මහජන මතකයේ පැවතීමට සුදුසු නොවන බව ප්‍රකාශ කිරීමයි. එය අතීතයේ අපරාධ අමතක කරවීමේ අවශ්‍යතාවයෙන් පෙලෙන ප්‍රජාතන්ත්‍ර විරෝධීන්ගේ ස්ථාවරයයි. …Read more

Class struggles, Politics & Economy

මැද පෙරදිග යුද ගින්නෙන් ඇවිලෙන ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය, මර්දනය සහ පන්ති අරගලය

තවමත් 22.4% සීමාවේ පවතින දරිද්‍රතාව යුද්ධය ඇදී ගියහොත් තවත් උග්‍ර වනු ඇත. මෙලෙසින් සිදු වන්නේ පවතින අර්බුදය උග්‍ර වීම ය. කිසිදු ධනපති ආන්ඩුවකට මෙම ව්‍යසනයෙන් මහජනයාට ආරක්ෂාව සම්පාදනය කල නො හැකි ය. ඒ වෙනුවට, ආන්ඩුව ධනපති ව්‍යවසායකයන් හා රාජ්‍යයයේ  පැවැත්ම උදෙසා දිවි පරදුවට තබනු ඇත. …

යුද්ධය යනු යල් පැන ගිය ධනවාදය පෙරලා දැමීමට ලැබුනු අවස්ථා අප විසින් මග හරිනු ලැබීමට ඉතිහාසය ලබා දුන් දඬුවමයි. එකකට පසු එකක් ලෙස පැන නගින යුද්ධදාමය ඕනෑම මොහොතක ලෝක මහා යුද්ධයක් බවට පරිවර්තනය වීමේ හැකියාව දරයි. …Read more

Politics & Economy

තාප න්‍යෂ්ඨික යුද්ධයක තර්ජනය හමුවේ කම්කරු පන්තිය ඉදිරියේ ඇති අභියෝගය  

ඇමරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය ආරම්භ කළ වත්මන් යුද්ධය හැම අතින් ම උච්ඡතම යුද අපරාධයකි. එසේ වන්නේ, එහි මුල් දිනයේ ම – පෙබ. 28 දා ම – පාසල් ළමුන් 170 කට අධික පිරිසක් ඝාතනය කරමින් ඇරඹුණු නිසා පමණක් නො වේ. එය, එක්සත් ජනපදයට තර්ජනයක් නො වූ රටකට එරෙහිව, එජ ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරමින් සිදු කළ නිසා ද නො වේ. යුද්ධයේ දී ප්‍රහාරකයන් ඇති කළ අපමණ සාපරාධී විනාශයන් නිසා ද නොවේ. එහි උච්ඡතම සාපරාධීත්වය නිර්ණය වන්නේ එය ඉහත කී සියලු අපරාධවල උල්පත හා ඒවායේ ඓක්‍යය එකී ආරම්භය තුළ ගැබ් කර ගෙන ඇති හෙයිනි. ..

කම්කරුවන් මෙම යුද්ධය වහා අවසන් කරන ලෙස ඉල්ලා සිටිය යුතුය. යුද්ධය වහා නවත්වන ලෙස ඉල්ලා සිටිමින් කම්හල්, වැඩබිම්, පාසල් හා නිවහන් ප්‍රදේශවල රැස්වීම්, පා ගමන් හා උද්ඝෝෂණ සංවිධානය කළ යුතුය. ගාසා ජනඝාතනය වහා නැවැත්වීමට ඉල්ලා සිටිය යුතුය. දරුවන් හා නිරායුධ මිනිසුන් ඝාතනය කරන, ඔවුන්ට ආහාර හා ජලය අවහිර කර මරා දමන සියලු යුද අපරාධකරුවන්ට දඬුවම් පැමිණවීමට සටන් වැදිය යුතුය. ඒ සඳහා කම්කරුවන්ගේ ස්වාධීන යුද විරෝධී සංවිධාන ගොඩ නඟා ගත යුතුය. මෙම අරගලයට සෙසු පීඩිතයන්ගේ සහාය ගොනු කර ගත යුතුය. …Read more

Politics & Economy, Uncategorized

ඉරානයට එරෙහි ඇමරිකානු අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධ වන්න!

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ යුද-උම්මත්තක කල්ලියේ නියෝගයෙන් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය දැවැන්ත දේශපාලන අපරාධයකි. එය ජාත්‍යන්තර නීතිය යටතේ නීති විරෝධී වන අතර එක්සත් ජනපද ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සෘජුවම උල්ලංඝනය කිරීමකි. එක්සත් ජනපදයට පහර දී නොමැති සහ එයට කිසිදු තර්ජනයක් එල්ල නොකරන රටකට එරෙහිව, ජන සංහාරක ඊශ්‍රායල තන්ත්‍රය සමඟ සහයෝගයෙන්, කොංග්‍රසයේ අවසරයක් පවා නොමැතිව, එය දියත් කර ඇත.

මෙම සාපරාධී ප්‍රහාරයේ පලමු පැය කිහිපය තුල, දකුනු ඉරානයේ මිනාබ් හි බාලිකා පාසලකට එල්ල කල ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් සිසුන් 24 දෙනෙක් මිය ගියහ. ඉදිරි දිනවලදී කී දහසක්, කී දස දහසක් සහ කී ලක්ෂයක් මිය යනු ඇත්ද?

මෙම යුද්ධය වහාම අවසන් කරන ලෙස ඉල්ලා ඔබේ කම්හල්වල, වැඩපොලවල, පාසල් සහ අසල්වැසි ප්‍රදේශවල රැස්වීම් කැඳවන්න.

ස්ථාවරයක් ගන්න. ඔබේ හඬ ලොවට ඇසෙන්නට සලස්වන්න. .. Read more

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: සහෝදරවරුන්ට යැවූ ලිපි – XIII

බහුතර කණ්ඩායමේ සාමාජිකයෝ, අපෝහක භෞතිකවාදයේ විෂයයට අදාළව ඔබ සිදු කළ සටන්කාමී මැදිහත්වීම කෙරේ ඉමහත් අභිරුචියෙන් හා උද්‍යෝගයෙන් යුතුව ප්‍රතිචාර දක්වා ඇත්තාහ. මක්නිසාදයත්, එකී මැදිහත්වීම ගැඹුරු දේශපාලන හා න්‍යායික අරගලයක් සමඟ බැඳී සිදු කර ඇති හෙයිනි. …. අපේ සහෝදරවරුන් බොහෝ දෙනෙකුට හුදෙක් ජයග්‍රහණය කිරීමට පමණක් නො ව ඉගෙනීමට අවශ්‍ය වී ඇත. ජලය උරා ගන්නා ස්පොන්ජි පරිද්දෙන් ඔවුහු මෙම අරගලයේ පාඩම් උකහා ගනිමින් සිටිති. …Read more

Class struggles, Politics & Economy

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ භූ කම්පනය යුරෝපය දෙදරුම් කවයි: ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමේ ඇමරිකානු උත්සුකය සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ “ගිනි කඳු පිපිරීම” නව සහ විශේෂයෙන් පුපුරණ සුළු අවධියකට පිවිස ඇත.ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ලෙස නැවත පත් කිරීමෙන් වසරකට පසු, එක්සත් ජනපදයේ ආක්‍රමණශීලී විදේශ සහ මිලිටරි ප්‍රතිපත්තිය ඔවුන්ගෙන් යැපෙන රටවලට සහ ප්‍රකාශිත විරුද්ධවාදීන්ට එරෙහිව පමණක් නොව, යුරෝපයේ තමන්ගේම සහචරයින්ට එරෙහිව ද වඩවඩාත් උත්සන්න කෙරෙමින් පවතී. ….Read more

Scroll to Top