නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය – 2
දෙවැනි ලෝක යුද්ධය – පළමුවැන්නට කිසිසේත් නො අඩු ආකාරයෙන් – කම්කරු ව්‍යාපාරයේ සියලු සංවිධානවලට හා ප්‍රවණතාවලට ව්‍යසනකාරී බලයකින් පහර දෙයි. අපේ ම සංවිධානය ද එහි ලා ව්‍යතිරේකයක් නොවේ. අන් සියල්ලක් මෙන් එය ද එහි පදනම් දක්වාම කම්පනය කෙරෙන අතර, අන් සියල්ලන්ට මෙන් ම එයට ද, සිය සැබෑ ස්වභාවය හෙළි කිරීමට සිදු වේ. සාමය පවතින සමයේ සැඟවී පැවැති දුබලතා, යුද්ධයේ සම්ප්‍රාප්තියත් සමඟ ශීඝ්‍රයෙන් එළිමහනට පැමිණේ. හතරවැනි ජාත්‍යන්තරයේ විධිමත් සාමාජිකයන් හෝ … එහි අනුග්‍රාහකයන් හෝ වේවා, අනල්ප පුද්ගලයන් හා සමස්ත කණ්ඩායම් එකම ආකාරයේ පරීක්ෂාවන්ට භාජනය කෙරේ. …. දෘෂ්ටිය විධික්‍රමය හා සම්ප්‍රදාය, අරගලයේ මාර්ගෝපදේශක උපදේශන ලෙස සිය මාංශය හා ලේ වලට උකහා ගත්තෝ අර්බුදයේ පීඩනය යටතේ ව්‍යාපාරයට වඩාත් දෘඩ ලෙස ඇලී ගැලී සිටිති. … Read more
