Politics & Economy

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 6-II

ඔහු බුද්ධිමය ස්ව-උත්කෘෂ්ටභාවයේ ව්‍යාධියෙන් පෙලෙතැයි මම සිතමි. කවරෙකුට නම් මෙය සුව කළ හැකි ද? ඉදින් ඔහු බෝල්ෂෙවික් කම්කරුවන්ගේ කණ්ඩායමක් සමඟ මුළුමණින් ම අනන්‍ය ව, ඔවුන්ගේ දෛනික ජීවිතයේ අරගලයෙහි ජීව ගුණයේ ආනුභාවය යටතට ගෙන ආ හැකි වී නම්, යමෙකුට මේ පිළිබඳ වඩාත් වැඩි අපේක්ෂාවක් තබන්නට හැකි වනු ඇත. එහෙත් අවහිරය ඇත්තේ එතැන ය. තමන් අපෙන් එකෙකු බවට පත්වීම ගැන හැඟීමක් ඔහුට සැබැවින් ම නැත. ඔහුට පක්ෂ කර්තව්‍යයන් යනු වෘත්තියක් නො ව අමතර නියුක්තියකි. .. ඔහුගේ සමාජමය පරිස්ථිතිය හාත්පසින් ම වෙනස් ය. සැබෑ බුද්ධිමතුන්ගේ මෙන් ම ව්‍යාජ බුද්ධිමතුන්ගේ ද ශාස්ත්‍රාලයීය ලෝකය දැන් පොදුවේ බරපතළ අසාරවාදයේ ද, සියල්ල පිළිබඳ නව සංශයවාදයක ද බරින් මැඬි ඇති බව ඔබ ඉතා හොඳින් දන්නෙහි ය. …
“බුද්ධිමය ස්ව-උත්කෘෂ්ටභාවයේ ව්‍යාධිය” – එය සුලුධනේශ්වරයේ ව්‍යාධියයි. … Read more

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 6-I

බර්න්හැම්ට කිසි දිනෙක පක්ෂයේ නිර්ධන පාන්තික පාර්ශ්වයේ කවර හෝ පෞද්ගලික එදිරිවාදුකමකට මුහුණ දීමට සිදු වී නැත. සත්‍යය එහි ප්‍රතිවිරුද්ධයයි. වාර්තාවලින් ප්‍රමාණවත් ව පෙන්වා දෙනු ලැබෙන පරිදි  සෑමවිටෙක ම ඔහු සමඟ ගනුදෙනු කෙරුනේ ඉතා මෘදු ආකාරයකිනි. …. ඔහුගේ ගුණාංග හා හැකියාවන් සඳහා ඉහළ ම මට්ටමේ අගය කිරීමක් ලැබුණු අතර, … ඔහු වඩාත් පරිපූර්ණ ආකාරයෙන් පක්ෂ ජීවිතය තුලට ඇද ගැනීමට සුවිශේෂී ප්‍රයත්නයන් දැරිණ. ඒ අතරතුර ම, වඩාත් අත්දැකීම් සහිත හා දැනුම් තේරුම් සහිත සහෝදරවරු ඔහු අස්ථිර ස්ථානයක සිටින බවත්, ඉක්මණින් හෝ කල් පසු වී හෝ ඔහුට මුළු දුර ගෙවා අප සමඟ එක්වීමට හෝ ධනේශ්වර ලෝකය කරා පෙරලා යාමට හිත හදා ගැනීමට සිදුවනු ඇති බවත් දැන සිටියෝය. අවසානයේ පැමිණි නො වැලැක්විය හැකි තීරණය ඔහුගේ ම නිර්මාණයකි. …. Read more

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය – 5

ලෙනින්, ට්‍රොට්ස්කි, ප්ලෙකනොව්, ලක්සම්බර්ග් – මේ කිසිවෙක් හෝ සිය පන්ති සම්භවය තුල නිර්ධන පන්තිකයෝ නො වූහ. නිර්ධන පන්තිය කරා පැමිණි ඔවුහු ශ්‍රේෂ්ඨතම නිර්ධන පන්ති නායකයන් බවට පත් වූහ. කෙසේවෙතත් ඒ සඳහා ඔවුන්ට, තමාගේ ම පන්තිය හැර පියා “විප්ලවවාදී පන්තිය”වෙත, “අනාගතය සිය’තෙහි දරනා පන්තිය” වෙත එළැඹීමට සිදු විය. පන්ති පක්ෂපාතිත්වයේ මෙම පරිවර්තනය ඔවුහු කොන්දේසි විරහිතව ද, අනවශේෂ ලෙස ද සිදු කළෝය. තමා හදාවඩා ගැනෙන පන්තියේ අව්‍යාජ නියෝජිතයන් බවට පත්වීමට ද, එය සමඟ පූර්ණ ලෙස බද්ධවීමට ද, තමන් සහ නිර්ධන පන්තියෙන් සම්භව වූ විප්ලවවාදීන් අතර ගැටුමේ සේයාවක් හෝ නො තබා ඉවත් කර දැමීමට ද ඔවුන්ට හැකි වූයේ එපරිද්දෙනි. ඔවුන් සම්බන්ධ කාරනාවේ දී කිසිදු “ගැටළුවක්” නො වීය; එසේ වීමේ හැකියාවක් ද නොවිණි.
පරපුරෙන් පරපුරට පොදුවේ සමස්ත ලෝකයේ ම කම්කරු ව්‍යාපාරය තුල සිදු වී ඇති සේ ම, අපේ පක්ෂයේ නිර්ධන පාන්තික විප්ලවවාදීන් හා සුළු ධනපති බුද්ධිමතුන් අතර ගැටුම ද පැන නඟින්නේ කිසිසේත් ම, සුළු ධනපති බුද්ධිමතුන්ට එරෙහිව කම්කරුවන් තුල පවත්නා අනුවණ අගතීන් නිසා නොවේ. එය පැන නඟින්නේ කොමියුනිස්ට් ප්‍රකාශනයේ සඳහන් වන පරිදි ඔවුන් “පිටස්තර පන්තිවල පෙකණි වැල කපා මිදී ගැනීම”ට හෝ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් “විප්ලවවාදී පන්තිය සමඟ බද්ධවීම”ට ක්‍රියා නො කිරීම නිසා ය. …. Read more  

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය – 4

නිර්ධන පන්ති විප්ලවවාදියෙකුට පක්ෂය යනු ඔහුගේ ජීවන අභිමතාර්ථයේ ඒකාග්‍ර ප්‍රකාශනය වන අතර, ජීවිතයේ දී හා මරණයේ දී ඔහු ඒ සමඟ බැඳී සිටී. ඔහු පක්ෂානුරාගය දේශනා කරන අතර ම එය ක්‍රියාවට ද නංවයි. මක්නිසාදයත්, පක්ෂය නොමැතිව ඔහුගේ සමාජවාදී පරමාදර්ශය සාක්ෂාත් කළ නො හැකි බව ඔහු දන්නා නිසා ය. ඔහුගේ ඇසින්, පක්ෂය කෙරේ දක්වන ද්‍රෝහීත්වය හෝ වගකීම් විරහිතභාවය යනු අපරාධවලිනුත් දරුණුතම අපරාධයයි. නිර්ධන පන්ති විප්ලවවාදියා සිය පක්ෂය පිළිබඳ ව අභිමානවත් ය. ඔහු සියලු අවස්ථාවන් හි දී ලෝකය ඉදිරියේ එය ආරක්ෂා කරයි. විනයකින් තොරව පක්ෂය ප්‍රහාරක සංවිධානයක් ලෙස පැවැතිය නොහැකි හෙයින් නිර්ධන පන්ති විප්ලවවාදියා යනු විනයගත මිනිසෙකි. තමන් සුලුතරය වී ඇති විට ඔහු, මතභේදවල සත්‍ය තතු පරීක්ෂා කිරීමට නව සිදුවීම් සිදුවන තෙක් හෝ, ඒවා සාකච්ඡා කිරීමට නව අවස්ථා එළඹෙන තෙක් පක්ෂපාත පාක්ෂිකයෙකු ලෙස පක්ෂයේ තීරණයට අවනත වී එහි තීන්දු ක්‍රියාත්මක කරයි. …Read more  

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය – 3

අප ජීවත් වන්නේ බැරෑරුම් කාල පරිච්ඡේදයක ය. අපි, අපේ ව්‍යාපාරය ඉදිරියේ ඇති බැරෑරුම් සිදුවීම් හා බලගතු පරීක්ෂණවල අද්දර සිටින්නෙමු. කටකතා, ඕපාදූප හා සාක්ෂි රහිත චෝදනාවලින් අවමංගත විය හැකි හා දෙපා රූටා ඇද වැටිය හැකි මිනිසුන්, එළඹෙන අසීරු දිනවල දී ඉතා විශ්වාසදායක සෙබළුන් වනු නැත. එවැනි කාලයන්හි තමන් දරා සිටිය හැක්කේ තම පිළිවෙත් හොඳින් සකස් කර ගත්, සහ ඒවා දෘඩතර ලෙස ග්‍රහණය කර ගත් අයට පමණෙකි. …Read more

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය – 2

දෙවැනි ලෝක යුද්ධය – පළමුවැන්නට කිසිසේත් නො අඩු ආකාරයෙන් – කම්කරු ව්‍යාපාරයේ සියලු සංවිධානවලට හා ප්‍රවණතාවලට ව්‍යසනකාරී බලයකින් පහර දෙයි. අපේ ම සංවිධානය ද  එහි ලා ව්‍යතිරේකයක් නොවේ. අන් සියල්ලක් මෙන් එය ද එහි පදනම් දක්වාම කම්පනය කෙරෙන අතර, අන් සියල්ලන්ට මෙන් ම එයට ද, සිය සැබෑ ස්වභාවය හෙළි කිරීමට සිදු වේ. සාමය පවතින සමයේ සැඟවී පැවැති දුබලතා, යුද්ධයේ සම්ප්‍රාප්තියත් සමඟ ශීඝ්‍රයෙන් එළිමහනට පැමිණේ. හතරවැනි ජාත්‍යන්තරයේ විධිමත් සාමාජිකයන් හෝ … එහි අනුග්‍රාහකයන් හෝ වේවා, අනල්ප පුද්ගලයන් හා සමස්ත කණ්ඩායම් එකම ආකාරයේ පරීක්ෂාවන්ට භාජනය කෙරේ. …. දෘෂ්ටිය විධික්‍රමය හා සම්ප්‍රදාය, අරගලයේ මාර්ගෝපදේශක උපදේශන ලෙස සිය මාංශය හා ලේ වලට උකහා ගත්තෝ අර්බුදයේ පීඩනය යටතේ ව්‍යාපාරයට වඩාත් දෘඩ ලෙස ඇලී ගැලී සිටිති. … Read more

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය – 1

පක්ෂයක් තුල ඇති වන බැරෑරුම් කණ්ඩායම් අරගල ද ඇතුළු ව පොදුවේ දේශපාලන අරගල, හුදු රික්තයක ඇති වන ඒවා නොවේ. එම අරගල පවත්වා ගෙන යනු ලබන්නේ සමාජ බලවේගවල පීඩනය යටතේ වන අතර, ඒ හෝ මේ ප්‍රමාණයට ඒවායින් පන්ති අරගලය පිළිබිඹු වේ. අපේ පක්ෂය ඇතුලත වර්තමානයේ  පවත්නා සාකච්ඡාවේ වර්ධනය තුල, මෙම නියාමය අතිශය සිත් කාවදින සුළු ආකාරයෙන් විදහා දැක්වේ. … Read more

Politics & Economy

ජාජබ ආණ්ඩුවේ ජනප්‍රිය ප්‍රකාශවල මුවාවෙන් එබිකම් කරන ආඥාදායකත්වයට ඉඩ නොදෙනු!

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ මෙතෙක් වාර්තා නො වූ ජයග්‍රහනයක් ජාතික ජන බලවේගය විසින් දිනාගනු ලැබීම වර්ධනය වන පන්ති අරගලයේ විකෘති ප්‍රකාශනයකි. ජාජබය මන්ත්‍රීධුර 159 ක් අත්පත් කර ගෙන, තුනෙන් දෙක ඉක්ම වූ පාර්ලිමේන්තු බලයක් තහවුරු කර ගෙන ඇත. ….. පෙර දැකීම් නිශ්ප්‍රභ කල මෙම විපර්යාසයේ අර්ථය පැහැදිලිව වටහා ගැනීම මග හැරිය නො හැකි අවශ්‍යතාවයකි. ……Read more

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය – හැඳින්වීම

එය මානව ඉතිහාසයේ අතිශය කැළඹිලිකාරී හා වියවුල්කාරී කාල පරිච්ඡේදයක් විය. ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් හා ඔහුගේ නාසි පක්ෂය බලයට පත් වූ අතර, සමස්ත ලෝකය පෙර නො ඇසූ විරූ කෲරතම යුද්ධයක් කරා කඩා වැටෙමින් තිබිණ. ලියොන් ට්‍රොට්ස්කිගේ මූලිකත්වයෙන් යුතුව වාම විපාර්ශ්වය කම්කරු පන්තියේ විප්ලවවාදී ලෝක පක්ෂය ලෙස හතරවැනි ජාත්‍යන්තරය ගොඩ නැඟීමේ ඓතිහාසික තීරණයට එළඹුණේ මෙම තතු යටතේ ය.

මෙතැන් පටන් මෙම වෙබ් අඩවියේ කොටස් වශයෙන් පළ කෙරෙන, ජේම්ස් පී. කැනන් විසින් රචිත ‘නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය’ නම් කෘතිය, හතරවැනි ජාත්‍යන්තරයට එහි මුල් කාලයේ ම මුහුණ දීමට සිදු වූ තීරණාත්මක අභ්‍යන්තර අරගලයක් පිළිබඳව ද, එහි ලා අභියෝගයට ලක් ව තුබූ දේශපාලන ප්‍රයුක්තීන් සම්බන්ධව ද පුළුල් සාකච්ඡාවක් ගෙන එයි….Read more

Politics & Economy

ආරුගම්බේ, ත්‍රස්ත ප්‍රහාරයක් ගැන ඇමරිකානු අනතුරු ඇඟවීම: සිංහල, දෙමල, මුස්ලිම් ජනයාගේ එකමුතුවට සටන් වදිනු!

කොලඹ, ඇමරිකානු තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ සංචාරක ප්‍රදේශයක් වන නැගෙනහිර පලාතේ අරුගම්බේ එල්ල කර ගත් ප්‍රහාරයක් සිදුවීමේ හැකියාවක් ගැන විශ්වාස කටයුතු ඔත්තුවක් ලැබී ඇති බව 23 උදෑසන නිවේදනය කිරීම, ලොව පුරා අවධානය දිනා ගත් කරුනක් විය. ශ්‍රී ලංකාවේ සංචාරය කරන හෝ පදිංචි ව සිටින ඊශ්‍රායල ජාතිකයන් එල්ල කරගත් ප්‍රහාරයක සැලසුමක් ගැන පුලුල් සාකච්ඡාවක් සිදුවෙමින් පවතී. එය ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන්ගේ සහායෙන් ඊශ්‍රායල ෆැසිස්ට් තන්ත්‍රය දැන් මැද පෙරදිග සිදු කරන සමූලඝාතනයට පක්ෂපාතීත්වය ඉල්ලා සිටින උද්ඝෝෂණයකි. … Read more

Scroll to Top