Politics & Economy

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 11-III

පක්ෂයේ නිර්ධන පන්ති කොටස තුළ සිය ගරුත්වයට යටි වළ කපා ඇති ආකාරය පිළිබඳව සුළු ධනපති කණ්ඩායමේ නායකයෝ නිරතුරුව මැසිවිලි නඟති. එහෙත් ඔටෝ අර්බුදයේ දී හා මිනියාපොලිස් ලෝකල් මැතිවරණවල දී එවැනි භාවිතයන් හා විධික්‍රම උපයෝගී කර ගැනීම මඟින් ඔවුන් තමන්ට ම එල්ල කරගත් මුෂ්ටි ප්‍රහාර ඉක්මවා යන ප්‍රහාරයන් ඔවුන්ගේ බලපෑමට හා අධිකාරියට එරෙහිව එල්ල කිරීමට, ඔවුන්ගේ වඩාත් ම අනර්ථකාමී සතුරාටවත් නො හැකි වනු ඇත. Read more 

Politics & Economy

ඉන්දීය ජම්මු කාශ්මීරයේ පැහැල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු

1947 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් හා ඉන්දීය කොන්ග්‍රසයේ සහයෝගයෙන් ජීවමාන ඉන්දියාව කපා වෙන් කිරීමට ගත් තීන්දුව අදටත් කෝටි සංඛ්‍යාත ජනතාවගේ ජීවිත තලා දමමින් ක්‍රියාත්මක වේ. ජම්මු කාශ්මීර අර්බුදය 1947 ඉන්දියාව බෙදීමේ ඍජු ප්‍රතිඵලයකි. … අද දින දෙරටෙහි ජනතාව මුහුණ දී සිටින්නේ මෙම ව්‍යසනයටයි.

එහෙත් මෙවර ඉන්දු-පාකිස්ථාන අර්බුදය පැන නැඟී ඇත්තේ, ඇමරිකානු අධිරාජ්‍යවාදය සිය ලෝක ආධිපත්‍යය සඳහා ලෝක ගෝලයේ විවිධ මර්මස්ථානවල දියත් කර ඇති යුද්ධ මාලාවක් මධ්‍යයේ වීම එක් විශේෂයකි. දෙවැනි විශේෂත්වය නම්, දැන් මේ දෙරටම න්‍යෂ්ටික අවි අත්හදා බලා තිබීමයි. එබැවින්, .. ඉහත ගැටුම්වලට වඩා, මෙවර ගැටුම තුල, කලාපීය සීමා ඉක්මවා යන අතිශය අන්තරායකර විභවයක් ගැබ්ව පවතී. Read more 

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 11-II

අපේ පක්‍ෂ “තන්ත්‍රය” නිලධරයක් නො වන අතර, එය කණ්ඩායමක් හෝ කල්ලියක් ද නො වේ. එය වූ කලී, කර්කශ ආර්ථික දණ්ඩනයන්ගේ වියදම දරමින්, තමතමන්ගේ කුශලතාවයන්, ධාරිතාවයන්, අත්දැකීම් හා පක්ෂයට සේවය කිරීමට ඇති සූදානමට අනුව විවිධ කර්තව්‍යයන් ඉටු කරන තෝරා ගත් පුද්ගල කණ්ඩායමකි. ඔවුන් තෝරා ගැනීමෙහි ලා “අනුග්‍රහයක” අංශුමාත්‍ර හෝ බලපෑමක් නො මැත; එවැන්නක් පිළිබඳ හුදු යෝජනාව ම වුව; විශේෂයෙන් ම, සාමාන්‍යයෙන් සිදුවන පරිදි, කිසිවිටෙකත් රාත්‍රී භෝජනයක් සඳහා වෙන් කරගත් කාලය විප්ලවය වෙනුවෙන් අහිමි කර නො ගන්නා, ඉතා සුවපහසු ලෙස ස්ථානගත වී සිටින හුදු රසිකයන්ගෙන් නැඟෙන විට, එය දරා ගත නොහැකි අපහාසයක් වෙයි. එමෙන්ම, පක්‍ෂ නිලධාරීන් තෝරා ගැනීමේ දී කවර හෝ කාණ්ඩමික වෙනස්කම් කිරීමක් හෝ අනුග්‍රහ දැක්වීමක් තිබූ බවට චෝදනාවක් යුක්තියුක්ත ලෙස ඉදිරිපත් කළ නො හැක. මධ්‍යස්ථානයේ, විශේෂයෙන් ම කර්තෘ මණ්ඩල හා කාර්යාලයීය තනතුරු තුළ විපක්‍ෂය නියෝජනය වී ඇත, ඉතා හොඳින් නියෝජනය වී ඇත. …Read more 

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 11-I

වෘත්තීයමය ක්‍රියාකරුවන්ට කුලී වැඩෙහි යෙදෙමින්, ඊට ද අමතර ව පක්‍ෂයට සතියකට වරක් ගොඩ වී යන “ලොක්කන්”ගේ පරිභවයන් ඉවසා දරා සිටීමට සිදුව ඇති අතරතුර, තමන්ට වැඩිපුර ඇති කාලය ව්‍යාපාරයට යොදවන වීරයන්ගේ නායකත්වයට අපේ ව්‍යාපාරය නතු කිරීමට අපි ඉඩ නො දෙන්නෙමු. පක්ෂය එහි වෘත්තීයමය කාර්ය මණ්ඩලයට ගෞරව බහුමාන දක්වයි. වෘත්තීයමය විප්ලවවාදීන්ගේ රැකියාව සියලු රැකියා අතර වඩාත් ම ගරු කටයුතු එක වශයෙන් එය සළකයි. සෑම තරුණ පක්ෂ සාමාජිකයෙකුගේ ම ඉහළතම ප්‍රාර්ථනාව හා අභිලාෂය විය යුත්තේ සිය ජීවිතය තුළ එවන් වෘත්තිකයෙකු වීමට සුදුස්සෙකු වීමයි. …Read more 

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 10

ඔවුන් වරදක් ලෙස දකින එවන් වූ “ගතානුගතිකවාදය” කල්‍යාණ ගුණයක් ලෙස අපි සලකන්නෙමු. දැවැන්තතම ඓතිහාසික සිදුවීම්වල පරීක්ෂාවෙන් සත්‍යාපනය කෙරී ඇති සහ, අප දකින අයුරින් නිර්ධන පන්තියේ විමුක්තිය සඳහා වන එකම වැඩ පිළිවෙල සතු මෙකී මූලධර්මවලට තදින් ම “ඇලී ගැලී” සිටීම අපේ එල්ලයයි. … ඉදින් මෙය ගතානුගතිකවාදය නම්, එයින් අපි උපරිම ප්‍රතිලාභ ලබා ගන්නෙමු. …Read more 

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 9 – 2

නායකයෙකුගේ සැබෑ චරිත ස්වභාවය වඩාත් පැහැදිළි ලෙස පෙන්නුම් කෙරෙන්නේ නිරවද්‍යව ම අර්බුද කාල පරිච්ඡේදයන් තුළ දී ය. එහෙත් දීර්ඝ කාලයක් පුරා දිනෙන් දින දේවල් වර්ධනය වන ආකාරය සමීපව දැක ගැනීමට හැකි ස්ථානවල සිටින්නන් විසින් නිරතුරුවම එම පුද්ගලයාගේ මෙකී අභ්‍යන්තර ගුණාංගවල ඉඟි කල්තබා දැක ගනු ලැබේ. වර්තමාන අරගලයට සම්බන්ධ දෙපාර්ශ්වයේ නියෝජිතයන් සම්බන්ධයෙන් පවතින තතු එ’පරිදි වන අතර, ඉන් අප මවිතයට පත් වී නැත. කඳවුරු දෙකේ නායකයන් සිය වර්තමාන ආස්ථානයන් කරා එළැඹි ඇත්තේ අහම්බයෙන් නො වේ.  එමෙන් ම, පක්ෂ සාමාජිකත්වය තුළ සිටින ප්‍රතිවිරෝධී ප්‍රවණතා දෙක – නිර්ධන පන්ති හා සුළු ධනපති ප්‍රවණතා – පක්ෂ නායකත්වයේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් වටා ඒකරාශී වූයේ, මෙය එක් එක් අවස්ථාවෙහි දී තමන්ට අවශ්‍ය පෙළ ගැස්ම වූ බවට ගැඹුරු සහජ හැඟීමකින් තොරව ය. නායකත්වය තුළ ධ්‍රැවාන්තගතවීම එක් සැනින් ම පාහේ පක්ෂ සාමාජිකත්වය තුළ ද ඊට සමාකාර වූ ධ්‍රැවාන්තගතවීමක් නිර්මාණය කළේය. දැන් බෙදී සිටි නායකත්වයේ එක් එක් කණ්ඩායම, තමන් වඩාත් ම තථ්‍ය ලෙස නිරූපණය කළ අභ්‍යන්තර ප්‍රවණතා සහිත කොටස් තමන්ට ආකර්ෂණය කර ගත්හ. …Read more  

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 9 – 1

බෝල්ෂෙවික්වාදය නූතන යුගයේ එකම අවංක දේශපාලන ව්‍යාපාරය වී ඇත්තේ හුදෙක් බෝල්ෂෙවික්වරුන්ගේ ඉහළතර සදාචාරාත්මක ගුණය නිසා පමණක් නොව – ඔවුන්ගේ සදාචාරාත්මක උසස්බව අවිවාදිත ය – එම ව්‍යාපාරය පමණක් ම අපේ කාලයේ අව්‍යාජ මාක්ස්වාදීන් වූ නිසා ය; කම්කරුවන් සිය විමුක්තිය සඳහා ගෙන යන අරගලය තුළ ඔවුන්ගේ ආසන්නතම හා ඓතිහාසික උත්සුකයන් නිවැරැදි ලෙස අර්ථකථනය කර ආරක්ෂා කළේ එම ව්‍යාපාරය පමණක් නිසා ය. බෝල්ෂෙවික්වරුන්ගේ න්‍යායයන් හා දේශපාලනයත්, කම්කරුවන්ගේ හා ඔවුන්ගේ පෙරමුණු බලඇණි පක්ෂයේ උත්සුකයනුත් අතර කිසිදු පරස්පර විරෝධයක් නොමැත. ඔවුන්ට සත්‍යය – සම්පූර්ණ සත්‍යය – පැවසිය හැකි ය. සියලු වර්ගවල සුළු ධනේශ්වර දේශපාලනඥයන්ගේ වෙළඳ භාණ්ඩ වන අසත්‍යය හා මුසාකරණයන්, අර්ධ-සත්‍යයන්, විකෘතිකරණයන් හා ප්‍රයෝගයන්හි අවශ්‍යතාවයක් ඔවුන්ට නැත. … Read more 

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 8 – V

කල්ලි දේශපාලනය හා සංයෝජනතාවාදය, සහ මෙකී නින්දිත භාවිතයන් නියෝජනය හා සංකේතවත් කරන ඇබර්න් කණ්ඩායම සත්තකින් ම, 1936 දී ෂැට්මන් ලියූ පරිදි, “පක්ෂයේ රුධිර ප්‍රවාහය තුළ දුෂ්ට ප්‍රවාහයක් නියෝජනය කරයි.” ඔවුන්ගේ දායකත්වය හිමි වන්නේ පක්ෂයේ අධ්‍යාපනයට නො ව එහි දූෂණයට ය. තමන්ගේ ශ්‍රේෂ්ඨ කර්තව්‍යයන් සාක්ෂාත් කිරීම සඳහා ස්වකීය ජීවිතය පවත්වා ගැනීමටත්, ඉදිරියට යාමටත් පක්ෂය මෙම ව්‍යාධියෙන් තමන් සුවපත් කර ගත යුතුය. …. සියලු කල්ලි මෙන් ම ඇබර්න් කල්ලිය ද වැඩී වර්ධනය වන්නේ අඳුරේ දී ය. එය දිවා එළියට ඇද දමා, එය කුමක් ද යන්න සහ එය සෑමවිටම කුමක් වී ද යන්න පක්ෂයට පෙන්වා දීම අත්‍යවශ්‍ය විය. වර්තමාන තත්ත්වය තුළ භේදයක් සඳහා, ඇබර්න්ගේ ද්‍රෝහී නඩයේ ඉහළ ම මට්ටමේ දායකත්වය ලැබ සිදු කෙරෙන තර්ජනය, පක්ෂයට අවසාන අනතුරු හැඟවීමක් ගෙන එයි: කල්ලි දේශපාලනය හා සංයෝජනතාවාදය තව දුරටත් ඉවසා සිටිය හැකි නො වේ! පක්ෂයේ ජීවිතය පැවතීමට නම් කල්ලි දේශපාලනය හා සංයෝජනතාවාදය විනාශ කළ යුතුය. ඉදිරියෙහි එළඹෙන පක්ෂ සම්මේලනය හමුවේ මෙම කල් දැමිය නො හැකි කර්තව්‍යය මුහුණට මුහුණ ලා අභිමුඛ වී ඇත. …Read more

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 8 – IV

සිය පෞද්ගලික බලපෑම ඇබර්න්ට ආවරණයක් වී තිබූ සහ ඇබර්න් සමඟ කණ්ඩායම් අරගලයේ දී සහයෝගීව හුන් වෙබර්, භේදයක පෙරදැක්ම ඉදිරියේ පසුබැස්සේය. ඇබර්න් හා මස්ට්ගේ භේදන ක්‍රියා මාර්ගයෙන් ප්‍රදර්ශනාත්මකව බිඳී ගිය ඔහු පක්ෂයේ එකමුතුව සඳහා එළිපිට ම දෘඩ ලෙස පෙනී සිටියේය. .. එම අරගලය සම්බන්ධයෙන් ඇබර්න්(ගේ ක්‍රියා කලාපය) ආවරණය කරනු සඳහා වෙබර්ට අවමන් කිරීම කෙතරම් ලජ්ජා සහගත ද? කෙතරම් සාපරාධී ද?
…. වෙබර් පක්ෂයට පක්ෂපාතියාගේ භූමිකාව ඉටු කරමින්, පක්ෂය භේද කළ හැකි අයගේ සැළසුම් අවුල් කර දැමීමට පක්ෂයට ආධාර කළේය. එම ක්‍රියාව පමණක් වුව, කණ්ඩායම් අරගලය තුළ වෙබර්ගේ දෝෂවලට වඩා අතිශය වැඩි බරකින් යුක්ත ය. එකල ෂැට්මන් හා බර්න්හැම් එසේ පිළිගත්හ. වඩාත් වෙනත් තීන්දුවක් උසුරුවා ලීමට ඔවුන් දැන් දරන වෑයම විසින් අපකීර්තියට පත් කෙරෙන්නේ ඔවුන් ම විනා, වෙබර් නම් නො වේ. …Read more

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 8 – III

ෂැට්මන්ට අනුව මෙම කල්ලියේ බඳවා ගැනීමේ විධික්‍රම මොනවා ද? අද මෙන් එදා ද: “… එය, සිය විරුද්ධවාදීන්ට විවෘතව සහ අවංකව මුහුණට මුහුණ දී කෙරෙන න්‍යායාත්මක අභිමුඛනයක විධික්‍රම මඟින් දිනා ගත් එකදු පක්ෂපාතියෙකු හෝ නැත. එහි විධික්‍රම වඩාත් වෙනස් ය: එය, ඇබර්න් විසින් රහසේ යවනු ලබන, එහෙත් පක්ෂය ඉදිරියේ ප්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීමට කිසිදා එඩිතර නො වන විෂකුරු ‘තොරතුරු සටහන්’ ලිපිවල එකක් කියයි; එළිපිට තවෙකක් කියයි.” …
එය නියෝජනය කරන්නේ කුමක් ද? “එය අපේ රුධිර ප්‍රවාහය තුළ – එනම්, මූලධර්මාත්මක විධික්‍රම මත තමන් පදනම් කර ගන්නා, කල්ලි දේශපාලනය හා පෞද්ගලික සංයෝජනතාවාදය පිළිකුල් කරන විප්ලවවාදී මාක්ස්වාදී ප්‍රවාහය තුළ – සෞඛ්‍යයට අහිතකර හා දුෂ්ට ප්‍රවාහයක් නියෝජනය කරයි. එහි කල්ක්‍රියාව, එහි ආචාරවිධි, එහි චාරිත්‍රවාරිත්‍ර, එහි විධික්‍රම එය අපේ ව්‍යාපාරයට පිටස්තර වූ පර්යායක් බවට පත් කරයි.” … Read more

Scroll to Top