නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය – සිව්වැනි කොටස
නිර්ධන පන්ති විප්ලවවාදියෙකුට පක්ෂය යනු ඔහුගේ ජීවන අභිමතාර්ථයේ ඒකාග්‍ර ප්‍රකාශනය වන අතර, ජීවිතයේ දී හා මරණයේ දී ඔහු ඒ සමඟ බැඳී සිටී. ඔහු පක්ෂානුරාගය දේශනා කරන අතර ම එය ක්‍රියාවට ද නංවයි. මක්නිසාදයත්, පක්ෂය නොමැතිව ඔහුගේ සමාජවාදී පරමාදර්ශය සාක්ෂාත් කළ නො හැකි බව ඔහු දන්නා නිසා ය. ඔහුගේ ඇසින්, පක්ෂය කෙරේ දක්වන ද්‍රෝහීත්වය හෝ වගකීම් විරහිතභාවය යනු අපරාධවලිනුත් දරුණුතම අපරාධයයි. නිර්ධන පන්ති විප්ලවවාදියා සිය පක්ෂය පිළිබඳ ව අභිමානවත් ය. ඔහු සියලු අවස්ථාවන් හි දී ලෝකය ඉදිරියේ එය ආරක්ෂා කරයි. විනයකින් තොරව පක්ෂය ප්‍රහාරක සංවිධානයක් ලෙස පැවැතිය නොහැකි හෙයින් නිර්ධන පන්ති විප්ලවවාදියා යනු විනයගත මිනිසෙකි. තමන් සුලුතරය වී ඇති විට ඔහු, මතභේදවල සත්‍ය තතු පරීක්ෂා කිරීමට නව සිදුවීම් සිදුවන තෙක් හෝ, ඒවා සාකච්ඡා කිරීමට නව අවස්ථා එළඹෙන තෙක් පක්ෂපාත පාක්ෂිකයෙකු ලෙස පක්ෂයේ තීරණයට අවනත වී එහි තීන්දු ක්‍රියාත්මක කරයි. …Read more