පසුගිය ජනවාරි 3 වන දින, “ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේද” යන මැයෙන් පේරාදෙණිය සරසවියේ පැවැත්වීමට නියමිත වූ දේශනය තහනම් කිරීමට එම සරසවියේ උප කුලපතිවරයා මැදිහත් වීම කෙරේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, සිසුන් ඇතුළු සරසවි ප්‍රජාව තුල මෙන් ම, ජාත්‍යන්තර වශයෙන් ද බලගතු විරෝධයක් ගොනු වෙමින් පවතී.
මෙම ප්රජාතන්ත්ර- විරෝධී ක්‍රියාව හෙලා දකිමින් හා ඊට විරෝධය පළ කරමින් socialist.lk වෙබ් අඩවියේ කර්තෘවරයා විසින් උපකුලපති වෙත යවන ලද ඊමේල් පණිවුඩය පහත දැක්වේ:
Socialist.lk ඩෙබ් අඩවිය
13/B මාකන්දල
මඩපාත, පිලියන්දල
වැඩ බලන උප කුලපති,
පේරාදෙනිය විශ්ව විද්‍යාලය
භාෂනයේ හා ප්රකාශනයේ ප්රජාතන්ත්රවාදී අයිතිය උල්ලංඝනය කිරීම
ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේද?” යන මැයෙන් පැවැත්වීමට නියමිත වූ දේශනය, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වන ඔබ විසින් අවලංගු කරනු ලැබීම ගැන අපගේ බලවත් විරෝධය ප්‍රකාශ කරමු. මෙය හුදෙක් භාෂනයේ හා ප්රකාශනයේ අයිතියට එල්ල කල ප්‍රහාරයකට එහා ගිය බුද්ධි විරෝධී පියවරකි.
විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට කිසියම් විෂයක් සාකල්‍යයෙන් ම වටහා ගැනීම සඳහා අවශ්‍ය අධ්‍යයනය විශ්ව විද්‍යාලයක් විසින් ම වලක්වනු ලැබීම ඔබ විස්තර කරන්නේ කෙසේ ද? විෂයක පැවැත්ම එහි සෑම බාහිර සහ අභ්‍යන්තර පරස්පර විරෝධයන් අධ්‍යනයෙන් තොරව සැබැවින් ම වටහා ගැනීමේ මාවතක් තිබේ ද? මේ කරුනු පැහැදිලි කිරීම ඔබේ වග කීමකි.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය වාර්තා කර ඇති පරිදි, “දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ, දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමය (දේවිශිසං) විසින් අනුග්‍රහය දක්වන ලද දේශනය ජනවාරි 03 දින ප.ව 3:30 ට පැවැත්වීමට නියමිතව තිබිනි. දේවිශිසං විසින්, දෙපාර්තමේන්තු ප්‍රධානී මහාචාර්ය උපුල් අබේරත්නගෙන් පූර්ව අනුමැතිය ලබාගෙන, දේශපාලන විද්‍යා අංශයේ අංක 86 කාමරයේ දේශනය පැවැත්වීමට කටයුතු යොදා තිබුනි.
අවසාන මොහෙතේ ඔබ එය අවලංගු කලේ සිසුන්ගේ, ආචාර්යවරුන්ගේ හා පොදුවේ මහජනතාවගේ ස්වාධීන අදහස්වලට පාලක පන්තියේ බිය සහ වෛරය ප්‍රකාශ කිරීමක් ලෙස බව අපි කියමු. මහජනයා සතු ප්රජාතන්ත්රවාදී අයිතිය උදුරා නො ගෙන දැන් ආන්ඩුව අනුයන මූල්‍ය අරමුදලේ කප්පාදු සැලසුම් ක්‍රියාවට දැමීමට හැකියාවක් නැත. එය ඒ තරමට ම ප්රතිගාමී ය. ඔබ එය හොඳින් දන්නෙහිය. ඔබේ තහනමමත් එය කෙතරම් මහජනයාට හතුරු වැඩ පිලිවෙලක් ද යන්නට සාක්ෂියකි. නමුත් මහජනයාට තමන්ට සිදුවන්නට යන්නේ කුමක්දැයි දැන ගැනීමට හා එයින් ගැලවෙන්නේ කෙසේ ද යන්න ගැන සාකච්ඡා කිරීමට අයිතියක් ඇත. ඔවුන්ට එසේ නො කර සිටිය නො හැක. අප සටන් වදින්නේ එම අයිතිය වෙනුවෙනි.
ප්රජාතන්ත්ර විරෝධී හා බුද්ධි විරෝධි මෙම ක්‍රියාව හෙලා දකින අපි, විශ්ව විද්‍යාලය තුල මෙවන් තත්වයක් නැවත සිදු නො කිරිමට ඔබ වග බලා ගනු ඇතැයි සිතමු. මේ වරද වහා නිවැරදි කිරීමට පියවර ගන්නා මෙන් අපි උදක් ම ඉල්ලා සිටිමු.
පී. කුරුප්පු
කතෘ,
socialist.lk
උප කුලපතිවරයාගේ මෙම ක්‍රියාවට එරෙහි ව මතු වී ඇති විරෝධය සම්බන්ධයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල වූ වාර්තාවට පහත සබැඳියෙන් පිවිසෙන්න:
ජාමූඅ කප්පාදුවලට එරෙහි සසජාතශි රැස්වීමට පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙන් පැනවූ තහනම: ශාස්ත්රාලිකයෝ, ශිෂ්‍යයෝ සහ මාධ්‍ය ක්රියාකාරිකයෝ උපකුලපතිගේ ප්රජාතන්ත්ර-විරෝධී පියවර හෙලා දකිති
මේ සම්බන්ධයෙන් socialist.lk හි පල වූ මුල් ලිපියට මෙතනින් පිවිසෙන්න.