සුලු ධනේශ්වර කල්ලිවාදයට එරෙහිව විප්ලවවාදී පක්ෂයක නායකත්වය සහ මාක්ස්වාදී මූලධර්ම – කොටස 1
කොටස 1
ජුලි 6 දා, නීතිඥයෙකු වන සංජය විල්සන්, මිගාර මල්වත්ත සහ සුනිල් මොරායස් යන ත්‍රිත්වය සසප වාම කන්ඩායමේ වෙබ් අඩවිය හා සියලු සංනිවේදන මාධ්‍ය පැහැර ගෙන පලා ගියහ. මාක්ස්වාදී මූලධර්මවලට ප්‍රතිපක්ෂව සසප වාම කන්ඩායම මෙහෙයවා ගැනීමට තමන් දැරූ උත්සාහය සහමුලින් ම අසාර්ථක වූ නිසා ඔවුහු මෙම තීන්දුවට එලඹුනහ. සසප වාම කන්ඩායම යනු 2014 සිට සසප වර්ධනයට බාධා වූ තත්වයන්ට එරෙහිව පක්ෂය තුල සටන් වැදී සිටි හා 2022 දී පක්ෂ නායකත්වය විසින් බොල්ෂෙවික් පිලිවෙත නො තකා නෙරපා හරිනු ලැබූ කන්ඩායම යි. 2021 අවසානය කාර්තුව දක්වා ම අප කන්ඩායමට විරුද්ධව සිටි විල්සන්ට පන්ති අරගලයේ වර්ධනය සමග පක්ෂ නායකත්වයෙන් තමන්ට එල්ල වූ පීඩනය නිසා අප අරගලය පිලි ගැනීමට සිදු විය. … Read more