නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 6-2
ඔහු බුද්ධිමය ස්ව-උත්කෘෂ්ටභාවයේ ව්‍යාධියෙන් පෙලෙතැයි මම සිතමි. කවරෙකුට නම් මෙය සුව කළ හැකි ද? ඉදින් ඔහු බෝල්ෂෙවික් කම්කරුවන්ගේ කණ්ඩායමක් සමඟ මුළුමණින් ම අනන්‍ය ව, ඔවුන්ගේ දෛනික ජීවිතයේ අරගලයෙහි ජීව ගුණයේ ආනුභාවය යටතට ගෙන ආ හැකි වී නම්, යමෙකුට මේ පිළිබඳ වඩාත් වැඩි අපේක්ෂාවක් තබන්නට හැකි වනු ඇත. එහෙත් අවහිරය ඇත්තේ එතැන ය. තමන් අපෙන් එකෙකු බවට පත්වීම ගැන හැඟීමක් ඔහුට සැබැවින් ම නැත. ඔහුට පක්ෂ කර්තව්‍යයන් යනු වෘත්තියක් නො ව අමතර නියුක්තියකි. .. ඔහුගේ සමාජමය පරිස්ථිතිය හාත්පසින් ම වෙනස් ය. සැබෑ බුද්ධිමතුන්ගේ මෙන් ම ව්‍යාජ බුද්ධිමතුන්ගේ ද ශාස්ත්‍රාලයීය ලෝකය දැන් පොදුවේ බරපතළ අසාරවාදයේ ද, සියල්ල පිළිබඳ නව සංශයවාදයක ද බරින් මැඬි ඇති බව ඔබ ඉතා හොඳින් දන්නෙහි ය. …
“බුද්ධිමය ස්ව-උත්කෘෂ්ටභාවයේ ව්‍යාධිය” – එය සුලුධනේශ්වරයේ ව්‍යාධියයි. … Read more