ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානය ආක්‍රමණය කරයි

නන්දන නන්නෙත්ති

ඊශ්‍රායලය අද දින (13 වන සිකුරාදා) අලුයම ඉරානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇත. ප්‍රධාන නගර මධ්‍යස්ථානය හා නේවාසික ගොඩනැගිල්ල ඉලක්ක කරගෙන එල්ල කර ඇති මෙම ප්‍රහාරය, 1980 ගණන් අග ඉරාන ඉරාකය යුද්ධය අවසන් වීමෙන් පසු එම ඉලක්ක වලට එල්ල වූ ප්‍රථම ප්‍රහාරයයි.

ඡායාරූපය: CNN

උක්ත ප්‍රහාරයෙන් විප්ලවවාදී ආරක්ෂක බලඇණියේ ප්‍රධානියා, හුසේන් සලයිමන්, මරණයට පත්වී ඇත. ඉරානයේ න්‍යෂ්ටික විද්‍යාඥයින් දෙපළක් ද මරණයට පත් වූවන් අතර සිටිති. ජනාකීර්ණ නාගරික ප්‍රදේශවලට එල්ල වූූ ප්‍රහාරයෙන් කුඩා ළමුන් ඇතුළු බොහෝ දෙනෙකු මරණයට පත් වූ බව වාර්තාවේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍යතාන්ත්‍රික මාර්කෝ රුබීසෝ, මෙම ප්‍රහාරයට වොෂින්ටනයේ සම්බන්ධයක් නැති බව පවසා ඇති නමුත්, “මෙම පියවර තමන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය වූ බව” ඊශ්‍රායලය පවසන්නේ යැයි ඔහු ප්‍රකාශ කර ඇත.

ඉරාන අධ්‍යාත්මික නායක අලී කමියුනි ප්‍රකාශ කර ඇත්තේ මෙයින් ඊශ්‍රායලයේ නීච ස්වභාවය පෙන්නුම් කරන බවත්, මෙම ප්‍රහාරය එල්ල කිරීමෙන් ඊශ්‍රායලය කටුක ඉරණමක් අත් කර ගැනීමට සූදානම් වන බවත් ය.

ප්‍රංශයේ මර්සලිස් වරායේ කම්කරුවෝ, ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරයන්ට විරුද්ධව නැගී සිටිමින් ඊශ්‍රායලයට යුද අවි පැටවීම ප්‍රතික්‍ෂේප කර තිබේ.

සියලු රටවල කම්කරුවන් හා සෙසු පීඩිතයන් යුද්ධයට විරුද්ධව ඒකාබද්ධව නැඟී සිටිය යුතුය. ලොව පුරා ඇවිලෙමින් පවතින යුද ගින්න නිවීමට සමත් වෙනත් මාවතක් නැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top