March 2025

Uncategorized

සංවිධානාත්මක අපරාධ පිලිබඳ සසප ප්‍රකාශයේ ව්‍යාකූලත්වය

සංවිධානාත්මක අපරාධ යනු පවතින ආර්ථික සංවිධානයේ කුනු වීමේ ප්‍රකාශනයකි. පුද්ගලික දේපල ක්‍රමයේ ඓන්ද්‍රීය අංගයන් වන වංචාව, දූෂනය, ත්‍රස්ත කිරීම්, ඊනියා සදාචාරයේ සියලු සලු පිලි උනා දමා ඇත. විරැකියාව හා දුප්පත්කම ලාබ ශ්‍රමය සම්පාදනය කර ගැනීමේ අවශ්‍යතාවක් වන්නා සේ ම අපරාධවලට ද තෝතැන්නක් වන්නේ ය.
මත්ද්‍රව්‍ය ජාවාරම නීති විරෝධී මාෆියාවක් විසින් නිර්මානය කරන ලද්දක් නො වේ. …
…මෙසේ මරනය පවා ඉක්මන් කරන රෝගාබාධයන් පෙනී පෙනී මිනිසුන් මේවාට ඇබ්බැහි වන්නේ ඇයි? මිනිසුන්ට අසහනය දරා ගත නො හැකි ය. ඔවුන්ට ප්‍රීතිය, සතුට හා සහනය අවශ්‍ය ය. ආර්ථික දේශපාලන අසමානතාවයේ ගිලී, ජීවත් වීම හා නො වීම අතර සිටින මිනිසුන්ට එම ප්‍රීතියට හා සහනයට සදාචාරාත්මක මාවතක් නැත. මත්ද්‍රව්‍යවලට ද අන් සියලු භාන්ඩවලට මෙන් ම ප්‍රයෝජ්‍ය වටිනාකමක් ලබා දෙන්නේ මෙම තත්වය විසිනි. ඒවා උත්තේජකයන් වන අතර, ශක්තීන්, සංවේදන හා සතුට වැඩි කල හැකි, ප්‍රීතිකාරක, විනෝදාත්මක හා මනෝභාවයන් වෙනස් කල හැකි ගුනයන්ගෙන් යුක්ත ය. මහජනයාගේ මූලික අවශ්‍යතා පවා සපුරාලීමට අසමත් ධනපති සමාජ ක්‍රමයට මෙම වෙලඳපොල තව දුරටත් පුලුල් වීම නො වැලැක් විය හැකි ය. ..
මෙම සමාජය අතිශයින් අනාරක්ෂිත ය. නීති විරෝධී මත්ද්‍රව්‍ය කර්මාන්තයේ වෙලඳපොල සඳහා තරඟය කන්ඩායම් අතර ලෙයින් විසඳා ගත යුතු වන අතර ජාත්‍යන්තර පරිමාන අපරාධ ජාලයන් නිර්මානය කරයි. මෙරට වර්තමානයේ ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ කල්ලි හා ඒවා විසින් කරනු ලබන මිනිස් ඝාතන සිදු කෙරී ඇත්තේ මෙම කොන්දේසි යටතේ ය. මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් අපරාධවලට පෙලඹීම සමාජ ව්‍යසනයේ බරපතල කොටසක් නියෝජනය කරයි. …Read more

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 8 – IV

සිය පෞද්ගලික බලපෑම ඇබර්න්ට ආවරණයක් වී තිබූ සහ ඇබර්න් සමඟ කණ්ඩායම් අරගලයේ දී සහයෝගීව හුන් වෙබර්, භේදයක පෙරදැක්ම ඉදිරියේ පසුබැස්සේය. ඇබර්න් හා මස්ට්ගේ භේදන ක්‍රියා මාර්ගයෙන් ප්‍රදර්ශනාත්මකව බිඳී ගිය ඔහු පක්ෂයේ එකමුතුව සඳහා එළිපිට ම දෘඩ ලෙස පෙනී සිටියේය. .. එම අරගලය සම්බන්ධයෙන් ඇබර්න්(ගේ ක්‍රියා කලාපය) ආවරණය කරනු සඳහා වෙබර්ට අවමන් කිරීම කෙතරම් ලජ්ජා සහගත ද? කෙතරම් සාපරාධී ද?
…. වෙබර් පක්ෂයට පක්ෂපාතියාගේ භූමිකාව ඉටු කරමින්, පක්ෂය භේද කළ හැකි අයගේ සැළසුම් අවුල් කර දැමීමට පක්ෂයට ආධාර කළේය. එම ක්‍රියාව පමණක් වුව, කණ්ඩායම් අරගලය තුළ වෙබර්ගේ දෝෂවලට වඩා අතිශය වැඩි බරකින් යුක්ත ය. එකල ෂැට්මන් හා බර්න්හැම් එසේ පිළිගත්හ. වඩාත් වෙනත් තීන්දුවක් උසුරුවා ලීමට ඔවුන් දැන් දරන වෑයම විසින් අපකීර්තියට පත් කෙරෙන්නේ ඔවුන් ම විනා, වෙබර් නම් නො වේ. …Read more

Science & Arts

මානව සංස්කෘතිය සෙසු සත්ත්වයන්ගේ සංස්කෘතියෙන් වෙනස් වන්නේ කෙසේද?

මානවයා යනු සංස්කෘතියක් ඇති – එනම්, පරපුරෙන් පරපුරට ලබා දුන් ජානමය අයුරින් නිර්නිත චර්යාවන් නොව, අලුතින් උගන්නා – එකම සත්ත්වයායැයි සිතූ කාලයක් විය. කෙසේවෙතත් දශක ගනනාවක පර්යේෂන හෙලිදරව් කර ඇත්තේ, අග්‍රේෂයන්, කාක පවුලේ පක්ෂීන් ආදී වශයෙන් වන තවත් සත්ත්ව විශේෂ ගනනාවකට ද සංස්කෘතියක් ඇති බවය. ඒ කොයිහැටි වෙතත්, මානව සංස්කෘතිය පැහැදිලිව ම අන් සියලු සත්ත්වයන්ට වඩා ගුනානාත්මක ලෙස සුවිශේෂී ය. අපේ පැවැත්ම ම උදෙසා අපි ඉතා සංකීර්න සංස්කෘතික උරුමයන් මත රඳා සිටිමු. මෙම වෙනසට හේතුභූත වූයේ කුමක් ද? එය හුදෙක් මට්ටම් සම්බන්ධ ප්‍රශ්නයක් ද? නැතහොත් මානව සංස්කෘතිය සම්බන්ධ කිසියම් අද්විතීය දෙයක් වේ ද? … Read more

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 8 – III

ෂැට්මන්ට අනුව මෙම කල්ලියේ බඳවා ගැනීමේ විධික්‍රම මොනවා ද? අද මෙන් එදා ද: “… එය, සිය විරුද්ධවාදීන්ට විවෘතව සහ අවංකව මුහුණට මුහුණ දී කෙරෙන න්‍යායාත්මක අභිමුඛනයක විධික්‍රම මඟින් දිනා ගත් එකදු පක්ෂපාතියෙකු හෝ නැත. එහි විධික්‍රම වඩාත් වෙනස් ය: එය, ඇබර්න් විසින් රහසේ යවනු ලබන, එහෙත් පක්ෂය ඉදිරියේ ප්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීමට කිසිදා එඩිතර නො වන විෂකුරු ‘තොරතුරු සටහන්’ ලිපිවල එකක් කියයි; එළිපිට තවෙකක් කියයි.” …
එය නියෝජනය කරන්නේ කුමක් ද? “එය අපේ රුධිර ප්‍රවාහය තුළ – එනම්, මූලධර්මාත්මක විධික්‍රම මත තමන් පදනම් කර ගන්නා, කල්ලි දේශපාලනය හා පෞද්ගලික සංයෝජනතාවාදය පිළිකුල් කරන විප්ලවවාදී මාක්ස්වාදී ප්‍රවාහය තුළ – සෞඛ්‍යයට අහිතකර හා දුෂ්ට ප්‍රවාහයක් නියෝජනය කරයි. එහි කල්ක්‍රියාව, එහි ආචාරවිධි, එහි චාරිත්‍රවාරිත්‍ර, එහි විධික්‍රම එය අපේ ව්‍යාපාරයට පිටස්තර වූ පර්යායක් බවට පත් කරයි.” … Read more

Scroll to Top