Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 12-I

ස්ටැලින්වාදී නිලධරය නියෝජනය කරන්නේ, කම්කරු රාජ්‍යයක පදනම මත ඉතිහාසයේ ප්‍රථම වරට පහල වූ වරප්‍රසාදිත සමාජ කණ්ඩායම් ය. ස්ටැලින්වාදයේ සැබෑ අබිරහස විසඳීමේ යතුර සොයා ගත්තේ මාක්ස්වාදීහු – එනම්, ට්‍රොට්ස්කිවාදීහු – පමණක් වෙති. ඔවුහු පළමුව එහි සමාජ පදනම හෙළිදරව් කළෝය. එහි වරප්‍රසාද හා සුවිශේෂී උත්සුකයන්, බහුජනයාගේ සමාජවාදය කරා වන ප්‍රයානයේ දී එකී ජනයාගේ උත්සුකයන් සමඟ සමනය කළ නොහෙන ආකාරයෙන් ගැටෙන බව ඔවුහු පෙන්වා දුන්නෝය. තම සුවිශේෂී උත්සුකයන්ට සේවය කිරීම් වස් පක්ෂයේ වැඩ පිළිවෙලට හා සම්ප්‍රදායයට ප්‍රතිවිරුද්ධ වූ පිළිවෙත් රේඛාවක් හඳුන්වා දීමට ස්ටැලින්වාදී නිලධරයට සිදු විය. එවැනි පිළිවෙතක් පක්ෂය මත හා රට මත පැටවීමට පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය මැඩ පැවැත්වීමටත්, නිලධාරීවාදී ප්‍රචණ්ඩත්වය යොදා තමන්ගේ පිළිවෙත් රේඛාව බලහත්කාරයෙන් පවත්වා ගෙන යාමටත්, පක්ෂ යාන්ත්‍රණයේ සියලු බලය සංකේන්ද්‍රණය කිරීමටත් ඔවුන්ට සිදු විය. 

…. ස්ටැලින්, තවත් සුවිශේෂී අධිකාරිත්වයක් දැරූ නායකයෙකු වූ ලෙනින්ට හාත්පසින් ම වෙනස් වර්ගයක “නායකයෙකු” ලෙස පෙනී සිටී. ඔහු සිය ස්ථානයට නැඟී ඇත්තේ සහමුලින් ම වෙනස් භාවිතයකිනි. ලෙනින් නම් මාක්ස්වාදියා සහ විප්ලවවාදියා, මහජන උත්සුකයන් තථ්‍යාකාරයෙන් ප්‍රකාශයට පත් කළ අතර, ඔහු දැරූ ස්ථානය පවත්වා ගැනුනේ නිර්ධන පන්තියේ වඩාත් ම සවිඥානක කොටසේ කැමැත්ත, හා ඇත්තෙන්ම ආදරය ද, මත ය. එහි ප්‍රතිඵලයක් ලෙස ලෙනින් ජනයා මත රඳා සිටි අතර, රට තුළ සහ පක්ෂය තුළ වරප්‍රසාද ලත් කොටස්වලට එරෙහිව එකී ජන සහයෝගය බලමුලු ගැන්වීම සඳහා පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය විය. ස්ටැලින් නම් සංශෝධනවාදියා සහ විප්ලවය පාවාදෙන්නා සිය ස්ථානය කරා නැඟුනේ මහජනයාගේ ස්වේච්ඡාමය අපේක්ෂාව මත නො ව, එකී අපේක්ෂාවන්ට එරෙහිව වරප්‍රසාද ලත් කණ්ඩායම් සිදු කළ අරගලය තුළිනි. ස්ටැලින් “නායකයා” වූයේ ජනයා ඔහුට “ආදරය” කළ නිසා නො වේ; ඔහු ආඥාදායක බලය වූ හෙයින්, ජනගහනයේ වරප්‍රසාදිත කොටස්වල බේරුම්කරු, ආරක්ෂකයා සහ හොඳම නියෝජිතයා ලෙස ඔහුගේ ස්ථානය සවිමත් කරනු වස් සිය කීර්ති නාමය කෘත්‍රිම ව පුම්බා ප්‍රවර්ධනය කළ යුතු සෝවියට් බොනපාට්වරයා ඔහු වූ හෙයින්, ඔහුට “ආදරය” කිරීම අනිවාර්ය වේ. ඉදින් යමෙක් මේ ගැන නො එකඟ වෙත් ද, ඔහුට ඒත්තු ගැන්වීමට GPUව (සෝවියට් රාජ්‍ය ඔත්තු සේවය) සිටී. … Read more     

Politics & Economy

පලාත් සභා මැතිවරනය 2025, පන අදින පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ සලකුනක්

තමන් බලය ගත් මාස හයට කල වැඩ අන් කවර ආන්ඩුවක්වත් කර නැතැයි ජාජබ පවසන්නේ එවන් පසුබිමක ය. එම වැඩ මොනවා ද? විරැකියාවට හා දරිද්‍රතාවට විසඳුම් කෙසේ වෙතත්, රාජ්‍ය ආයතන වසා දැමීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීම හෝ විකුනා දැමීමේ සැලසුම් ඉදිරියට යමින් තිබේ. රාජ්‍ය ආයතන 12ක් වසා දැමීමට රජය පෙබරවාරී මාසයේ තීරනය කලේ ය. වර්ග කිලෝ මීටර් තුනෙන් තුනට එක පාසැලක් හදන බවට පොරොන්දු දුන් ජාජබ සිසුන් 100 අඩු පාසැල් 100ක් වසා දැමීමට තීන්දු කලේය. නො ඉවසිය හැකි මට්ටමකට බදු ඉහල දැමුවේ ය. මෙහිදී, කලින් බදු අය නො කල අත්‍යවශ්‍ය භාන්ඩ කිහිපයක් ම අලුතින් බද්දට යටත් කරන ලදී.

රාජ්‍ය මර්දනය පෙර මෙන් ම ඉදිරියට ගෙන යමින් නිදහසට හා ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩක් නැති බව නැවතත් තහවුරු කර ඇත. අවලංගු කරනවායැයි පොරොන්දු වූ ත්‍රස්ත විරෝධී පනත ජාජබ ආන්ඩුව ද පෙර පැවති ආන්ඩු මෙන් ම යොදා ගනී. ඒ අතර අධිකරන ක්‍රියා පටිපාටියකින් තොරව හිතු හිතු ආකාරයට මිනී මැරීමට පොලිසියට අනුග්‍රහය ලබා දීම ද නො නැවතී සිදුවේ. …

ඉතා ඉක්මනින් සිය මහජන පදනම් පතුලටම සිඳී යනු ඇති බව ආන්ඩුව නිසැකයෙන් ම දැන සිටී. ආන්ඩු බලය ගැනීමට පෙර සිටම ඔවුන්ගේ උපදේශකයන් යෝජනා කලේ සියලු අමාරු දේ මුල් මාස හය තුල ඉටු කර ගැනීම අවශ්‍ය බව ය. ඉන් අනතුරුව ආන්ඩුවේ ජනප්‍රියත්වය නැතිව යන බව ඔවුහු නිවැරදිව පෙරදුටහ. ..Read more 

Uncategorized

කොලඹ පකිස්තානු මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ප්‍රතිගාමී උද්ඝෝෂනය

ඉන්දියාවේ ක්‍රියාත්මක වර්ගවාදී, මුස්ලිම් විරෝධී පක්ෂයක් වන, සිව සේනා නමින් එහි අනුග්‍රහය ලබන සංවිධානයක් දැනටමත් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක ය. මෙවන් ව්‍යාපාර ඉන්දියාවේ හින්දු ධනපති පන්තියේ අවශ්‍යතාවන්ට අවකාශ සලසා ගැනීමේ උපකරන ලෙස පවතී. …

ඉන්දු පකිස්ථාන් යුද්ධය, 1947 දී මේ නිදහස ලබාදීමේ ආවරනය යටතේ, බෙදා පාලනය කිරීමේ මූලෝපාය ක්‍රියාවට නංවමින්, ජීවමාන ජාතීන් දෙපලු කර ලේ ගලන තුවාල නිර්මානය කල අධිරාජ්‍යවාදයේත්, ඔවුන් නිර්මානය කල කොල්ලකාරී ලෝක පර්යායයේත් ඍජු ප්‍රතිඵලයකි. පන්ජාබය, කාශ්මීරය හා බෙංගාලය කපා වෙන් කරමින් ද, ඉන්දියාව හා පකිස්තානය ලෙස ආගම් මත පදනම් වූ ප්‍රතිගාමී රාජ්‍යයන් පිහිටුවමින් ද ඇති කල ඒ තුවාල ඔඩු දුවමින් මේ වනවිට ඉන්දු-පකිස්තාන යුද්ධ ගනනාවක් ද, හින්දු-මුස්ලිම් ගැටුම් අපමන සංඛ්‍යාවක් ද අවුලුවා විශාල ජීවිත විනාශයකට පාර කපා ඇත. …Read more 

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 11-III

පක්ෂයේ නිර්ධන පන්ති කොටස තුළ සිය ගරුත්වයට යටි වළ කපා ඇති ආකාරය පිළිබඳව සුළු ධනපති කණ්ඩායමේ නායකයෝ නිරතුරුව මැසිවිලි නඟති. එහෙත් ඔටෝ අර්බුදයේ දී හා මිනියාපොලිස් ලෝකල් මැතිවරණවල දී එවැනි භාවිතයන් හා විධික්‍රම උපයෝගී කර ගැනීම මඟින් ඔවුන් තමන්ට ම එල්ල කරගත් මුෂ්ටි ප්‍රහාර ඉක්මවා යන ප්‍රහාරයන් ඔවුන්ගේ බලපෑමට හා අධිකාරියට එරෙහිව එල්ල කිරීමට, ඔවුන්ගේ වඩාත් ම අනර්ථකාමී සතුරාටවත් නො හැකි වනු ඇත. Read more 

Uncategorized

වැලිඔය පොලිසිය, හැලඹවැව පදිංචි 8 හැවිරිදි දරුවෙකු ප්‍රාන ඇපයට ගනී

පසුගිය 28 දින හැලඹවැව ගම්මානයේ වරෙන්තුකාරියක අත්අඩංගුවට ගැනීමට ගිය වැලිඔය පොලිස් ස්ථානාධිපති ඇතුලු නිලධාරීන් පිරිසක්, ඇගේ 8 හැවිරිදි දරුවා රැගෙන ගොස් රාත්‍රියක් පුරා පොලිසියේ රඳවා ගෙන සිටි බව පුවත්පත් වාර්තා කර ඇත. …Read more 

Uncategorized

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ජාත්‍යන්තර මැයි දින රැලියට එක්වන්න!

න්‍යෂ්ටික යුද්ධයක අනතුර දැන් මේ කලාපයේ ම ජනයා වහා මුහුන දිය යුතු අභියෝගයක් බවට පමුනුවා ඇත. ධනේශ්වරයේ ජාත්‍යන්තර පරිමාන අර්බුදයේ ප්‍රකාශනයන් ලෙස මතු වී ඇති මෙම අනතුරු කවර හෝ ජාතික වැඩ පිලිවෙලකින් විසඳිය නොහැකි ඒවා ය. මේ බරපතල අන්තරායයන් හමුවේ, යුද්ධයට හා ෆැසිස්ට්වාදයට එරෙහිව ජාත්‍යන්තර ක්‍රියා මාර්ගයක් විස්තාරනය කර ගැනීම කම්කරු පන්තියේ න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ අංකය බවට පත් වී ඇත.

එකී ක්‍රියා මාර්ගික වැඩ පිලිවෙල සාකච්ඡා කෙරෙන එකම ජාත්‍යන්තර මැයි රැලිය වන්නේ හජාජාක / ලෝසවෙඅ සංවිධායකත්වයෙන් පැවැත්වෙන මෙම මැයි දින රැලියයි. …Read more 

Politics & Economy

ඉන්දීය ජම්මු කාශ්මීරයේ පැහැල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු

1947 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් හා ඉන්දීය කොන්ග්‍රසයේ සහයෝගයෙන් ජීවමාන ඉන්දියාව කපා වෙන් කිරීමට ගත් තීන්දුව අදටත් කෝටි සංඛ්‍යාත ජනතාවගේ ජීවිත තලා දමමින් ක්‍රියාත්මක වේ. ජම්මු කාශ්මීර අර්බුදය 1947 ඉන්දියාව බෙදීමේ ඍජු ප්‍රතිඵලයකි. … අද දින දෙරටෙහි ජනතාව මුහුණ දී සිටින්නේ මෙම ව්‍යසනයටයි.

එහෙත් මෙවර ඉන්දු-පාකිස්ථාන අර්බුදය පැන නැඟී ඇත්තේ, ඇමරිකානු අධිරාජ්‍යවාදය සිය ලෝක ආධිපත්‍යය සඳහා ලෝක ගෝලයේ විවිධ මර්මස්ථානවල දියත් කර ඇති යුද්ධ මාලාවක් මධ්‍යයේ වීම එක් විශේෂයකි. දෙවැනි විශේෂත්වය නම්, දැන් මේ දෙරටම න්‍යෂ්ටික අවි අත්හදා බලා තිබීමයි. එබැවින්, .. ඉහත ගැටුම්වලට වඩා, මෙවර ගැටුම තුල, කලාපීය සීමා ඉක්මවා යන අතිශය අන්තරායකර විභවයක් ගැබ්ව පවතී. Read more 

Politics & Economy

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 11-II

අපේ පක්‍ෂ “තන්ත්‍රය” නිලධරයක් නො වන අතර, එය කණ්ඩායමක් හෝ කල්ලියක් ද නො වේ. එය වූ කලී, කර්කශ ආර්ථික දණ්ඩනයන්ගේ වියදම දරමින්, තමතමන්ගේ කුශලතාවයන්, ධාරිතාවයන්, අත්දැකීම් හා පක්ෂයට සේවය කිරීමට ඇති සූදානමට අනුව විවිධ කර්තව්‍යයන් ඉටු කරන තෝරා ගත් පුද්ගල කණ්ඩායමකි. ඔවුන් තෝරා ගැනීමෙහි ලා “අනුග්‍රහයක” අංශුමාත්‍ර හෝ බලපෑමක් නො මැත; එවැන්නක් පිළිබඳ හුදු යෝජනාව ම වුව; විශේෂයෙන් ම, සාමාන්‍යයෙන් සිදුවන පරිදි, කිසිවිටෙකත් රාත්‍රී භෝජනයක් සඳහා වෙන් කරගත් කාලය විප්ලවය වෙනුවෙන් අහිමි කර නො ගන්නා, ඉතා සුවපහසු ලෙස ස්ථානගත වී සිටින හුදු රසිකයන්ගෙන් නැඟෙන විට, එය දරා ගත නොහැකි අපහාසයක් වෙයි. එමෙන්ම, පක්‍ෂ නිලධාරීන් තෝරා ගැනීමේ දී කවර හෝ කාණ්ඩමික වෙනස්කම් කිරීමක් හෝ අනුග්‍රහ දැක්වීමක් තිබූ බවට චෝදනාවක් යුක්තියුක්ත ලෙස ඉදිරිපත් කළ නො හැක. මධ්‍යස්ථානයේ, විශේෂයෙන් ම කර්තෘ මණ්ඩල හා කාර්යාලයීය තනතුරු තුළ විපක්‍ෂය නියෝජනය වී ඇත, ඉතා හොඳින් නියෝජනය වී ඇත. …Read more 

Uncategorized

Nanda Wickramasinghe (1939–2025): A Life Devoted to the Unrelenting Struggle for Permanent Revolution”

Born in 1939 — a year when the flames of the imperialist Second World War were engulfing the globe — Wicks passed away at a time when the world is heated up with intense struggles emerging to defend democratic rights and oppose the looming plans for a Third World War. …

Although personal circumstances existed that could have allowed him to lead a more comfortable life, Wicks never believed there was any greater fulfillment than dedicating himself as a full-timer at the party’s call. He held that the most important task in a person’s life is to dedicate oneself to the path of progress — the cause of social revolution. As James P. Cannon, the Trotskyist leader in the United States, once stated: “The party honours and respects its professional staff. It considers the occupation of a professional revolutionist to be the most honourable of all occupations. The highest aspiration and ambition of every young party member should be to qualify himself for such a profession in life.” …Read more 

Uncategorized

නොනවතින විප්ලවය සඳහා අඛන්ඩව සටන් වැදුනු වික්ස්  සහෝදරයා

අධිරාජ්‍යවාදී දෙවන ලෝක යුද්ධයේ ගිනි පුපුරු දැල්වෙමින් තුබූ 1939 වසරේ උපන් වික්ස් අභාවප්‍රාප්ත වන්නේ, තෙවන ලෝක යුද්ධ සැලසුම්වලට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීම උදෙසා මතු වී වැඩෙන ජාත්‍යන්තර කම්කරු පන්තියේ තියුනු සටන් රැල්ලක් ලෝකය අත් දකිමින් සිටින තතු තුල ය. …

තමන්ට සුව පහසු ජීවිතයක් අත් කර ගැනීමට අවශ්‍ය පෞද්ගලික කොන්දේසි පැවතුනත්, පක්ෂයේ ඉල්ලීමට අවනතව පූර්නකාලිකයෙකු ලෙස ක්‍රියාත්මක වීම තරම් වෙනත් සුවයක් ගැන වික්ස් විශ්වාස නො කලේ ය. කෙනෙකුගේ ජීවිතයේ අතිශය වැදගත් කටයුත්ත නම්, ප්‍රගතියේ මාවත වන, සමාජ විප්ලවය වෙනුවෙන් කැප වීම ය. ඇමරිකාවේ ට්‍රොට්ස්කිවාදී නායකයෙකුව සිටි ජේම්ස්. පී. කැනන් පැවසූ පරිදි, “පක්ෂය එහි වෘත්තීයමය කාර්ය මණ්ඩලයට ගෞරව බහුමාන දක්වයි. වෘත්තීයමය විප්ලවවාදීන්ගේ රැකියාව සියලු රැකියා අතර වඩාත් ම ගරු කටයුතු එක වශයෙන් එය සළකයි. සෑම තරුණ පක්ෂ සාමාජිකයෙකුගේ ම ඉහළතම ප්‍රාර්ථනාව හා අභිලාෂය විය යුත්තේ සිය ජීවිතය තුළ එවන් වෘත්තිකයෙකු වීමට සුදුස්සෙකු වීමයි.” Read more

Scroll to Top