පලාත් සභා මැතිවරනය 2025, පන අදින පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ සලකුනක්
තමන් බලය ගත් මාස හයට කල වැඩ අන් කවර ආන්ඩුවක්වත් කර නැතැයි ජාජබ පවසන්නේ එවන් පසුබිමක ය. එම වැඩ මොනවා ද? විරැකියාවට හා දරිද්‍රතාවට විසඳුම් කෙසේ වෙතත්, රාජ්‍ය ආයතන වසා දැමීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීම හෝ විකුනා දැමීමේ සැලසුම් ඉදිරියට යමින් තිබේ. රාජ්‍ය ආයතන 12ක් වසා දැමීමට රජය පෙබරවාරී මාසයේ තීරනය කලේ ය. වර්ග කිලෝ මීටර් තුනෙන් තුනට එක පාසැලක් හදන බවට පොරොන්දු දුන් ජාජබ සිසුන් 100 අඩු පාසැල් 100ක් වසා දැමීමට තීන්දු කලේය. නො ඉවසිය හැකි මට්ටමකට බදු ඉහල දැමුවේ ය. මෙහිදී, කලින් බදු අය නො කල අත්‍යවශ්‍ය භාන්ඩ කිහිපයක් ම අලුතින් බද්දට යටත් කරන ලදී.
රාජ්‍ය මර්දනය පෙර මෙන් ම ඉදිරියට ගෙන යමින් නිදහසට හා ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩක් නැති බව නැවතත් තහවුරු කර ඇත. අවලංගු කරනවායැයි පොරොන්දු වූ ත්‍රස්ත විරෝධී පනත ජාජබ ආන්ඩුව ද පෙර පැවති ආන්ඩු මෙන් ම යොදා ගනී. ඒ අතර අධිකරන ක්‍රියා පටිපාටියකින් තොරව හිතු හිතු ආකාරයට මිනී මැරීමට පොලිසියට අනුග්‍රහය ලබා දීම ද නො නැවතී සිදුවේ. …
ඉතා ඉක්මනින් සිය මහජන පදනම් පතුලටම සිඳී යනු ඇති බව ආන්ඩුව නිසැකයෙන් ම දැන සිටී. ආන්ඩු බලය ගැනීමට පෙර සිටම ඔවුන්ගේ උපදේශකයන් යෝජනා කලේ සියලු අමාරු දේ මුල් මාස හය තුල ඉටු කර ගැනීම අවශ්‍ය බව ය. ඉන් අනතුරුව ආන්ඩුවේ ජනප්‍රියත්වය නැතිව යන බව ඔවුහු නිවැරදිව පෙරදුටහ. ..Read more