මිනිඇපලස්හි හෙද නිලධාරියා ඝාතනය
ප්‍රිටි ඝාතනය වූ කලී, ICE බලකාය විසින් සිය ප්‍රාන්තය ග්‍රහණයට ගෙන සිටීමට හා එහි ක්‍රියාත්මක පොලිස් රාජ්‍ය තතුවලට එරෙහිව ඊට ඉහත දිනයේ මිනසෝටාහි ලක්ෂයකට අධික ජනයා පෙළපාලි දැක්වීමට එරෙහිව දැක්වුණු ට්‍රම්ප්ගේ අපරාධකාරී තන්ත්‍රයේ ප්‍රතික්‍රියාව විය.
ඇමරිකානු ඩොලරයේ අගය කිසිදා කිසිවෙකු විසින් පෙර නො දක්නා ලද මට්ටමකට ඇද වැටී ඇත. කෙටි කලෙකට ඉහත දී ලෝක මූල්‍ය කතිපයාධිකාරීන් තිගස්සවමින් රන් අවුන්සයක අගය ඇ. ඩොලර් 4,000 ඉක්මවා ගිය අතර අද එය ඇ.ඩො. 5,000 ද ඉක්මවා ඇත. මෙය ලොව පුරා ම ඇමරිකානු ඩොලරය පිළිබඳ විශ්වාසනීයත්වය මුළුමනින් දෙදරවන තත්ත්වයකි. එහි ජාතික ණය ඩොලර් ට්‍රිලියන 40 ඉක්මවා යයි. එක්සත් ජනපදය පසුවන්නේ රාජ්‍ය බංකොලොත් භාවයේ එළිපත්තේ ය. ආර්ථිකය අගාධයක මුවවිට වෙළෙවි වෙමින් පවතිද්දී පාලක ප්‍රභූහු සිය ධනය හා බලය රැක ගැනීම සඳහා වියරුහුණු ප්‍රයත්නයක යෙදෙමින් රුදුරු ලෙස මහජනයා මත කඩා පනිති.
ඇලෙක්ස් ප්‍රිටි ඝාතනය, මිනිඇපලස්හි මුදා හැරෙමින් පවතින පැරාමිලිටරි ත්‍රස්තවාදය දැවැන්ත ලෙස උත්සන්න කිරීමක් සනිටුහන් කරයි. එකී උත්සන්නිය වූ කලී, කැරළි පනත බලාත්මක කර, ඇමරිකාවේ සියලු නගර මිලිටරි ග්‍රහණයට නතු කර, එක්සත් ජනපදය තුළ ජනාධිපති ඒකාධිපතිත්වයක් පිහිටුවා ලීමේ කුමන්ත්‍රණයක කසකරුවා ය. … Read more
